ප‍්‍රංශ ජනාධිපතිවරණය ඊයේ (22) ආරම්භ වූ අතර, වත්මන් ජනපති නිකලස් සාර්කෝසිට බලය අහිමි වී සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා ඕලන්ද් ජයග‍්‍රණය කරනු ඇතැයි අනාවැකි පළවී ඇත. ඡුන්ද දායකයන් කෝටි 4.4 ක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටි අතර ජනපති සාර්කෝසිගේ පාලනය පිළිබඳ කලකිරී සිටි බොහෝ දෙනා කියා තිබුණේ තමන් ඔහුට විරුද්ධව ඡන්දය දෙන බව හෝ ඡුන්දය දීමෙන් වැළැකී සිටීමට තීරණය කළ බවය. මේ බව අනාවරණය වූයේ ජනපතිවරණයට පෙර පැවැති ජනමත සමීක්ෂණයකදීය. මැතිවරණය ඊයේ උදෑසන 8 ට ආරම්භ වූ අතර පස්වරු 8 ට අවසන් වීමට නියමිතව තිබුණි. රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 85,000 ක් කි‍්‍රයාත්මක වූ බව ද වාර්තා විය. බ‍්‍රසීලය, උරුගුවේ, ආජන්ටීනාව, ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය යන රටවල වාසය කරන ප‍්‍රංශ ජාතිකයන් ද අත්ලාන්තික්, පැසිෆික් සහ ඉන්දීය සාගර කලාපයේ ප‍්‍රංශ දුපත්වල වැසියන් ද සිය ඡුන්දය ප‍්‍රකාශ කළේ පෙරේදා (21) ය. ජනපතිවරණය සඳහා අපේක්ෂකයෝ 10 දෙනෙක් ඉදිරිපත් වෙති. ඒ අතරින් පෙරමුණ ගෙන සිටින්නේ වත්මන් ජනපති සාර්කෝසි සහ සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා ඕලන්ද්ය. කරට කර සටනක යෙදී සිටින මොවුන් දෙදෙනගෙන් එක් අයකුට හෝ ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට 50 කට වඩා හිමිකර ගැනීමට නොහැකි වුවහොත් ඔවුන් දෙදෙනා අතරේ දෙවැනි වටයේ ඡන්දයක් ලබන මැයි මාසයේදී පැවැත්වේ.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ප‍්‍රංශ ජනපතිවරණය ඇරැඹේ: