IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ප්‍රංශයත් ග්ලයිෆොසෙට් තහනම් කරයි

පැරිස්හිදීය (ඒ.එෆ්.පී)
කෘමිනාශක භාවිතය තහනම් කිරීම සඳහා පියවර ගන්නා බව ප්‍රංශය නිවේදනය කරයි. මතභේදාත්මක ග්ලයිෆොසෙට් රසායනය භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටද ප්‍රංශ රජය පියවර ගෙන තිබේ. 
යුරෝපයේ විශාලතම ආහාර නිෂ්පාදකයා වන ප්‍රංශය 2022 වසර වනවිට ග්ලයිෆෝසෙට් භාවිතය සම්පූර්ණයෙන් නවතා දැමීමට තීරණය කර ඇතැයි ප්‍රංශ රජයේ ප්‍රකාශක ක්‍රිස්ටෝෆ් කැස්ටනර් අද (25) ප්‍රකාශ කළේය. ග්ලයිෆෝසෙට් නිසා පිළිකා ඇති වන බව සොයා ගැනීම මෙම තහනම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. 
එමෙන්ම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ ධුර කාලය අවසන් වනවිට සියලුම කෘමිනාශක වර්ග භාවිත කිරීම නවතා දැමීමට ඉලක්ක කර ඇතැයි ද ප්‍රංශ රජයේ ප්‍රකාශකයා පැවැසීය. 
ග්ලයිෆෝසෙට් යනු ලොව වැඩියෙන්ම භාවිත වන වල්නාශක පහ අතුරින් එකකි. එය නිෂ්පාදනය කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂි රසායන දැවැන්තයකු වන මොනසැන්ටෝ සමාගමයි. 
ග්ලයිෆෝසෙට් රසායනයට ලබා දී තිබෙන බලපත්‍රය තවත් වසර දහයකින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම තීරණය කර තිබෙන අතර එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රංශය සඳහන් කරයි. 
මෙම රසායනය භාවිත කිරීම තහනම් කිරීම සඳහා මේ වනවිට මිලියන 1.3 දෙනකු පෙත්සමකට ද අත්සන් තබා තිබේ. 
ග්ලයිෆොසෙට් පිළිකා ඇති කරන්නක් වශයෙන් වර්ගීකරණය නොකළ යුතු බව යුරෝපා සංගමයේ රසායන ආයතනය පෙන්වා දුන්නද එය නියත වශයෙන්ම පිළිකා ඇති කරන්නක් බව විද්‍යාඥයෝ සහ පරිසරවේදීහූ පෙන්වාදෙති. 

055
 



අදහස් (3)

ප්‍රංශයත් ග්ලයිෆොසෙට් තහනම් කරයි

Ranjith Silva Tuesday, 26 September 2017 10:44 PM

නිෂ්පාදිත රටවලින් ලැබෙන වාසි නිසා මෙහෙ තීරණ ගන්න අයට මේක හොඳ පාඩමක්. ඔන්න බටහිර අය එපා කියනවා. තවත් සාක්කි ඕනෙද මේ වස තහනම් කරන්න. තේ වලට වස දැම්ම නිසා අපේ තේ කර්මාන්තය ලෝක වෙළඳපලින් විසි වේවි.

:       0       53

Perakum Tuesday, 26 September 2017 11:54 PM

දියුණු රටවල් බොහොමයක් මේ රසායනිකය තහනම් කලත් අපේ රටේ ඉන්න උගත් යයි කියන සමහර අය කියන්නේ ඒකෙ අනිත්පැත්ත. මට හිතෙන්නෙ ඒ කට්ටිය ඖෂධ මාෆියාවට අහුවෙලා අපිට වින කරන්න හදනවා. එගොල්ලගේ සාක්කු පිරෙනවා ඩොලර් වලින්...! බලධාරීන් නිහඬ ඇයි...?

:       0       37

Perakum Wednesday, 27 September 2017 04:01 PM

අයි මේ කවුරුත් ග්ලයිෆොසෙට් ගැන කමෙන්ට් නොකරන්නේ...? ජාත්‍යන්තර කෘෂි රසායන මාෆියාවට යට වෙලාවත්ද...?

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 84 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 63 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 4648 7

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 61 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 390 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 727 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1666 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1525 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site