IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මංගල්‍යයක් වගේ අවමංගල්‍යයක්

තායිලන්තයේ චිආයි නගරයේ පසුගියදා වීදි සංචාරය කළ අවමංගල්‍ය රථ පෙළක් සියලූ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය.

රථ පෙළට එක්ව සිටි ජීප් රථ මත නාටිකාංගනාවෝ නැගී සිටියහ.මහ හඩින් වාදනය කැරුනු ගීත වලට ඔවුහු රැගුම් ඉදිරිපත් කළහ.මේ හමුවේ එම අවස්ථාව අවමංගල්‍යයකට වඩා මංගල්‍යයකට සමවිය.

චිආයි නුවර වාසය කර මියගිය ප‍්‍රකට ප‍්‍රාදේශීය දේශපාලඥයකුට අවසන් ගෞරව දැක්වීම සදහා මෙම රථ පෙළ වීදි සංචාරයේ යෙදුනු අතර, එම දේශපාලඥයාගේ දේහය රැගත් රථයද මෙම රථ අතර විය.

එම දේශපාලඥයාගේ පවුලේ හිතවතුන් සදහන් කළේ විනෝදයෙන් ජීවිතය ගතකළ ඔහුට ජීවිතයෙන් නික්මයාම විනෝදයෙන්ම සිදුකිරීමට ඉඩ දීම තම අරමුණ වූ බවයි.

මේ සම්බන්ධයෙන් නගර වැසියෝද ප‍්‍රසාද මුඛයෙන් අදහස් පළකළ අතර, ලෝකයෙන් නික්මයා යුත්තේ මේ අයුරින් යයි බොහෝ දෙනෙක් කීහ.

කෙසේවුවත් නාටිකාංගනා රැගුම්, සංගීතය ආදියෙන් අවමංගල්‍ය අවස්ථාවක් විචිත‍්‍ර කිරීම තායිලන්තයේ ඇතැම් සමාජ කොටස් අතර අලූත් දෙයක් නොවේ.මෙලොවින් නික්ම යන ආත්ම සතුටට පත් කිරීම සදහා මෙවැනි දේ සිදුකිරීම අවශ්‍ය බව එම ජන කොටස් විශ්වාස කරන්නේය.

TURKBMB 0105 01
 



අදහස් (0)

මංගල්‍යයක් වගේ අවමංගල්‍යයක්

සෑම් Friday, 06 January 2017 07:57 PM

කාන්තාවන් සියදෙනෙකු සමග යහන්ගතවීම සමරන්න පාටි දමාපු ලංකාවේ ප්‍රාදේශීය දේශපාලකයනුත් හිටියනේ. (නි)

:       0       0

බන්දුල Saturday, 07 January 2017 12:54 AM

දේශපාලකතුමා මැරුණු ජොලියට වෙන්න ඇති. මේක අපේ රටටත් හොඳ ආදර්ශයක් (නි)

:       0       0

ලලිත් Saturday, 07 January 2017 02:38 AM

අපේ දේශ පාලඥයෝ මරුනහමත් මේ නැටුම් කණ්ඩායම ගෙන්නන්න බැරිවෙයිද?(අ)

:       0       0

ලක්විදු Saturday, 07 January 2017 03:16 AM

අන්න මල්ලි කරනවා නම් වැඩ! (නි)

:       0       0

අශිකා Saturday, 07 January 2017 04:55 AM

නෑ අපේ දේශපාලුවෝ ඉන්නකම් නාටිකාන්ගනාවියන් එක්කම නේ ඉන්නේ, ඒ නිසා අපේ අය මැරුනම අලුතෙන් ඕක කරන්න ඕන නේ,එයාලගෙ පවුල් වල අයට ගල් ගහල මරණ විදියක් හොයමු,නැත් නම් මෙයාලගෙ ඊලග පරම්පරාවත් රට කන එක නවත්තන්නේ නැති නිසා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 779 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 294 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1514 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 474 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site