හමාස් පාලනයට නතු පලස්තීනයේ ගාසා තීරයට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ගේ රිය පෙරහර පෙරේදා (2) විරෝධතාකරුවන් පිරිසකට මැදි වූ අවස්ථාවේදී කෝපයට පත්ව සිටි එම පිරිස මහ ලේකම්වරයා ගමන් කළ රියට සපත්තුවලින් දමා ගසන්නට වූහ. මහ ලේකම්වරයා ගාසා තීරයට පැමිණියේ ඊශ්‍රායල/පලස්තීන අර්බුදයට සාකච්ඡුා මාර්ගයෙන් විසඳුම් සේවීමේ අරමුණින්ය. මහ ලේකම්වරයාට පලස්තීන ජනතාවගෙන් විරෝධයක් එල්ල වූයේ ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන පලස්තීන සිරකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හමුවී කතාබහ කර බලන්නැයි පලස්තීන වැසියන් කළ ඉල්ලම ප්‍රතික්ෂේප කළ නිසාය. මාධ්‍ය වාර්තා කළේ සියයකට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් මහ ලේකම්වරයා ගමන් කළ රථ පෙළ වට කරගෙන සපත්තුවලින් දමා ගසන්න වූ බවය. සපත්තු ප්‍රහාරයෙන් මහ ලේකම්වරයාට හෝ ඔහු සමඟ පැමිණි එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට හෝ අනතුරක් සිදු නොවිණි. මහ ලේකම් මූන් ඊශ්‍රායලයට කත් අදිනවා යැයි විරෝධතාකරුවෝ චෝදනා කරන්නට වූහ. පලස්තීන සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ ව්‍යාපාරික ප්‍රජාව මහලේකම් මූන් සමඟ රාතී‍්‍ර භෝජන සංග්‍රහයකට එක් වීමට ද නියමිතව තිබුණි. එහෙත් ඊශ්‍රායල බන්ධනාගාරවල සිරකර සිටින පලස්තීනුවන්ගේ පවුල්වල සාමාජිකයන් හමුවී කතා බහ කිරීම මහ ලේකම්වරයා ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඔවුහු එම රාතී‍්‍ර භෝජන සංග්‍රහය වර්ජනය කළහ. පලස්තීනුවෝ 5,000 කට වැඩි පිරිසක් ඊශ්‍රායල බන්ධනාගාරවල සිරගතව සිටිති. ඔවුන්ගේ සුවදුක් බැලීමටවත් ඔවුන්ගේ පවුල්වල අයට අවසර නොලැබෙයි. මහ ලේකම් මූන් ගාසා තීරයේ සංචාරය කරන තෙවැනි අවස්ථාව වූයේ මෙයයි. මීට පෙර 2008 වසරේදී ද ඔහු ගාසා තීරයට පැමිණි විට මේ අයුරින්ම විරෝධාතාවලට මුහුණ දුන්නේය. ගාසා තීරයෙන් කඩිමුඩියේ පිටවී ගිය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ගමනාන්තය වූයේ ඊශ්‍රායලයයි. ඊශ්‍රායලයේ ඩෙරෝට් නගරයට පැමිණි ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමි වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බෑන් කී මූන් ගමන් කළ රියට ගාසා තීරයේදී සපත්තු ප්‍රහාර
සුමන Saturday, 04 February 2012 06:54 PM
ඇමෙරිකාවට ඕන විදියට නටනවා..