මෙම මස තෙවැනි සතියේ සිට ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 69 වැනි මහා සමුළුව පැවැත්වෙන කාලය අතරතුරදී ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකා ජනපතිවරයා එළැඹෙන 25 වැනිදා සමුළුව ඇමැතීමට නියමිත අතර ඉන්දියා අගමැති මෝදි සමුළුව අමතනු ඇත්තේ 27 වැනිදාය.
දෙදෙනාම සමුළුව ඇමැතීමෙන් පසු සාකච්ඡා පැවැත්වීමට ඉඩ ඇතැයි සඳහන්ය.
සාකච්ඡාවේදී සැළැකිල්ලට ගනු ඇතැයි සිතිය හැකි කරුණු ගැනද මත ඉන්දියා මාධ්‍ය මත පළ කර තිබේ.
ඒවාට අනුව සාකච්ඡාවේදී ප්රධානකොටම සැළැකිල්ලට ගැනෙනු ඇත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිඹදවය.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් හා අගමැති මෝදි අතර පැවැත්වුණු හමුවේදී සාකච්ඡාවට බදුන්වූ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනපතිවරයා දැනුම්වත්කිරීමද මෙහිදී සිදුවනු ඇතැයි සදහන්ය.
හමුවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව ඇපකැපවී ක්‍රියාකරනු ඇතැයි මෝදි ඔවුන්ට සහතිකවී ඇත.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මෝදි , මහින්ද හමුවක් නිව්යෝක් නුවරදී?
ධම්ම Wednesday, 03 September 2014 04:15 AM
අපේ රටේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන හෝ නොකරන එක අපේ වැඩක්නේ. ඇයි වෙන රටවල් ඒකට ඇඟිලි ගහන්නේ. (නි)
ඉසුරන්දි Wednesday, 03 September 2014 04:25 AM
කාටවත් අපේ රටේ ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න අයිතියක් නැහැ.ඒවාට අපේ රටේ උගතුන් ඉන්නවනේ. (නි)
සම්පත් Wednesday, 03 September 2014 02:42 PM
මෝඩි ලංකාවේ ප්‍රශ්න විසඳන්න එන්නේ ඉන්දියාවේ ප්‍රශ්න විසදලා ඉවරවෙලාද නැතිනම් ඉන්දියාවේ ප්‍රාන්තයක් කියල හිතාගෙනද? (අ)
ගාමිණී සිරිවර්දන Tuesday, 02 September 2014 06:28 PM
කේරළයෙන් ගංජා, ලංකාවෙන් රත්‍රං ප්‍රවාහනයත්, මුහුදු සීමාවල මසුන් ඇල්ලීමත් දෙරටේ ප්‍රශ්නයක්. 13 ව්‍යවස්ථා ප්‍රශ්නයද අප විසින් විසඳාගත යුතු ප්‍රශ්නයක්. (නි)