IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බොයිං යානයක් වා ගැබකට අහු වී අඩි 5000ක් පහළට

මගීන් 300ක් පටවාගෙන පියාසර කරමින් තිබූ බොයිං 777 ගුවන් යානයක් හිටි හැටියේ අඩි 5000ක් පහළට වැටීමට නියමුවන්ගේ නොසැලකිල්ල ද යන්න ගැන පරීක්ෂණයක් ආරම්භ කැර ඇතැයි ඉන්දියාවේ මුම්බායි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

මුම්බායි සිට බ්‍රසල්ස් නගරය දක්වා ගමන් කරමින් තිබූ යානය තුර්කියට ඉහළින් පියාසර කරමින් තිබිය දී ප්‍රධාන නියමුවා නින්දේ පසුවූවේය. ඒ අතර හදිසියේම යානය අඩි 5000ක් පහළට  වැටිණි. එයට හේතුව සහාය නියමුවා ද අඩ නින්දේ පසුවීම යැයි මතුවූ සැකයක් හේතුවෙන් මෙලෙස පරීක්ෂණ ආරම්භකැර තිබේ.

සහාය නියමුවා බලධාරින්ට පවසා ඇත්තේ ඒ අවස්ථාවේ තමන් කාර්ය බහුලව සිටි හෙයින් ගුවන් යානයේ වූ වෙනස ගැන අවබෝධයක් නොතිබූ බවයි.

අඩි 34000 ක් ඉහළින් ගමන් කළ යුතු යානය පහළට වැටුණේ ඇයිද යන්න ගැන විමසීමට  ඇන්කරා හි  ගුවන් ගමන් පාලක විසින් යානයට හදිසි ඇමතුමක් ලබාදෙන තුරු එවැනි පහළට වැටීමක් ගැන නියමුවන් දැන සිට නැත.

මේ යානා තුර්කියට ඉහළින් පියාසර කරන්නේ ඉරාකයේ හා යුක්රේනයේ යුද ගැටුම් පවතින ප්‍රදේශ මගහැර යමිනි.

මේ සිදුවිම ගැන ගුවන් ගමන් පාලක නියමුවන්ට ඇමතුමක් දී ඇත්තේ යානය පාලනයකින් තොරව ගමන් කරන බවට ලැබුණු නිර්නාමික ඇමතුමක් හේතුවෙනි. එම ඇමතුමත් සමග ක්‍රියාත්මක වූ ගුවන් ගමන් පාලක යානය වහාම අඩි 32000ක් ඉහළට ලෙස දැනුම් දී තිබේ. කලබලයට පත් සහාය නියමුවා ඒ අවස්ථාවේ දී ප්‍රධාන නියමුවා නින්දෙන් අවදිකැර ඇත.

මුම්බායි සිවිල් ගුවන් සේවා අධිකාරිය පරික්ෂණ නිමවෙන තෙක් නියමුවාගේ සහ සහාය නියමුවා සේවය තාවකාලිකව අත් හිටුවා ඇත. අන්තර්ජාතික ගුවන් සේවා නියමයන්ට අනුව ලෝකයේ දීර්ඝ ගුවන් ගමන් වල යෙදිද්දී ගුවන් නියමුවාට තම ගුවන් නියමු කුටියේ දි කෙටි නින්දක් ලබා ගැනීමට බාධාවක් නොමැත. එවැනි නින්දක යෙදෙන අවස්ථාවක සහය නියමුවා යානයේ ගමන් මාර්ගය හා හැසිරීම් ස්වභාවය ගැන අවබෝධයෙන් සිටිය යුතුය.

Jet 1



අදහස් (0)

බොයිං යානයක් වා ගැබකට අහු වී අඩි 5000ක් පහළට

ටිකිරි බණ්ඩාර Thursday, 14 August 2014 06:28 PM

තව පොඩ්ඩෙන් සමහරු ඒකටත් ඇමරිකාව අල්ලාගන්නවා (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 14 August 2014 06:43 PM

මෙම ගුවන් යානා වල "ඔටෝ කෘසින්' ක්‍රමය තිබෙනවා. එය දැමුවා නම් නියමුවන්ට නින්ද ගියත් මෙසේ සිදුවන්නේ නැහැ. අනතුරු අවම වෙනවා.(නි)

