IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


බින් ලාඩන් සැඟවී ජීවත් වුණේ පාකිස්තානයේ උදව් ලැබුණු නිසා

ඝාතනය වීමට පෙර, අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට පාකිස්තානයේ ඇබොට්ටාබාද් නගරයේ නිවසක සැඟවී ජීවත් වීමට හැකියාව ලැබුණේ පාකිස්තාන රජයේ නිලධාරීන් කිහිප දෙනකුගේ සහාය සහ අනුදැනුම ඇතිව යැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පවසයි. ආරක්ෂක ලේකම් පැනේටා ඒ බැව් කියා සිටියේ පෙරේදා (29) ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමිනි. ”බින් ලාඩන් සැඟවී සිටි බව තමා දන්නේ නැහැ කියා පාකිස්තාන රජය පවසනවා. ඒත් මා පෞද්ගලිකව ඒක විශ්වාස කරන්නේ නැහැ. පාකිස්තාන රජයේ බහුතරය ඒ ගැන නොදන්නවා වුණත් කිහිප දෙනකු හෝ ඒ ගැන දැන සිටින්න ඇතැයි කියා මා විශ්වාස කරනවා. වසර ගණනක් තිස්සේ මහල් නිවසක ඔසාමා බින් ලාඩන්ට සැඟවී ජීවත් වෙන්න හැකි වුණේ ඒ හින්දයි.” යැයි ආරක්ෂක ලේකම්වරයා පවසයි. බින් ලාඩන් සැඟවී සිටින තැන නිවැරදිව සොයා ගැනීමට හැකිවුණේ ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශයටය. ඒ, දීර්ඝ කාලයක් තිස්සේ කළ සෙවිල්ලක ප‍්‍රතිපලයක් හැටියටය. ඇමෙරිකා හමුදාවේ නේවි සීල් භටයන් අතින් සැඟවී ජීවත් වුණු බින් ලාඩන් ඝාතනය කෙරුණේ ඉකුත් වසරේ මැයි 22 වැනිදාය. ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා සහ හමුදා ප‍්‍රධානීන්ගේ අණ පරිදි එම මෙහෙයුම සිදු කළේ පාකිස්තාන රජයට කල්තියා දැනුම් දීමක් නොකරය. පාකිස්තාන රජය චෝදනා කරන්නේ ඇමෙරිකාව පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝණය කළ බවය. එම අවස්ථාවේදී ඇමෙරිකා/පාකිස්තාන ඇයි හොඳයිකම් පළුඳු විය. දෙරට අතරේ හටගත් අර්බුදය, ඉකුත් නොවැම්බර් මාසයේදී ඇමෙරිකා ඩ්‍රෝන යානා මිසයිල ප‍්‍රහාරයකින් පාකිස්තාන සෙබළුන් 24 දෙනකු මියයෑමත් සමඟ තවත් උග‍්‍ර අතට හැරී තිබේ. එම අර්බුදය තවමත් විසඳී නැත.  ඇමෙරිකා ආරක්‍ෂක ලේකම් ලියොන් පැනේටා



අදහස් (0)

බින් ලාඩන් සැඟවී ජීවත් වුණේ පාකිස්තානයේ උදව් ලැබුණු නිසා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 1916 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 156 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1800 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 54 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 3510 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 39 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 148 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1425 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1352 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site