IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ප‍්‍රබල භූමි කම්පා දෙකකින් ඉරානයේ 250 ක් මරුට:

වයඹදිග ඉරානයට පෙරේදා(11) බලපෑ ප‍්‍රබල භූකම්පන දෙකකින් පුද්ගලයන් 250 දෙනකු ජීවිතක්ෂයට පත්ව 2000කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ඉරාන ආපදා කළමනාකරණ ප‍්‍රකාශකයෙක් පැවැසීය. භූකම්පන හටගෙන ඇත්තේ වයඹදිග ඉරානයේ පිහිටි ටැබ්රිස් සහ අහාර් යන නගර ආසන්නයේ බවත් ඒවායේ ප‍්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.4ක් සහ 6.3ක් ලෙස සටහන් වූ බවත් ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. ටැබ්රිස් නගරය භූකම්පනයෙන් දෙදරා යාමෙන් අනතුරුව ප‍්‍රදේශවාසීන් දහස් ගණන් සිය ගම්බිම් අතහැර පලා ගොස් ඇති බවත් ආපදාවන්ට ලක්වූවන් බේරාගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් සහන සේවකයෝ පවසති. මෙම ප‍්‍රබල භූකම්පනවල අපිකේන්ද්‍රය ටැබ්රිස් නගරයට සැතපුම් 40ක් දුරින් පිහිටි අහාර් ප‍්‍රදේශය ආසන්නයේ පිහිටා ඇති බවත් භූකම්පනවලින් අනතුරුව පසුකම්පන 55ක් පමණ වාර්තා වූ බවත් තෙහෙරාන් විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශය සඳහන් කරයි. භූකම්පනය හටගත් ටැබ්රිස් නගරයට අමතරව ග‍්‍රාමීය ප‍්‍රදේශ 50ක් පමණ එහි බලපෑමට ලක්ව ඇති අතර ඉන් භාගයකට වැඩි ප‍්‍රමාණයක් මුළුමනින්ම විනාශවී ගොස් ඇත. මියගිය අය අතර කාන්තාවන් සහ කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් සිටින බවත් එම මරණ බොහොමයක් වාර්තා වන්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශවලින් බවත් සහනසේවකයෝ පවසති. මෙම ස්වභාවික ව්‍යසනය සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන ජනාධිපති කාර්යාලය සඳහන් කළේ භූකම්පනයෙන් මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කරන බවත් විපතට පත්වූවන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා බවත්ය. මේ වන විට භූකම්පනයෙන් විපතට පත් වූවන් බේරා ගැනීම පිණිස  සහනසේවා කණ්ඩායම් 66ක් සුනඛ කණ්ඩායම් 11ක් සහ ගිලන්රථ 185ක් භූකම්පනයෙන් විනාශ වූ ප‍්‍රදේශ කරා යොමු කර ඇති බව ඉරාන රූපවාහිනිය පැවැසීය. නැවතත් මෙවැනි විනාශකාරී භූකම්පනයක් ඇතිවේයැයි බියෙන් ප‍්‍රදේශයෙන් ඉවත්වී සිටින  16,000ක් පමණ වූ වැසියන් හට තාවකාලික කූඩාරම් තුන්දහසක්, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට රතු කුරුස සංවිධානය පියවරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. භූ තැටි මායිම් කිහිපයක් එකිනෙක මායිම්වන ස්ථානයක ඉරානය පිහිටා ඇත. ඒ නිසා ඉරානයේ භූකම්පන ඇතිවීම ස්වභාවික තත්ත්වයක් බව භූවිද්‍යාඥයෝ පෙන්වා දෙති. 2003 වසරේ දෙසැම්බර් මාසයේදී දකුණුදිග ඉරානයේ පිහිටි බාම් නගරයට බලපෑ රික්ටර් පරිමාණයේ ඒකක 6.6ක් සටහන් කළ භූකම්පනයෙන් පුද්ගලයන් 31,000ක් පමණ ජීවිතක්ෂයට පත් වූහ. එහිදී ඉපැරැණි මඩවලින් සාදන ලද නගරයක් ද සම්පූර්ණයෙන්ම විනාශ විය.



