IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකා විද්‍යාඥයින් තිදෙනකුට

ස්ටොක්හෝම්හිදීය (ඒ.එෆ්.පී)
 
භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන ‘නොබෙල් ත්‍යාගය’ මෙවර ඇමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයන් තිදෙනකුට හිමිවිය.
 
විශ්වයේ ගුරුවත්ව තරංග සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ බැරී බැරිෂ්, කිප් ත්‍රෝන් සහ රීනර් වෙයිස් යන භෞතික විද්‍යාඥයන් තිදෙනාට මෙවර නොබෙල් ත්‍යාගය හිමිවන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.
 
ගුරුත්ව තරංග සම්බන්ධයෙන් ප්‍රථම වරට තොරතුරු අනාවරණය කරනු ලැබුවේ 20 වැනි ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා ලෙසින් හැඳින්වෙන ඇල්බට් අයින්ස්ටයින් විසිනි. ඒ ඔහුගේ සාපේක්ෂතාවදය පිළිබඳ සාකල්‍ය න්‍යායේ කොටසක් වශයෙනි. එහෙත් ගුරුත්ව තරංග පළමුවරට සොයාගැනීමට හැකිවූයේ 2015 වසරේදීය.
 
බැරී බැරිෂ්, කිප් ත්‍රෝන් සහ රීනර් වෙයිස් යන විද්‍යාඥයන් තිදෙනාගේ සොයාගැනීම ලෝකය පුදුමයට පත් කළා යැයි ස්වීඩන රාජකීය විද්‍යා ඇකඩමියේ ප්‍රධානී ගොරාන් කේ හැන්සන් පැවැසීය.
 
රීනර් වෙයිස් 85, බැරී බැරිෂ් 81 සහ කිප් ත්‍රෝන් 77 යන වයස්වල පසුවෙති. භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාග මුදල වන ස්වීඩන ක්‍රෝනෝර් මිලියන 9 (එක්සත් ජනපද ඩොලර් මිලියන 1.1) ඔවුන් තිදෙනා අතරේ සම සමව බෙදී යයි. එමෙන්ම නම සඳහන් කරන ලද නොබෙල් පදක්කමක් ඔවුන් තිදෙනාට හිමි වේ.
 
055



අදහස් (6)

භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකා විද්‍යාඥයින් තිදෙනකුට

arnold Tuesday, 03 October 2017 02:37 PM

ගුරුත්ව තරංග ගැන පැහැදිලි කිරීමක්, යම්කිසි විද්වතෙකු පැහැදිලි කරන්නේනම් ඉතා වැදගත් වේවි. සියලුම පාඨකයන්ට.

:       6       21

sam Tuesday, 03 October 2017 10:19 PM

ගුරුත්ව තරංග යනු විශ්වයේ හටගත් අධික ශක්තිසම්පන්න මෙන්ම ප්‍රමාණයෙන් විශාල සංසිද්ධීන්ගේ හේතුවෙන් හටගත් අවකාශ-කාලය යන දිමානය හරහා ගමන් කරන රැලි විශේෂයකි. සරලව කිවතොත් විශ්වයේ කිනම් හෝ ස්ථානයක යම් කාලයකදී හටගත් ක්‍රියාවක් නිසා නිකුත් වූ ශක්තිය තරඟයක ආකාරයෙන් මේ විශ්වය පුරා ව්‍යාප්ත වීමය. එය සංකීරණ විද්‍යාත්මක උපකරණ තුලින් හදුනා ගැනීම හා සම්බන්දව නොබෙල් ත්‍යාගය දිනා ඇත. මෙහිලා අඩංගු සෛදන්තිකය 1916 Albert Einstein මහා විද්‍යාඥයා විසින් මුල් වරට ලොවට හදුන්වා දුනි. මෙම සෛදන්තිකය සරලව අවබෝද කලහැකි හොදම නිදසුන නම් වතුරට ගලක් දැම්මම ගල වැටුන තැනෙ සිට කවාකාරව ජලය මතුපිට රැලි නිකුත් වීම. මෙම සෛදන්තිකය පුරා වසර 100ක් පමණ පෙර එලි දැක්වුවද ප්‍රයෝගිකව ගුරුත්ව තරංග හදුනා ගැනීම ප්‍රථම වරට සිදුවුයේ පසුගිය වසරේදීය. එහිලා ප්‍රමුඛව නියලුන ප්‍රධාන විද්‍යාඥයන් (scientists ) තිදෙනාට තමා මෙවර භෞතික විද්‍යාවට අදාල නොබෙල් ත්‍යාගය හිමිවුණේ. ගුරුත්ව තරංග වලින් ලබාගත හැකි ප්‍රයෝජන තවම නොදන්නා නමුත් මෙය මානව ඉතිහාසේ සිදුකල දැවැන්ත සොයා ගැනීමකි.

:       4       107

arnoldWednesday, 04 October 2017 03:26 PM

ඔබගේ සරල, සුගම පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි.

:       3       2

සෙනෙවි Wednesday, 04 October 2017 06:52 PM

මෙවන් විද්‍යාත්මක සත්‍ය තිබියදී ලංකාවේ ඇතැම් බහුබූතයන් වාලම්පුරි, පිරිත්නූල්, බොධී පූජා, පසුපස ගොස් බදු දහමටද නිගා කරති

:       5       41

සුනිල් Friday, 06 October 2017 11:25 AM

අපේ මහාචාර්ය නලින් සිල්වා කියන්නේ මේ ඔක්කොම බොරු කියලා. ගුරුත්වාකර්ෂණය කියලා දෙයක් නැහැලු. "ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග" කියවන්න...

:       4       0

Raminda Saturday, 07 October 2017 12:24 AM

එක්කෝ නලින්ද සිල්වා අදහන්න එක්කෝ විද්‍යාව අදහන්න. ඔය දෙකම ගලපන්න බැහැ.

:       0       111

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 24 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 52 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 89 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1159 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 399 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 556 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1484 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site