IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බෙදුම්වාදීන්ට - විපක්ෂ ක්‍රියාකාරීන්ට ලබාදුන් ආරක්ෂාව ඉවත්කරගනී

බෙදුම්වාදී නායකයන් 18 දෙනෙකුට සහ විපක්ෂ ක්‍රියාකාරීන් 155 දෙනෙකුට ලබාදී තිබූ ආරක්ෂාව ඉවත්කර ගැනීමට ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තය තීරණය කර ඇත. 


පසුගිය සතියේදී මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් එම ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයන් 41 දෙනෙකු මිය යෑමත් යන කරුණු මුල් කරගෙන ජම්මු හා කාශ්මීර ප්‍රාන්තය එම තීරණය ගෙන තිබේ. 
 
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව කාශ්මීරයේ ප්‍රධාන පක්ෂයක් සමඟ සන්ධාන ගතවීම නිසා වර්තමානයේදී කඳුකර ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ පරිපාලනය හිමිව ඇත්තේ ඉන්දීය ෆෙඩරල් රජයටය. 
 
ඉන්දීය මධ්‍යම රජය (ෆෙඩරල් රජය) සමඟ සාකච්ඡාවලට එළැඹීම නිසා බෙදුම්වාදී නායකයන්ට ආරක්ෂාව ලබාදීමට ඉන්දියාව පියවර ගත්තේය. සටන්කාමීන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ඔවුන්ට එලෙස ආරක්ෂාව ලබාදෙන ලදි. 
 
“බෙදුම්වාදී නායකයන්ට ආරක්ෂාව ලබාදීම රාජ්‍ය සම්පත් නාස්ති කිරීමක්. එම සම්පත් වෙනත් තැනකට යොදවන්න පුළුවන්” යැයි ජම්මු හා කාශ්මීර ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 
 
බෙදුම්වාදී නායකයන්ට අමතරව ප්‍රධාන විපක්ෂ කණ්ඩායම්වල දේශපාලන නායකයන් සහ ක්‍රියාකාරීන් 155 දෙනෙකු ඉවත් කරගැනීමට ද ජම්මු හා කාශ්මීර ප්‍රාන්තය තීරණය කර ඇත.
 
“මේ පියවර සමඟ පොලිස් නිලධාරීන් 1000කට වැඩි පිරිසක් සහ වාහන 100කට වැඩි සංඛ්‍යාවකට සාමාන්‍ය පොලිස් රාජකාරීවල නිරත විය හැකි” යැයි ප්‍රාන්ත ආණ්ඩුව වැඩිදුරටත් සඳහන් කළේය. 
 
(රොයිටර් ඇසුරිනි) 
 
055



අදහස් (0)

බෙදුම්වාදීන්ට - විපක්ෂ ක්‍රියාකාරීන්ට ලබාදුන් ආරක්ෂාව ඉවත්කරගනී

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 164 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 101 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 119 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 38 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 878 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1441 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site