ලන්ඩන්හිදීය (රොයිටර්)
බි්රතාන්යය පාර්ලිමේන්තුවේ ආරක්ෂක මුරකාවල් දෙසට මෝටර් රථයක් කඩා වැදීමෙන් අද (14) පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලැබූහ.
මෝටර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට පත්ව තිබෙන අතර ඔහු වුවමනාවෙන් මෝටර් රථය ආරක්ෂක මුරකාවල් දෙසට ධාවනය කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.
සිදුවීම වූ සැණින් ආරක්ෂක අංශ සහ හදිසි සේවා එම ස්ථානයට පැමිණි අතර එරට ත්‍රස්ත විරෝධී පොලිසිය මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇත.
තුවාල ලැබූ දෙදෙනාගේ තත්ත්වය බරපතල නැතැයි ද බි්රතාන්යය පොලිසිය සඳහන් කළේය.
ගිම්හාන නිවාඩුව හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් මේ දිනවල පාර්ලිමේන්තු ගොඩනැගිල්ල භාවිත නොකරන අතර බි්රතාන්යය අගමැතිනි තෙරේසා මේ ද විදෙස් ගත වී සිටින්නීය.
මේ ආකාරයේ සිදුවීම් කිහිපයක්ම පසුගිය වසරක කාලයේදී බ්‍රිතාන්‍යයෙන් වාර්තා විය. කලීඩ් මසූඩ් යනුවෙන් හැඳින්වූ පුද්ගලයකු වෙස්ට්මින්ස්ටර් පාලම අසලදී පදිකයන් දෙසට සිය මෝටර් රථය ධාවනය කරමින් සිව්දෙනෙක් මරණයට පත් කළහ.
ඔහු එල්ල කළ පිහි ප්‍රහාරයකින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත් වූ අතර පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්විය.
පසුගිය වසරේදී ත්‍රස්තවාදී හෝ ඊට සම්බන්ධ ක්‍රියාකාරකම් පහක් සිදු වූ බවත් ඉහත සිදුවීම ඉන් පළමුවැන්න බවත් බි්රතාන්යය පොලිසිය සඳහන් කළේය.
බි්රතාන්යය එරට ආරක්ෂාව දැඩි කර තිබෙන අතර එරටට සටන්කාමීන්ගෙන් ප්‍රහාර එල්ල වීමේ වැඩි අවදානමක් තිබේ.
මුස්ලිම් ජාතිකයකු හැරුණු පුද්ගලයකු පදිකයන් දෙසට ට්‍රක් රථයක් ධාවනය කරමින් සියයට වැඩි පිරිසක් ඝාතනය කිරීමට සැලසුම් කළ බව පසුගිය සතියේදී අනාවරණය විය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මුරකාවල් දෙසට මෝටර් රථයක් කඩාවදී