අප්‍රිකාවේ පිලන්ස්බර්ග් ජාතික වනෝද්‍යානයේ මද කිපුණු අලියෙක් වනෝද්‍යානයට පැමිණි රථයකට හානි සිදුකරන අයුරු පිටුපස රථයේ සිටි සංචාරක මාර්ගෝපදේශකයකු විසින් ඡායාරූපයට නගා ඇත. ආමන්ඩ් ග්‍රොබෙල් නම් මේ සංචාරක මගපෙන්වන්නා පවසන්නේ මද කිපී සිටි අලියා වනයේ සිට පැමිණ වාහනයට උඩින් පැන රථය තම බඩට තද කරගෙන සිටි බවයි. ඉන් පසු විනාඩි කිහිපයක් රථය ඒ මේ අතට තල්ලුකැර දැමූ මේ දැවැන්තයා යළි වනයට වැදී නොපෙනී ගොස් ඇත.
අලින්ගේ වාසස්ථාන හා චර්යාවන් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන තරුණයකු හා තරුණියක පමණක් මේ රථයේ සිටි බවයි. අලියාගේ පහර දීමෙන් රථයේ විදුරුවලට, වහලට හා බොනට්ටුවට හානි සිදුව තිබුණු අතර රෝද ඒ මේ අත ඇඹරි ඇද වී තිබිණි. කාරයේ බඳට ද හානි සිදුව ඇත.
කාරයේ සිටි දෙදෙනාට කිසිදු හානියක් සිදුවී නැත.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මෝටර් රිය සමග අලි සෙල්ලම්
අජිත් Thursday, 07 August 2014 04:27 PM
අප්‍රිකාවේ අලි ගොඩක්ම සැර නැහැ. කොහොම වුණත් අර දෙන්නාගේ ජීවිත බේරුන එක නම් ලොකු දෙයක් (නි)
ටෝනි Thursday, 07 August 2014 04:56 PM
බන්දුල පෙරේරා මොනවද මන්දා කියවන්නේ? (නි)
හේමන්ත Thursday, 07 August 2014 01:23 AM
සුන්දර ඡායාරූප පෙළක් (නි)
බන්දුල පෙරේරා Thursday, 07 August 2014 09:10 AM
අලියට නෙමෙයි මද කිපිලා තියෙන්නේ..අපේ ගාමිණී සිරිට..ගාමිණී සිරි දන්නවද ඔය අප්‍රිකානු රටවල ඇත්තු මස් පිණිස මරනවා කියල..ඒ වගේම වර්ධනය පාලනය කරන්න තොග ගානට වෙඩි තියල මරනවා කියල..ඇත් දල සදහා දහස් ගානක් සති පතා දඩයක්කරුවන්ගේ තුවක්කුවට ගොදුරු වෙනවා කියල..මෙහෙ මොනවද මහත්තයෝ වෙන්නේ..ගණන් ගන්නවත් පුලුවන්ද? මේ ඇතාට කාර් පොඩ්ඩ පේන්න ඇත්තේ ලස්සන පුංචි නාබර ඇතින්නක් වගේ වෙන්න ඇති.පුදුමයි කාරෙක කැලේට ඇදන් නොගිය එක.. (දී)
මාලනී Thursday, 07 August 2014 02:50 AM
මොහාන් නිකන් මෝඩ කතා කියන්න එපා. මොහාන්ලා වගේ 10ක් හිටියොත් ඇති රටක් බංකොලොත් වෙන්න.(අ)
අරුණ Thursday, 07 August 2014 02:55 AM
කාර් කම්පැනි එකකට මරු වෙළද දැන්වීමක් .(අ)
ඉන්දික Friday, 08 August 2014 04:35 PM
ඇත්තටම ලස්සන පොටෝ ටික (අ)
පිටබැද්දර ජයා Thursday, 07 August 2014 02:57 AM
කොහොම කේන්තියක් ඇද්ද මිනිසුන් එක්ක නේද (අ)
