IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පැරීසියේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් මරුට

ප්‍රංශයේ මධ්‍යම පැරිසියේදී කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියකු මරණයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලැබූ බව ප්‍රංශ පොලිසිය කියයි.

ආරක්ෂක අංශ කළ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයාද මියගොස් තිබේ.

ප්‍රහාරය සිදු වූ මධ්‍යම පැරිසියේ චෑම්ප් එලිසීස්හිදි මෙම වෙඩි තැබීම සිදු වූ අතර එම නගරය ආරක්ෂක අංශ පාලනයට ගැනීමට පියවර ගෙන තිබිණි. ප්‍රහාරකයා පැමිණ ඇත්තේ තනිවම යැයි ද ඔහු එකවර වෙඩි තැබූ බව ද ප්‍රංශ ආරක්ෂක අංශ පැවසීය.

ත්‍රස්ත විරෝධී විමර්ශනයක් ඊයේ (20) රාත්‍රීයේම ආරම්භ කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබිණි. ප්‍රංශයට අයි.එස් ත්‍රස්ත තර්ජන එල්ල වී ඇති අතර ඉරිදා (23) පැවැත්වෙන මැතිවරණයට පෙර එල්ල වූ මෙම ප්‍රහාරය නිසා ඉදිරි දින කිහිපයේදීත් මැතිවරණයෙන් පසුත් ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමේ අවදානම් ඇති වී තිබේ.

ඉකුත් 2015 වසරේ සිට මේ දක්වා අයිසිස් සංවිධානය ඇතුළු ජිහාද් සංවිධාන කරන ලද ප්‍රහාරවලින් 238ක් මිය ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය සඳහන් කරයි.

ඒ.එෆ්.පී ඇසුරිනි -055

 



අදහස් (1)

පැරීසියේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් මරුට

Nandalal de Silva - France Friday, 21 April 2017 12:35 PM

ලෝකයේ ආකර්ශනීයම මාවත නමින් හැඳින්වෙන "ශොම් එලිසේ " පෙදෙස මේ වන විටත් විවිධ රටවලින් පැමිණ සිටින සංචාරකයන්ගෙන් පිරි තිබෙන, සුඛෝපභෝගී හෝටල්, තට්ටු නිවාස සහ සාප්පු වලින් පිරි, රමණිය විශාල ප්‍රදේශයක්. ඉරිදා පැවැත්වෙන ප්‍රංශ ජනපතිවරණයේ පළමු වටය නිසා රටපුරාම ආරක්ෂාව දැඩි කර තිබෙනවා. මේ ත්‍රස්ත ප්‍රහාරය නිසා සමහර අපේක්ෂකයන් සිය ප්‍රචාරක කටයුතු අවලංගු කර තිබෙනවා. අයි. එස් ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රංශ රජය මැද පෙරදිග සමහර රටවල කරන ප්‍රහාර නිසා මේ වෙඩි තැබීම සිදු කර ඇතිබව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

:       2       2

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 169 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 98 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 223 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 151 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1495 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 444 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site