‘වෂී’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව පිලිපීනය හරහා හමා යෑමත් සමඟ හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් 600 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. 200 දෙනෙක් අතුරුදන් වූහ. ‘වෂී’ සුළි කුණාටුවෙන් බරපතළහානි සිදුවී ඇත්තේ පිලිපීනයට අයත් කුඩා දූපත්වලටය. එම දූපත්වල ගම්මාන මුළුමනින්ම ජලයෙන් යට වී ඇතැයි වාර්තා වේ. උන්හිටි තැන් අහිමිවූවන්ගේ ගණන ලක්ෂයකි. පැයට කිලෝ මීටර් 150 ක වේගයකින් හමා ගිය ‘වෂී’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණේ ඉකුත් සිකුරාදා (16) රාති‍්‍රයේය. කුණාටුව හේතුවෙන් පැය 12 ක් තිස්සේ නොකඩවා මහ වැසි ඇද හැලූණු බව පිලිපීන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මහ වැසි සමඟ පළාත් රැුසක හදිසි ජල ගැලීම් සහ නායයෑම් හටගත් අතර ඊට බිලිවී ඇත්තේ නිවෙස්වල නිදා සිටි පිරිස්ය. කුණාටුව හමා එද්දී මූදු ගිය ධීවරයන් 400 දෙනකු ද අතුරුදන්ව ඇතැයි වෙරළාරක්ෂක නිලධාරීහු පවසති. නායයෑම් නිසා ටොන් ගණනක් බර පස් තට්ටු යට සිරවූවන් සෙවීමේ මෙහෙයුම් මේ වනවිටත් සිදු කෙරෙන අතර වර්ෂාව ඊට බාධාවක් වී තිබේ. සහන සේවා නිලධාරීන්ගේ සහායට හමුදා නිලධාරීන් 2,500 ක් යෙදවීමට පිලිපීනය රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. ගස් කඩා වැටීමෙන් සහ නායයෑම් හේතුවෙන් ප්‍රධාන මාර්ග රැුසක් අවහිර වී ප්‍රදේශ රැුසකට විදුලි බලය ද අහිමි වී ඇත. පිලිපීනය සෑම වසරකම චණ්ඩ මාරුත සහ සුළි කුණාටුවලින් බැට කන රටකි. එරට කාලගුණ විද්‍යා බලධාරීන් පවසන්නේ සෑම වසරකට සුළි කුණාටු 20 කට වැඩි ප්‍රමාණයක් පිලිපීනය හරහා හමා යන බවය. ඉකුත් සිකුරාදා පිලිපීනයට කඩා වැදුණු ‘වෂී’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණු අති ප්‍රබල සහ අති බිහිසුණු සුළි කුණාටුවක් යැයිද කාලගුණ විද්‍යා බලධාරීහු පෙන්වා දෙති. ‘වෂී’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ දේපොල හානිය අතිමහත් බවත් එය කොපමණදැයි තවමත් ගණන් බලා නැති බවත් පිලිපීන බලධාරීහු වැඩි දුරටත් පවසති.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පිලිපීනයට කඩා වැදුණු ‘වෂී’ සුළි කුණාටුව 600 ක් බිලිගනී