ඉතාලියේ මධ්‍යධරණී මුහුදේ පිහිටි ගිග්ලියෝ දූපත අසල කොරල් පරයක හැපී කොන්කෝඩියා නමැති සුඛෝපභෝගී නැව පෙරැළුණු අවස්ථාවේදී තමා නැව අතැර පලාගියබවට නගන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව අනියම් මිනීමැරුම් චෝදනාවලට ලක්ව සිටින එම නැවේ කපිතාන්වරයා පෙරේදා(17) කියා සිටියේය. කපිතාන්වරයා ඒ බැව් ප‍්‍රකාශ කළ අවස්ථාව වන විට නාවික අනතුරින් මිය ගිය තවත් පුද්ගලයන් පස් දෙනකුගේ මළ සිරුරු ගොඩ ගැනීමට හැකි වූ බවත් ඒ සමගම අනතුරින් මිය ගිය ගණන 11 දක්වා ඉහළ ගොස් ඇති බවත් සහන සේවා කණ්ඩායම් කියා සිටියේය. නැව අනතුරට ලක්වීමෙන් අනතුරුව එහි කපිතාන්වරයා වූ ෆ‍්‍රැන්සෙස්කෝ ෂෙටීනෝ (52) සමග සිදු කළ දුරකථන සංවාදයක් ඉතාලි වරාය අධිකාරිය විසින් පටිගත කර ඇති අතර එම සංවාදයට අනුව නැව අනතුරට පත් වූ අවස්ථාවේදී වෙරළාරක්ෂක අංශ මගින් නැවෙන් පිටවීමට උත්සාහ ගත් කපිතාන්වරයාට අනතුරට පත් නැව වෙත ආපසු යන ලෙස දන්වා ඇති අතර ඔහු එම නියෝග නොසලකා හැර ඇත. නැව අනතුරට ලක්වීම සම්බන්ධයෙන් නීතිවේදීන් විසින් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ඇති අතර එහිදී, නැව කොරල් පරයේ ගැටුණු අවස්ථාව වන විට තමා සුක්කානම් මැදිරියේ සිටි අතර පසුව නැව ඇලවීමත් සමග තමන් මුහුදට වැටුණු නිසා තමාට නැවට ගොඩවීමට නොහැකි වූ බව කපිතාන්වරයා පැවසූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. දිවි ගැලවීමේ මෙහෙයුම්වල නිරත සහන සේවා කණ්ඩායම් පවසන්නේ තවමත් පුද්ගලයන් 24 දෙනකු අතුරුදන්ව ඇති බවය. අයහපත් කාලගුණික තත්වයක් පැවතිය ද අතුරුදහන් වුවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව සහන සේවකයෝ පවසති. කොන්කෝඩියා නැව අනතුරට පත්වීමේදී දිවි ගලවාගත් අය අතර 1912 ටයිටැනික් නෞකාවේ අනතුරින් දිවිගලවාගත් අයෙකුගේ මිණිබිරියක සිටින බව ද වාර්තා වේ.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පෙරැළුණු නැව අතහැර ගියැයි කරන චෝදනා කපිතාන් ප‍්‍රතික්ෂේප කරයි