ඉරානයේ තෙහෙරාන් නුවර පිහිටි බි්රතාන්ය තානාපති කාර්යාලයට ඉකුත් අඟහරුවාදා (29) කලහකාරීන් පිරිසක් පහර දීමත් සමඟ බි්රතාන්යයේ සිටින ඉරාන තානාපතිවරයා ඇතුළු සියලූම රාජ්‍ය නිලධාරීන් රටින් පිටුවහල් කිරීමට බි්රතාන්ය රජය පෙරේදා (30) තීරණය කළේය. කලහකාරී පිරිස් ‘බි්රතාන්යයට මරණය’ යැයි කෑ ගසමින් තෙහෙරාන් නුවර බි්රතාන්ය තානාපති කාර්යාලයට කඩා වැදී පහර දී අලාභානි සිදුකරද්දී තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරීහු පසුපස දොරින් පලා ගියහ. ඔවුන්ට කිසිදු අනතුරක් සිදු නොවිණි. එම සිදුවීමෙන් පසු තෙහෙරාන් නුවර සිටි තම තානාපතිවරයා වහා ආපසු ගෙන්වා ගැනීමටත් තම තානාපති කාර්යාලය ඉරානයෙන් ඉවත් කර ගැනීමටත් බි්රතාන්ය රජය තීරණය කළේය. බි්රතාන්යයේ සිටින ඉරාන තානාපති ඇතුළු ඉරාන රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් නෙරපා දැමීමට බි්රතාන්ය රජය තීරණය කළේ ඉන් පසුවය. බි්රතාන්ය රජය ගත් එම තීරණයේ ප්‍රතිවිපාක දරුණු විය හැකි යැයි ඉරානය අනතුරු අඟවයි. බි්රතාන්ය රජයේ එම කි‍්‍රයාකලාපය අනුගමනය නොකරන ලෙස ඉරානය සෙසු යුරෝපා රටවලින් ද ඉල්ලා ඇති නමුත් ප්‍රංශය, නෙදර්ලන්තය සහ ජර්මනිය මේ වනවිට ඉරානයේ සිටින තම තානාපතිවරුන් යළි ගේනවා ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. ඉරානයේ පිහිටි බි්රතාන්ය තානාපති කාර්යාලයට කලහකාරීන් පහර දුන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව තවත් සම්බාධක පැනවිය යුතු යැයි බි්රතාන්ය පුනපුනා කළ ප්‍රකාශයක් හේතුවෙනි. කලහකාරීන් තානාපති කාර්යාලයට කඩා වැදී බි්රතාන්ය මහ රැජිනගේ සහ අගමැති කැමරන්ගේ ඡායාරූප කඩා බිඳ දමමින් ලිපි ලේඛනවලට සහ බි්රතාන්ය ධජවලට ගිනි තබද්දී ඉරාන පොලිසිය නිහඬව සිටි බවට බි්රතාන්ය රජය චෝදනා කරයි. ඉරාන රජය පවසන්නේ කලහකාරීන් විසුරුවා හැරීමට පොලිසිය පියවර ගත් බවත් ඒ සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළ බවත්ය. තානාපති කාර්යාලයට පහර දුන් පුද්ගලයන් සොයා ඔවුන්ට දඬුවම් කරන බවට ද ඉරාන රජය සහතික වී ඇත.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බි්රතාන්යය ඉරාන තානාපති නෙරපයි