IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බැටරිය බැහැලා දැයි බලාගන්න බිමට දාන්න

බැටරියක ආයු කාලය අවසන්වී ඇත්දැයි සොයාබැලීමේ අපූරු ක්‍රමයක් ඇමරිකා ජාතික ඉංජිනේරුවෙකු හඳුන්වාදී තිබේ.

ඔහුට අනුව බැටරියක් උසක සිට පොළවට අතහැර එය පොලා පනින්නේ දැයි සොයාබැලීම මගින් බැටරියේ ආයුකාලය අවසන් යැයි තීරණය කළ හැකිය.

අන්තර්ජාලයට එක්කර ඇති වීඩියෝවක ඔහු මෙය ප්‍රායෝගිකවම පෙන්වන ආකාරය දැක්වෙන අතර අලූත්ම බැටරියක්  පොළවට අතහැරි විට පොලා පනින්නේ නැති බවද පැරණි බලයක් නොමැති බැටරියක් පොළවට අතහැරි විට එය පොලා පනින බවද  එම වීඩියෝවේ සටහන්ව තිබේ.

මෙයට හේතුව පැහැදිලි කරදෙන ඔහු පවසන්නේ අලුත ගත් බැටරියක අභ්‍යන්තරයේ ඇති ජෙලි වැනි ස්ථරය බැටරිය ඉහළ සිට පහළට වැටී නැවත පොලා පැනීමට අවැසි වන ශක්තිය උරා ගන්නා නිසා අලූත් බැටරියක් පොලා නොපනින බවයි.

නමුත් පැරණි බැටරියක මෙම ස්ථරය ඇත්තේ ඝණ වී හෙයින් ශක්තිය උරා ගැනීමට නොහැකි තැන බැටරිය නැවත පොලා පනින  බව ඔහු පෙන්වා දේ.

බැටරිය උසක සිට පොළවට ඒමේදී උපදින චාලක ශක්තියෙන් කොටසක් පොළවේ හා ගැටී විනාශ වුවද තවත් කොටසක් ඉතිරි වේ.

අලුත් බැටරියේ ඇති ජෙලි ස්ථරය මෙම ඉතිරිවන චාලක ශක්ති ප්‍රමාණය උරා ගත්තද පැරණි බැටරියක එම ජෙලි ස්ථරය ඝණයක් වී පැවතීම නිසා එසේ ශක්තිය උරා ගැනීමට ඊට හැකියාවක් නැත.

එනිසා එය පොලා පනී.

මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින්ගේද අවධානය යොමුව තිබෙන අතර ඔවුන් පවසන්නේ මෙය සරල වුවත් ගතයුත්තක් තිබෙන බවයි.

බැටරියක සිදුවන රසායන ප්‍රතික්‍රියා නිසා උපදින ජලය අවශෝෂණය කර ගැනීමට මෙම ජෙලි ස්ථරය අන්තර්ගත කර තිබෙන බව පෙන්වා දෙන ඔවුන් කල් ගතවීමේදී එම ජෙලි ස්ථරයට ජලය තවදුරටත් උරාගත නොහැකි අවස්ථාවක් උදා වන බවද එවිට එය ඝණ වන බවද පවසයි.

බැටරියක් පිම්බෙන්නේ,එයින් ද්‍රවයන් වෑස්සීමට පටන්ගන්නේ මේ නිසා යැයි ඔවුන් කියයි.

දැන් පිම්බෙන තෙක් හෝ ද්‍රවයන් වෑස්සෙන තෙක් බලා නොසිට උඩක සිට අතහැර බැටරිය නැවත ‘‘උඩ‘‘ පනින්නේදැයි බැලීමෙන්ද එහි හොද නරක විමසා බැලිය හැකි බවක් පෙනේන්නේ යැයි ඔවුන් පවසයි.

1409840270731_wps_1_Outgassing_JPG 1409840286997_wps_3_Good_battery_inside_JPG



අදහස් (0)

බැටරිය බැහැලා දැයි බලාගන්න බිමට දාන්න

විමල් Saturday, 06 September 2014 02:28 PM

අලුත් අදහස් වලින් බොහෝ දේ පහසු වේ (නි)

:       0       0

සදුනි Friday, 05 September 2014 02:25 PM

හොද අදහසක් නේ. කියල දුන්නට ස්තුතියි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 77 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 174 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 134 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1450 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 432 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 721 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site