:       0       0

රජින්ද Thursday, 14 August 2014 07:02 PM

මම මේ කල්පනා කළේ මෙච්චර අත්දැකීම් බහුල ගුවන් නියමුවන්ටත් යානය අඩි 5000ක් පහත් වුණ බව නොතේරුණු එකේ, ඒ බව ගුවන් ගමන් පාලක වෙත නිර්නාමිකව දුරකතනයකින් දැන්වූවේ කවුද කියලයි? (නි)

:       0       0

කෙවුල්ගම Sunday, 17 August 2014 02:31 AM

මේක සෙල්ලමක් නෙමෙයි. සැළකිලිමත්කමින් වැඩ කළයුතුයි (නි)

:       0       0

සිරිල් බාලසුරිය Sunday, 17 August 2014 11:31 AM

නන්දන පනාගොඩ ඔබ පයිලට් කුටියේ ගියේ හිටගෙනද ? ඔබේ කතාව ඇහුවම අසුන් ගෙන සිටි මමත් ඉබේම හිට ගත්තා , ඉන්දියන් ගුවන් යානයක ගුවන් නියමු මැදිරියේ ඔබ ගමන් කල කිව්වම , (දී)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය​ Thursday, 14 August 2014 07:11 PM

මෙහෙම ගියොත් ගුවන් මගීන් අඩූවෙයි නේද​? (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 15 August 2014 07:13 PM

මේ ඔක්කොම නස්පැත්ති වෙන්නේ බී-777 ඒවාටමනේ. අනේ මන්දා! මට හරිම පුදුමයි (නි)

:       0       0

කිංස්ලි Friday, 15 August 2014 07:28 PM

අනේ මන්දා! මේ විදියට ගුවන් යානයක යන්නත් බයේ බැහැ (නි)

:       0       0

පෙරේරා Friday, 15 August 2014 07:27 PM

2014 වසරේදී සියලුම ගුවන් නියමුවන් සැළකිලිමත් වියයුතුයි. (නි)

:       0       0

අසංක Sunday, 17 August 2014 03:19 AM

දැන් හැමතැනම ගුවන් අනතුරු.... (නි)

:       0       0

නුවන් Friday, 15 August 2014 09:54 AM

ෆාසි, මිනිස්සු එහෙම කියන්නේ අනතුරු 10 ගත්තොත් 8 ක්ම අන්තවාදීන්ගේ ක්‍රියා හින්ද තමා (නදී)

:       0       0

ශාන්ත Friday, 15 August 2014 10:16 AM

මංජු හරියටම හරි. (නදී)

:       0       0

දනුක Friday, 15 August 2014 10:17 AM

ෆාසි, උත්තරේ ඔයා ලග තියාගෙන අනුන්ගෙන් ප්‍රශ්න අහන්න යන්න එපා. ලෝකේ වටේ පොඩ්ඩක් බලන්න ඔයා කියන දේට පිළිතුරු ලැබේවි (නදී)

:       0       0

දමයන්ති Saturday, 16 August 2014 11:48 AM

අනේ මන්ද මෙහෙම ගියොත් මට හිතෙන්නේ පාරේ යන වාහන වගේ වෙයි. (දිල්)

:       0       0

පුෂ්පසිරි අල්විස් පැරිස් Sunday, 17 August 2014 01:52 PM

නන්දන පනාගොඩ මහතා ඔහුගේ මානසික වින්දනයක් ලබා ගැනීමට කල ප්‍රතිචාරය ගැන සිරිල් කලබල වෙන්න එපා, කියන්නා හෝ ලියන්නා කෙසේ කිවත් ලීවත් අසන්නා කියවන්නා සිහි බුද්දියෙන් නම් (දී)

:       0       0

අශාන් Sunday, 17 August 2014 04:49 AM

සාමාන්‍යෙයන් අළුත් ගුවන් යානා අඩි 34000ක් වගේ ඉහල දී නියමුවන් මෙහෙයවන්නේ නෑ.... ස්වයංක්‍රීය නියමුවා නැත්තම් ඔටෝපයිලට් තමා යානය පාලනය කරන්නේ... එකපාර අඩි 5000ක් ඇද වැටෙනවා කියන එක දැනුනේ නෑ කියන්නේ යානය පල්ලෙහාට ඇවිත් තියෙන්නේ ඒකාකාරීව. එහෙම වෙලා තියෙනවා නම් ගොඩක් විට දෝශය තියෙන්න ඕනේ ස්වයංක්‍රීය නියමු පද්ධතියේ. කොහොමත් බෝයිං යානා වල ඔය පාලන පද්ධතිය සෑහෙන පරීක්ෂන වලට ලක් වෙච්ච එකක්.... නියමුවාට නින්ද ගියා කියන එක මත නියමුවා උඩ වරද පටවන්න බෑ.... අනික ගුවන් යානයක් එකපාර අඩි 5000ක් වැටෙනවා නම් අනතුරු ඇඟවීම් නාද වෙන්න ඕනේ... (දී)

