රුසියානු ධීවරයන් ඇල්ලූ මාළු කා දැමීමට පැමිණි යෝධ දැල්ලකුගේ ඡායාරූප කැමරාවට නතු කැර ගැනීමට පසුගිය දා එම ධීවරයෝ සමත් වූහ. මෙතෙක් මිත්‍යා කතාවලට පමණක් සීමා වී සිටි යෝධ දැල්ලන් සැබැවින්ම මහ මුහුදේ ජීවත්වන බවට එය සාක්ෂියක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අල්ලාගත් විශාල මාළුවෙක් ධීවර යාත්‍රාවට ගැනීමට උත්සාහ කරමින් සිටිය දී හදිසියේම එතැනට කඩා පණින මේ යෝද දැල්ලා මාළුවා ඩැහැ ගැනීමේ උත්සාහයක නිරතවෙයි. ධීවර යාත්‍රාවේ ඇති කොකු හා යකඩ කූරු උපයෝගී කරගෙන දැල්ලාට පහර දෙන විට ඌ මාළුවා අතහැර යයි. තම ගොදුර වැරදී ගිය ද මෙම යෝධ දැල්ලා ධීවර යාත්‍රාව අසළ ටික වේලාවක් ගැවසුණු බව ද ධීවරයෝ කියති.
ග්‍රීක හා නෝර්වේජියානු මිත්‍යා කතාවලට අනුව යෝධ දැල්ලා යනු බියකරු සත්ත්වයෙකි. මේ යෝද දැල්ලන් පිළිබඳ කතාන්තර ඇතැම් රටවල බෙහෙවින් ජනප්‍රියය. ඒ කතාවල පැවසෙන තරම් විශාල නොවුන ද සාමාන්‍ය දැල්ලන්ගේ ප්‍රමාණයට වඩා විශාල වූ යෝද දැල්ලන් සාගරයේ වාසය කරන බවට මෙය හොඳ උදාහරණයකි. මේ මිත්‍යාවක් නොවේ. ඇස් පනා පිටම සත්‍ය බව තහවුරු වූ සත්ත්වයෙකි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මිත්‍යාවක් වූ දැල්ලා සැබෑ ලෝකයටත් එයි
ඩෝසන් Monday, 27 July 2015 12:46 AM
ලංකවේ අපිට මේව එච්චර වැදගත් නෑ අපිට ගොඩක් වැදගත් දේශපාලනය පමණි.(ම)
ලලිත් Sunday, 26 July 2015 08:35 AM
මේ වර්ගයේ දැල්ලන් කිහිප වතාවක්ම කැලිෆෝර්නියාවේ වෙරළට ගසාගෙන ඇවිත් තිබුණු බව පත්තර වල පළවුණා. සමහරවිට එම ප්‍රවෘත්තිය රුසියාවේ නොදියුණු ධිවර ගම් ප්‍රදේශ වලට ලැබිල නැතිව ඇති. (ම)
අජිත් Tuesday, 28 July 2015 12:35 PM
නැහැ නැහැ ඔය කිරිඇල්ලගේ මල්ලි භුවල්ලා (නදී)
සිංහ Thursday, 30 July 2015 03:45 AM
අජිත් මාත් ඔබ සමඟයි. මෙයා කිරි අැල්ලගේ පවුලේ ආදිතමයා. (නදී)
රුවන් Tuesday, 28 July 2015 02:52 AM
හැමෝටම වැරදිලා මේ රාජිත ගේ චීන මාලු කොම්පැනියේ දැල්ලෙක් . (නදී)
කවිදු Monday, 27 July 2015 08:44 AM
අනුරකුමාර කියන්නේ හරිදේ (ම)
සත්‍යා Monday, 27 July 2015 04:16 AM
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියයි ද දන්නේ නැහැ මේකත් මහින්ද මහත්තයාගේ වැඩක් කියල..?? (බ)
ශේන්-මෙල්බර්න් Sunday, 26 July 2015 04:31 AM
අන්තර්ජාලයේ යෝධ දැල්ලන් පිළිබඳව විස්තර ඕනෑ තරම් තිබුණා. යෝධ දැල්ලා යම් කලෙක මිත්‍යාවක් ලෙස සැලකූ බව දැන සිටියේ නෑ(ම)
ධනුෂ්ක Monday, 27 July 2015 09:26 AM
අප නොදන්නා කෙතරම් දේවල් සාගර පතුලේ සැගවී තියනවාද. (ස)
පූජී Sunday, 26 July 2015 05:53 PM
මොන තරම් විස්මිත දර්ශනයක්ද? හරියට රෝකට්ටුවක් වගෙයි . තව අප නොදන්නා කෙතරම් දේවල් සාගර පතුලේ සැගවී තියනවා ඇද්ද?ලංකාදීපයට ස්තුතියි මෙවන් වටිනා පින්තුරයක් පළ කලාට.(ම)