අදහස් (0)

ප‍්‍රබල භූමි කම්පා දෙකකින් ඉරානයේ 250 ක් මරුට:

මධු Monday, 13 August 2012 04:22 PM

ඔය ඉතිං දන්න තරම තමයි. (නි)

:       0       0

සෙනරත් Tuesday, 14 August 2012 01:17 AM

අයියෝ සල්ලි

:       0       0

සජිත් Tuesday, 14 August 2012 01:08 PM

නිශ්ශංකගේ කතාවට මමත් එකගත්වය පළ කරනවා. (නි)

:       0       0

හිරන්ත Monday, 13 August 2012 11:27 AM

මේවාත් වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තටද? (නි)

:       0       0

සුනිල් Monday, 13 August 2012 05:17 PM

මධූ, මිනිසුන් වශයෙන් සිතන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

සමීර් Tuesday, 14 August 2012 10:13 PM

මුස්ලිම් රටවල් වලට මෙහෙම හානි සිදුවීම ගැන මට දුකයි. (නි)

:       0       0

මධු Monday, 13 August 2012 12:35 PM

හොදයි ..... කියලවත් කරන්න බැරි දෙයක් ! (දී)

:       0       0

ලාල් Monday, 13 August 2012 06:29 PM

පව් (අ)

:       0       0

චාමික නිශ්ශංක Monday, 13 August 2012 06:33 PM

ස්වාභාවික විපත් සියලු රටවලට පොදුයි. අහිංසක සතුන්ගේ ජිවිත තුට්ටුවකටවත් මායිම් නොකරන මිනිස්සු ජනයට හැමෝම මැරෙන්න ඇකමැති බව දැනගන්න මේවත් හොඳ පාඩම් (අ)

:       0       0

වසීම් Tuesday, 14 August 2012 08:53 AM

ලංකාවට හැම අකින්ම ඉරානය උදවු කරද්දී නම් මධූට හරි හොදයි. (නි)

:       0       0

කුමාර Monday, 13 August 2012 06:46 PM

මධු ඔයා ගැන මට හරි දුකයි මේවගේ අනතුරක් වෙලාවේදී ලාංකිකයෝ හැටියට අපි අපේ කණගාටුව පලකරන්න ඕන.හිතන්න මේ දුකට පත්වෙලා ඉන්නේ ඔයාගේ අම්මා, තාත්තා,සහොදර සහෝදරියෝනම් ඔයා කියනවද ''හොද වැඩේ කියලවත් කරගන්න බැ'' කියලා. මනුස්සයෝ විදිහට හිතන්න පුරුදු වෙන්න.මට කණගාටුව ඔයාගේ දරුවොත්(සමහරවිට) මේ විදිහට හිතනවානම් අපේ රටට යන කලදවස.මතක තියාගන්න අපිට තියෙන්නේ සතුන්ටත් වෙදකම් කරපු උතුම් ඉතිහාසයක් එකට කරුණාකරලා හානි කරන්න එපා. (අ)

:       0       0

නිස්සංක Monday, 13 August 2012 01:23 PM

ඇත්තටම දුකයි (දී)

:       0       0

කෙනත් Wednesday, 15 August 2012 03:28 AM

ඉරානය අපට හිතවත් රටක්, මිනිසුන් හරිම සුහදශීලීයි. පිටරටකදී වූණත් ඉරාන ජාතිකයෙකු මුණගැසුණොත් "අහා! ඔබ ලංකාවේද, ඉස්තරම්ම තේ එන්නේ ඔබේ රටින්, මම ලංකාවට හරි කැමතියි' වගේ සුහදශීලී දේවල් තමයි කියන්නේ. ඉරාන ජනතාව මුස්ලිම් තමයි. නමුත් අරාබි ජාතිකයන් නොවෙයි. ඔවුන් පර්සියානුවන්. කාට වුණත් මේ වගේ අනතුරක් වෙච්චි වෙලාවට මෙහෙම කියන එක වැරදියි. බෞද්ධයන් විදිහට තමන්ගේ සතුරකුටවත් මේ වගේ දෙයක් වුණොත් කම්පාවෙන්න අපිට හැකි විය යුතුයි. අපේ රට වසර 70 ක් විතර අල්ලාගෙන හිටිය එළාර දෙමළ රජු යුද්දයේදී දුටුගැමුණු රජතුමන් අතින් මළ පසු ඔහුටත් සොහොනක් සාදා, ඊට රාජ්‍ය ගෞරව දැක්විය යුතු බව අමතක නොකළ ශ්‍රේෂ්ට ජාතියක් අපි. (නි)

:       0       0

ලංකා Tuesday, 14 August 2012 05:22 PM

නිශ්ශංක, ඔයා හරියට කතා කරන්නේ සතුන් මරන්නේ ඉරානයෙ විතරක් වගේනේ. ඇයි ලංකාවෙත් තියෙන්නේ රාජ්‍ය ගව ඝාතකාගාර? (නි)

:       0       0

ආ .... Monday, 13 August 2012 03:37 PM

මධු වෙත . ඉරානය මුස්ලිම් රටක් නෙවයි . (දී)

:       0       0

අමිඅල Monday, 13 August 2012 11:02 PM

කනගාටුයි

:       0       0

අමිල Monday, 13 August 2012 11:05 PM

අයියෝ සල්ලි

:       0       0

කරුණා ' Monday, 13 August 2012 11:05 PM

මිනිස් ජිවිත අපාරදේ

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 634 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 112 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 271 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 153 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1506 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 454 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site