IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බින් ලාඩන්ගේ කුඩම්මාත් ගුවන් අනතුරින් මරුට

හදිසි ගුවන්යානා අනතුරකින් හිටපු අල්කයිඩා ත‍්‍රස්ත නායක ඔසාමා බින් ලාඩෙන්ගේ කුඩම්මා සහ ඥාතිසොහොයුරියක මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් ගමන් කරමින් සිටි පෞද්ගලික ජෙට් යානය බි‍්‍රතාන්‍යයේ බ්ලැක්බුෂ් ගුවන්තොටුපළේ ගොඩ බැස්වීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ. යානයේ නියමුවා නියමිත වේගය ඉක්මවා යානය ගොඩබැස්වීමට තැත් කර ඇතැයි ද අවසාන මොහොතේදී එය නිවැරදි කිරීමට යාමේදී යානය ඔහුගේ පාලනයෙන් ගිලිහී ගොස් අසළ මෝටර් රථ ගාලකට කඩා වැදී ගිනිගෙන විනාශ වී ඇතැයිද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

බින් ලාඩෙන්ගේ පවුලේ සාමාජිකයින් දෙදෙනා හා ගුවන්නියමුවා හඳුනාගත නොහැකි තරමට පිළිස්සී ඇතැයි බ්ලැක්බුෂ් පොලිස් ආරංචි මාර්ග කියයි.

බින් ලාඩෙන් පවුල සෞදි අරාබියේ ප‍්‍රභූ ගණයට අයත් වන පවුලක් වන අතර ඔවුහු සාර්ථක ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමකට හිමිකම් කියති. මෙම පවුලේ ඔසාමාට සිටි සහෝදර සහෝදරියන් සංඛ්‍යාව 50 ඉක්මවන අතර එයින්ම බින් ලාඩෙන් පවුලේ විශාලත්වය සිතාගත හැකිය.

ත‍්‍රස්ත කටයුතු වල නිරත වන්නේ යැයි හෙළිවීම නිසා සෞදි අරාබිය ඔසාමාව එරටින් පිටුවහල් කර දැමූ අතර ඒ හාම බින් ලාඩෙන් පවුලේ සාමාජිකත්වයෙන්ද ඔහුව නෙරපා හැරීමට ඔහුගේ පියා කටයුතු කළේය.

2AFF757100000578-0-image-a-195_1438703885511[1] 2B04CC0F00000578-0-image-a-198_1438703950783[1] 2B005ABE00000578-0-image-a-197_1438703898181[1] 2B06A1E700000578-0-image-a-193_1438703859958[1] 2B06A1F200000578-0-image-a-192_1438703842511[1]

 



අදහස් (0)

බින් ලාඩන්ගේ කුඩම්මාත් ගුවන් අනතුරින් මරුට

කමල් Friday, 07 August 2015 10:19 AM

රිෂාර්ඩ්ට මුකුත් කියන්න එපා (අ)

:       0       0

තිලක් Wednesday, 05 August 2015 07:39 PM

මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

සුකිරි Thursday, 06 August 2015 05:56 AM

අනේ මේ ගොල්ලන්ද... පවුලම අතු ගෑවුනත් මන් නම් මොකුත් කියන්නේ නැහැ.(නදී)

:       0       0

රිෂාර්ඩ් Friday, 07 August 2015 06:18 AM

කව්රුත් ලෝකයේ අල්ලාහ් දෙවියන්ගේ පණිවිඩය පරිදි මනුස්ස ලෝකයාම ඉස්ලාම් ස්වර්ගයක් කිරීම සඳහා කැපවූ බින් ලාඩෙන් උත්තමයාට මුකුත් කියන්න එපා.දෙමළ ජනතාව ප්‍රභාකරන් අදහනවා වාගේම මුස්ලිම් අපිත් අති උත්තම බින් ලාඩන් අදහනවා.(ම)

:       0       0

අරුණ Thursday, 06 August 2015 09:47 AM

මොකටද සතුරාගේ කටටම නිවාඩුවකට ආවේ? දැන් ඉතින් නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ගොඩට තමා. (නදී)

:       0       0

ගුණතිලක Thursday, 06 August 2015 01:08 AM

පව්...! නුඹලා සියලු දෙනාටම අල්ලා දෙවියන්ගේ පිහිටයි.කිසිවකු මියයාම හෝ මරණයට පත්කිරීම මම අනුමත නොකරමි. සියල්ලෝ සතුටින් ජීවත්වීම මගේ ප්‍රාර්ථනයයි. (නි)

:       0       0

නිශේන් Friday, 07 August 2015 10:13 PM

සතුරෙකුගේ වුවද මරණයකදී සතුටුවීම අපි නොකරමු (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 05 August 2015 02:10 PM

මක්කම පූජා භූමියේ සියලු ගොඩනැගිලි ඉදිකිරීම් කරනුයේ බින් ලාඩන් සමාගම විසිනුයි. එසේ හෙයින් මේ පව්ල ධන කුවේරයන්ය. (බ)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 09:23 AM

ලේ තැවරුණ මුදලින් සැප විදීමේ අවසානය (ම)

:       0       0

ලක්මාල් Friday, 07 August 2015 03:12 AM

ඒ අය පදිංචිය එංගලන්තයේ. අරුණ ගොඩක් දේවල් නොදන්නා හැඩයි (නි)

:       0       0

සමන් වැලිකල Wednesday, 05 August 2015 03:02 PM

මටනම් මේක සකි,මම හිතන්නේ මේක මොකක් හරි පලන් එකක්. මම වැරදි ඇති එවුනාට සත්‍ය කවද හරි එලිවෙයි. මේකත් MH370 වුනා වගේ වෙයිද දන්නේ නෑ (බ)

:       0       0

සමන් වැලිකල Wednesday, 05 August 2015 03:17 PM

දුමින්ද නිව්ස් එක හරියට කියවල ඉන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 125 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 77 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 5989 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 77 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 397 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site