‘තමන්ගේ සෑම දරුවකුම ඉන්දියාවට එරෙහිව සටන් කිරීමට සූදානම්‘ යැයි උර්දු බසින් සඳහන් කළ පණිවිඩයක් ගැට ගසා පැමිණ සිටි පරවියකු ඉන්දීය දේශ සීමාවේ දී සොයාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
පන්ජාබ්හි පතන්කොට් ප්‍රදේශයේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් පරවියා සොයාගනු ලැබූ අතර එම පණිවිඩය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලියා ඇතැයි ද කියති.
තමන් 1971 සිටි පකිස්තානුවන් නොවන බවද එහි සඳහන්වී තිබූ බව ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රධානියකු කියා සිටියේය. අවසන් වරට ඉන්දියාව හා පාකිස්තානය අතර ප්‍රධාන යුද ගැටුමක් පැවතියේ 1971 වසරේ දීය. එබැවින් මෙම පණිවිඩය සුළුවෙන් සැලකිය නොහැකි බවද එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.
මේ අතර මෙම සිදුවීමට පෙර දිනයේ එම ප්‍රදේශයෙන්ම එම පණිවිඩයම සටහන් කර එවා තිබූ බැලූන දෙකක් සොයා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත්ව තිබූ බවද වාර්තාවේ.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මෝදිට පරවියකුගෙන් පණිවිඩයක්
නිරංජන් Tuesday, 04 October 2016 05:10 AM
ඊට පස්සේ පරෙවියන්ගේ ගැට ගහලා බෝම්බ එවාවිද දන්නේ නැහැ.(හේ)
මොහොමඩ් Tuesday, 04 October 2016 06:11 AM
පාකිස්තානය අපට හුගක් මිතුරු රටක්.පකිස්තානයට ජයවේවා.(ම)
ටෙනිසන් Wednesday, 05 October 2016 02:54 AM
ආයෙත් පරණ ක්‍රමයට පණිවුඩ එවන්න පටන් අරගෙනද? (නි)
සමන් Thursday, 06 October 2016 07:25 AM
මේ ගැටුම සමතයකට පත්කරන්න අපේ අගමැති තුමා මැදිහත් විය යුතුයි . එදා ජේ . ආර් . ජයවර්ධන ශ්‍රී මතානන් කටයුතු කළා සේ.. .. නහි වේරේන වේරානි .. (ම)
ඉෂාන් Tuesday, 04 October 2016 09:33 AM
මේ ප්රශ්නය දුර දිග යනවා වැඩියි වගේ.(හේ)
රසික Tuesday, 04 October 2016 10:15 AM
මම ඉතාම අකමැති රටවල් දෙකක් (හේ)
අංජලී Thursday, 06 October 2016 10:40 AM
අපේ රට ළගම යුද්ධයක් යනවා කියන්නේ, ඒක අපිටත් තර්ජනයක්. ඒක නිසා ඕක ඉක්මනින්ම සාමකාමි ලෙස විසදගන්නවා නම් හොදයි. (ර)
සහන Thursday, 06 October 2016 11:17 AM
යුද්දයක් පටන් ගත්තොත් අපි පකිස්ථානයට සහයෝගය දිය යුතුයි. මොකද අපි කොටි එක්ක යුද්ද කරපු කාලේ ඉන්දියාව අපිට ආයුද දෙන්න බැහැ කියනකොට අපිට උදව් කලේ පකිස්ථානයයි. (ර)
ඉසුරන්දි Tuesday, 04 October 2016 01:08 PM
කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් යුධගැටුම් නම් කිසිම දේශයක ඇති නොවේවා යන්නයි මගෙනම් පැතුම. (ර)
සිරිල් Thursday, 06 October 2016 02:42 AM
යුද්ධය ඉතාමත් කුරිරුයි. ඒත් ලෝකයටම පිළිලයක්වූ සම්භවයක් ඉන්න රටකට මොන අනුකම්පාවක්ද? (නි)
පිටිගල Tuesday, 04 October 2016 02:43 PM
එහෙනම් දැන් යුද්ධය පටන් ගනි.(හේ)