:       0       0

ෆාසි Friday, 15 August 2014 04:50 AM

මේ යානයට අනතුරක් උනා නම් කියාවි මුස්ලිම් ත්‍රස්ත වැඩක් කියලා (නදී)

:       0       0

වින්දන Saturday, 16 August 2014 02:04 PM

ඕකට හොඳ වැඩක් තියනවා. ප්‍රධාන නියමුවාට තනියට කෙනෙක් දාන්න ඕනෑ. ප්‍රධාන නියමුවා ජීවිතේට නිදියන්නේ නැතිවෙයි (නි)

:       0       0

මාලනී Saturday, 16 August 2014 02:17 PM

මම නම් කවදාවත් ගුවනින් යන්න හිතන්නේන නැහැ (නි)

:       0       0

චමින්ද Friday, 15 August 2014 05:12 AM

රජින්ද, මාත් කල්පනා කලේ කවුද කියලා. ගුවන් නියමුවන්ටත් තේරිච්ච නැති එකේ ගුවන් නියමුවන් දෙන්නගේ ජම්මාන්තර වෛරක් කාරයෙක් වෙන්න ඇති. පුදුම වෙන්න දෙයකුත් නැහැ බලන් ගියහම. මමත් වැඩ කරලා තියෙනවා ඉන්දියන් කාරයොත් එක්ක. තව කෙනෙක්ව කපලා ඉහලට නගින්න හරි දක්ෂයෝ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 15 August 2014 12:59 PM

සාන්ත මාලදිවයින, ඔබ හිටපු ශ්‍රී ලංකා ගුවන් හමුදා භටයෙක් වෙලත් මේ තරම්ම බයද ගුවන් යානා වලට ? (නදී)

:       0       0

ලකී දොඩන්ගොඩ Sunday, 17 August 2014 04:18 PM

නන්දන පනාගොඩ මහතෝ , මම දන්නා ආකාරයට වාණිජ ගුවන් නියමුවකු වන්නට , පාසලේ උසස් අධ්‍යාපනයෙන් පසුව තවත් අවුරුදු ගණනක් යනවා , එවිට අඩුම වයස වාණිජ ගුවන් නියමුවකුගේ , අවුරුදු 25 ක් පනිනවා , මේකේ ඉඳල තියෙන්නේ අවුරුදු 22 ක් සුරූපී කෙල්ලක් උප ගුවන් නියමු හැටියට. (ස)

:       0       0

විහඟි Friday, 15 August 2014 06:32 AM

මිනිස්සුන්ට (ගුවන් නියමුවන්ටත්)මේක සෙල්ලමක් වෙලාද තියෙන්නේ. දවසකට එකක් හරි අහන්න තියෙනවා ගුවන් අනතුරු. ඉස්සර නම් මේ විදිහට රිය අනතුරු ගැන (නදී)

:       0       0

කෝසල Friday, 15 August 2014 06:31 AM

පිස්සු යක්කු. මම නම් මීට පස්සේ ප්ලේන් වල යන්නේ නෑ. (නදී)

:       0       0

රොහාන් Saturday, 16 August 2014 03:48 PM

නියමුවා ගැන හොඳින් හොයලා බැලුවොත් හොඳයි (නි)

:       0       0

ලලිත් Saturday, 16 August 2014 03:44 AM

ඉන්දියාවේ නිතරම හොර සහතික වලින් රැකියාවලට යන අය අහුවෙනවා. දොස්තරවරු ඉංජිනේරුවන් පවා ඒ අතර වෙනවා. මේ නියමුවන් එම වර්ගයේ වෙන්නට බැරිද? (නදී)

:       0       0

සුසන්ත Saturday, 16 August 2014 04:51 PM

ලලිත් සහ චමින්දගේ අදහස් වලට මමත් එකඟ වෙනවා. (නි)

:       0       0

සඳුන් පෙරේරා Friday, 15 August 2014 02:36 PM

මට නම් මේක සැකසහිතයි. (නි)

