මිචිගන් ප්‍රාන්තයේ සරසවියක සිදු වූ පෞද්ගලික ආරවුලක් අතරවාරයේදී කෙරුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
ජීවිත්කෂයට පත්ව ඇති දෙදෙනා සරසවි සිසුන් නොවන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මිචිගන් ප්‍රාන්තයේ ‘සෙන්ට්‍රල් මිචිගන්’ විශ්ව විද්‍යාලය සඳහන් කළේය. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා පලාගොස් ඇතැයි වාර්තා වන අතර ඔහු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වෙඩි තැබීමෙන් වෙනත් කිසිවකුට තුවාල සිදු වී නොමැති අතර පෞද්ගලික ආරවුලක් අතරදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
වෙඩි තැබීම කළ පුද්ගලයා සොයා පරීක්ෂණ සිදු කෙරෙන බැවින් සරසවිය නැවත දැනුම් දෙන තුරු වසා තබන බව ද එහි පාලනාධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ 19 හැවිරිදි ජේම්ස් එරික් ඬේවිස් නැමැත්තෙක් බවත් ඔහු සොයා පරීක්ෂණ සිදු කරන බවත් ප්‍රාන්ත පොලිසිය සඳහන් කළේය. මෙහෙයුම් කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා ද යොදාගෙන ඇතැයි පොලිසිය තවදුරටත් සඳහන් කළේය.
ඒ.එෆ්.පී
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මිචිගන් ප්‍රාන්තයේ සරසවියක වෙඩි තැබීමක් - දෙදෙනකු මරුට
sam Friday, 02 March 2018 11:21 PM
හැකි තරමට තුවක්කු භාවිතය (විකිණීම, ළඟ තබා ගැනීම) අඩු කිරීමට රජය මැදිහත් වී මේ ප්‍රශ්නයට සුළුවෙන් හෝ පිළිතුරක් සොයා ගන්නවා වෙනුවට ජනාධිපති ට්‍රම්ප් කියන්නේ ශිෂ්‍යයෝ වෙඩි තියනවා නම් ගුරුවරුන්ට තුවක්කු ලබා දිය යුතුයි කියලයි. එතකොට ගුරුවරුත් වෙඩි තියන්න ගත්තොත් ප්රින්සිපල්ටත් තුවක්කු දෙන්න වෙනවා කියන එක තේරුම් ගැනීමට හැකියාවක් ඒ ගොල්ලන්ට නැහැ. 1996 දී ඕස්ට්‍රේලියාවේ, තස්මෙනියාවේ සිදු කල ඝාතනයකින් පසුව රජය තුවක්කු හිමියන්ගෙන් තුවක්කු මිලදීගෙන විනාශ කළා. 2003 දී හා ගිය අවුරුද්දේත් ඒ ලෙසටම කළා. මිනිසුන්ව පාලනය කරන්න බැරිනම් තුවක්කු ප්‍රමාණය හෝ පාලනය කිරීම හොඳ පියවරක්...