IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පරන වයින් බෝතලෙන් ආණ්ඩුකාරවරයා ගෙදර

ඕස්ට්‍රේලියාවේ විශාලතම ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස්හි ආණ්ඩුකාර බැරී ඕ ෆ්‍රැරල් සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

ඕ ෆ්‍රැරල් ඉල්ලා අස් වූයේ 1959 නිෂ්පාදිත ඇමෙරිකා ඩොලර් 3000ක් (රුපියල් 391830ක්) වටිනා වයින් බෝතලයක් අල්ලසක් වශයෙන් ගත්තැයි චෝදනාව එල්ල වීමෙන් පසුවය.

‘අල්ලස් දූෂණ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා ස්වාධීන පරීක්ෂණ කොමිසම‘ හමුවේ පෙනී සිටීමට ද ඔහුට සිදු විය.

පරීක්ෂණ කමිටුව හමුවේ ෆැරල් කියා සිටියේ තමා දැනුම්වත්ව එවැනි වයින් බෝතලයක් තමන්ට ලැබුණේ නැති බවයි.

‘වයින් බෝතලය ලැබුණු බවට මට මතකයක් නැහැ. මට එය අමතක වීම වරදක්‘ යැයි පරීක්ෂණ කමිටුව හමුවේ ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේය.

බැරී ඕ ෆ්‍රැරල්, පාලක ලිබරල් පක්ෂයේ ප්‍රබලයකු පමණක් නොව, අගමැති ටෝනි ඇබට්ගේ ද සමීපතමයෙකි.

අගමැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ බැරී සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන තමන් පසුතැවෙන බවයි.



අදහස් (0)

පරන වයින් බෝතලෙන් ආණ්ඩුකාරවරයා ගෙදර

මාලි Monday, 21 April 2014 05:24 PM

අපේ රටේ වුණා නම් මුලින්ම ගෙදර යන්න වෙන්නේ අල්ලස් කොමිසමේ සාමාජිකයන්ට! (නි)

:       0       0

චමින්ද Monday, 21 April 2014 05:09 PM

මෙම ප්‍රාන්ත අගමැතිවරයාගේ වයින් බෝතලය අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් දෙයක් නොව තෑග්ගක් වශයෙන් ලැබුණු දෙයක් වුවත්, ප්‍රශ්නය වනුයේ ඕස්ට්‍රේලියානු නීතිය අනුව දේශපාලකයන්ට ඩොලර් 500/= වැඩි වටිනාකමක් ඇති තෑගි ලැබුනහොත් එය රජයට බාර දිය යුතුවීමයි. ප්‍රාන්ත අගමැතිවරයා නොකරුවේද එයයි. (නි)

:       0       0

ඡානක Tuesday, 22 April 2014 07:19 PM

හරියටම හරි චින්තක ඔය කියන කතාව. අපි කොහොමද මිනිසුන්ගේ හිතන විදිය වෙනස් කරන්නේ. හැබැයි අපිට එහෙම කරන්න යුතුකමක් තියෙනවා.(නදී)

:       0       0

නිමල් Monday, 21 April 2014 07:59 AM

නීතිය ඉදිරියේ වරදකරු වනතෙක් කිසිවෙකු වරදකරුවෙකු නොවේ යනුවෙන් කයිවාරු ගහන ලාංකිකයින් යැයි කියා ගන්නා අයට ඕස්ට්‍රේලියානු දේශපාලඥයා දී ඇති ආදර්ශය කොතරම් උතුම්ද? අපි මෙහිදී සළකා බැලිය යුත්තේ ඕස්ට්‍රේලියානු මිනිසුන් සංවර වී ඇත්තේ කෙසේද යන්නය. හැබැයි එකක් කිව හැකිය. ඔවුන් සංවර වී ඇත්තේ ආගම හරහා නොවන බවත් , එසේ වී ඇත්තේ රටේ පොදු නීතිය තුලින් බවත්ය.(නි)

:       0       0

චානි Monday, 21 April 2014 08:56 AM

පුළුවන් නම් අපේ දේශපාලකයන් ආදර්ශයට ගනිත්වා!. අපේ ඇත්තන්ට මේ පුවත් ඇස ගැටේවා ! (ස)

:       0       0

සලීම් Monday, 21 April 2014 09:13 PM

අපේ රටේ අල්ලස් ගැනීමක් ගැන ජේ.ආර්. ජයවර්දන මහතාගේ පාලන කාලයේ පොතුවිල් මන්ත්‍රීවරයෙකුට ඉල්ලා අස්වීමට සිදුවිය එම සිදුවීමෙන් පසු අල්ලස් ගැනීමක් ගැන ආරංචියක් නැත. (අ)

:       0       0

චමින්ද Tuesday, 22 April 2014 01:47 AM

ඒ ඉස්සර .දැන් එවැනි සිදුවීම් ලංකාවේ සිද්ධ වන්නේ නැත.ඕස්ට්‍රේලියාවේ සිද්ධ වුනත්.(ස)

:       0       0

චින්තක Tuesday, 22 April 2014 05:08 PM

චමින්ද,අපේ රටේ ඔය නීතිය ක්‍රියාත්මක කළොත් අපේ මිනිස්සු ඕකෙනුත් පැනලා යනවා. අපේ අය තෑග්ග 500 ඩොලර් වලට කඩලා කොටස් වශයෙන් ගනිවී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 304 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 101 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 229 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 151 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1497 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 445 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site