:       0       0

ගාල්ලගේ නිශ්ශංක Saturday, 16 August 2014 04:51 AM

උඩ ගිය හින්දා බේරුනා. මෙයාලගේ කන මතේ නිසා තව පොඩ්ඩෙන් 300 ම ඉවරයි. මේ දෙන්නට මතක හිටින පාඩමක් උගන්වන්න ඕනේ. (නදී)

:       0       0

චමින්ද Sunday, 17 August 2014 09:01 AM

වින්දන, ගුවන් යානයෙන් බැස්සට පස්සේ නම්,ඒ ගොල්ලන්ට තනි රකින්න කට්ටිය ඉන්නවා. (නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 14 August 2014 03:41 PM

පවු අසරණ මගීන්, තව පොඩ්ඩෙන් 300 දෙනාටම දෙවියන්ගේ පිහිටයි,(අ)

:       0       0

සිරිල් බාලසුරිය Friday, 15 August 2014 07:47 AM

සමහරවිට ගුවන් නියමුවන් දෙදෙනා ගුවනේදී නිකන් දෙන අරක්කු පාරක් විස්කි පාරක් ගත්තාද දන්නේ නැහැ නේ (දී)

:       0       0

ගාමිණී - සිරිවර්දන Thursday, 14 August 2014 03:51 PM

ඒ කාලයේ මම අසා තිබෙනවා ගුවන් නියමුවෙකුට අහස් යානාවක් බාර දෙන්නේ ,පෞද්ගලික ප්‍රශ්න ,සෞඛ්‍ය තත්වය ,මානසික ගැටළු විමසා බලා සෑහීමකට පත්වෙනම්ලු.මගීන් 300 කගේ වටිනා ජීවිත,ගැන නොසැලකිල්ල , ගුවන් සමාගම ,සම්පුර්ණ වගකීම දැරිය යුතුයි ! (අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 17 August 2014 09:07 AM

මමත් මෙම ගුවන් සේවයේ යානාවක වරක් ලංකාවට ගියා. පයිලට් කුටිය නැරඹීමට ඇතුලට ගිය අවස්තාවක අවුරුදු 22ක් පමණ වූ සුරූපී උප නියාමක වරිය ලැප්ටොප් පරිගණකයකින් හින්දි චිත්‍රපටයක් නරඹමින් සිටියා. (නදී)

:       0       0

ශාන්ත - මාලදිවයින Friday, 15 August 2014 07:52 AM

මම ඉන්නේ මාලදිවයිනේ. අම්මෝ මම නම් ලංකාවට එන්නේ පීනලානගින්නේ නම් නැහැ ප්ලේන් වලට (දී)

:       0       0

ඒ චින්තන Friday, 15 August 2014 07:58 AM

ගුවන් නියමුවන්ට වැඩ වැඩියි. එයාලට කියා නිදහසක් නැහැ. (නදී)

:       0       0

සුනිල් Friday, 15 August 2014 04:18 PM

ගුවන් යානා වලට නම් බොහොම අපලයි (නි)

:       0       0

ගයන් Friday, 15 August 2014 08:24 AM

අලුත්ම ආරංචිය තමා එම ගුවන් නියමුවන් දෙදෙනාගේම වැඩ තහනම් කරලාලු.(නදී)

:       0       0

සංඝරඛිකිත තෙර Friday, 15 August 2014 08:24 AM

යානය යළි පිටත්වෙක තුරු නියමුවාට නිදාගැනීම අනිවාර්ය කරමු (නදී)

:       0       0

මිනිපෙ Thursday, 14 August 2014 05:11 PM

මෙය සිදුවිය හැකිද? (නි)

:       0       0

මංජු Friday, 15 August 2014 08:28 AM

ගුවන් යානයක් ගුවන් ගත කල පසුව ගමනාන්තය දක්වා එය පදවන්නේ ඔටෝ. නැවත ගුවන් යානය පදවන්න අතට ගන්නේ අවසන් විනාඩි කීපය තුල. මේ අතර ටර්බියුලන්ස් ´ හැර වෙන මොන හේතුවකට වත් ගුවන් යානයේ වේගය හෝ ගමන් කරන උස වෙනස් නොවේ (නදී)

:       0       0

රජින්ද Friday, 15 August 2014 08:30 AM

ෆාසි, දැන්වත් තේරෙනවද ඔයාලගේ වැරදි දර්ශනය නිසා මුළු ලෝකෙන්ම ඔයාලා කොච්චර කොන් වෙලාද කියල? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 80 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 182 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 136 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1456 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 432 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 733 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site