චමන්ත Friday, 08 August 2014 08:19 AM
අප්‍රිකාවේ අලි පුදුම වැඩකාරයොනේ! හැබැයි බැරිවෙලාවත් ඔය කාර් එක ලොරියක් වුණා නම් අලියා පරාදයි (නි)
ශ්‍රියා Thursday, 07 August 2014 04:09 AM
දැන්වීමක්ද (දී)
චන්දි Thursday, 07 August 2014 09:00 PM
බන්දුල පෙරේරා , ඇත්තටම ඔයාට ලැජ්ජා නැද්ද? (නි)
ඉසුරන්දි Thursday, 07 August 2014 05:01 AM
දර්ශනය කොහොම උනත් සතුන්ගේ හැසිරීම බොහොම දරුණුයි..(අ)
කමල් Friday, 08 August 2014 12:58 AM
වාහනය නම් ගන්න දෙයක් නැතුව ඇති. අලියෙකුට අහුවෙලා ඔහොම බේරුන එකත් ලොකු දෙයක් (නි)
මාලනී Wednesday, 06 August 2014 05:19 PM
ඇතුළේ සිටි අයට කොහොම බයක් දැනෙන්න ඇද්ද? (නි)
හසිත් Thursday, 07 August 2014 01:37 PM
කාර් එක ඉතුරුවුණා ඇති (නි)
කලණි Thursday, 07 August 2014 01:42 PM
හොඳ පිළිතුර බන්දුල පෙරේරා. ගාමිණී-සිරි වගේ අය බලාගෙන ඉන්නේ තමන්ගේ රට පහලට දාල කතා කරන්න වෙලාවක් එනකල්. අනිත් රටවල වෙන දේවල් දන්නවා නම් ඔහොම කියන්නේ නැහැ. කොහොම උනත් හරිම ඉවසීමෙන් ගත්ත පින්තුර. ගත්තු අයගේ ජීවිත උනත් අනතුරේ වැටෙන්න තිබුණා (නදී)
පහන්දී Thursday, 07 August 2014 01:45 PM
බන්දුල ගොයියට, ඉතින් ස්ත්‍රී පක්ෂය ගාව ගන්නේ නැතුව කිසිම කොමෙන්ට් එකක් ලියන්න බැහැනේ නේද (නදී)
සිල්වා Thursday, 07 August 2014 01:44 PM
සපාරී යන්න ඕනි ෆෝර්විල් වහනයකින් කාර් සුදුසු නැහැ (නදී)
ඉමේන්ද්‍ර බණ්ඩාර නිල්ලේගොඩ Friday, 22 August 2014 09:38 AM
හරිම ලස්සනයි (නදී)
අජිත් Thursday, 07 August 2014 02:01 PM
බන්දුල පෙරේරාගේ මොළේ තමයි මොළේ (නි)
මොහාන් Wednesday, 06 August 2014 10:49 PM
අපේ ලංකාවේ අලියෙක්ද දන්නෙ නැහැ (නි)
ගාමිණී - සිරි Thursday, 07 August 2014 07:51 AM
මොන කෙන් ගෙඩියකටද අප්‍රිකාවට ගියේ ඔයදෙන්නා...අලින් ගැන සමීක්ෂණ කරන්න නම් එන්න තිබුනේ ලංකාවට.අලි මන්තර ,ඇතුන් මරා දල කපාගැනීම,වලිගෙන් කෙඳි ගැනීම.ජලය නැති අභය භුමි.වගා ලින් වලින් අලි ගොඩ ගැනීම . ගජමුතු විකිණීම හා මාටුවීම .පන්සලේ මදකිපුනු අලියාගේ දම්වැල හොරෙන් ලිහන්න ගොස් හාමුදුරුවන් පැමිණිලි කිරීම.හොරෙන් ඇල්ලු අලි පැටියා උසාවි නියෝගයෙන් වන ජීවීන් රැගෙන ගොස් දවස් දෙකෙන් මිය යාම.සත්ව උද්‍යානයේ අලින්ට ක්ෂයරෝගය වැළඳීම.අලි අනාථාගාර...(දී)