IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පියාඹන රිය 2015 දී

2015 වසර වන විට ‘‘පියාඹන‘‘ මෝටර් රථයක් වෙළදපොළට නිකුත් කිරීමට ඇමරිකාවේ ටෙරාෆියුජියා නම් මෝටර් රථ නිශ්පාදන සමාගමක් සැළැසුම් කර ඇතැයි වාර්තා වේ.

ටී-එෆ් එක්ස් නම් වන මේ පියාඹන මෝටර් රථය වචනයේ අර්ථයෙන්ම පියාසර කිරීමේ හැකියාවෙන්ද යුක්තය. මෙය ප‍්‍රයෝජනවත් වනු ඇත්තේ අධික රථ වාහන තදබදයකට සිරවී සිටින අවස්ථාවකදී බව නිශ්පාදකයන් කියයි.එවන් අවස්ථාවකදී කිරීමට ඇත්තේ තදබදය මගහැර ‘‘පියඹා‘‘ යාමයි.

වේගවත් බවත් සුවපහසුවත් මේ මෝටර් රථය පදවන්නාට උපරිම ආකාරයෙන් ලබා ගත හැකි බවද සදහන්ය.ජෙට් යානයක මෙන් තටු දෙකක්ද මේ රථයේ වන අතර ඒවා පියාසර කිරීමට උපකාරී වේ.විශේෂ කරුණක් වන්නේ මේ මෝටර් රථයට පියාසර තත්ත්වයට එළැඹිමට සාමාන්‍ය ගුවන් යානයකට මෙන් ධාවන පථයක් අවශ්‍ය නොවීමයි.රථයේ දෙපස සවි කර ඇති රෝටර කි‍්‍රයාත්මක කිරීම මගින් රථය ඉහළට එසවිය හැක.ගුවනේදී තටු දිගහැර පියාසර කළ හැකිය.

තාක්ෂණය ඉහළම තත්ත්වයේ නිසා මිලත් පවතිනුයේ ඉහළය.මේ රථයක් ඩොලර් 300,000 පමණ මිල වනු ඇතැයි කියැවේ.

[

 



අදහස් (0)

පියාඹන රිය 2015 දී

සිල්වා-පැරිස් Thursday, 09 May 2013 06:52 PM

මුරුගා බඩ උලාගන බලන් ඉදපන්. ඌරෝ කැකුණ තලනවිට හඹන් කුකුළන්ට මගුල් කිවුවා වගෙයි.(නදී)

:       0       0

අරුණ Thursday, 09 May 2013 07:04 PM

මිනිස් මොලයේ අනර්ග නිමයුමක් ඇති විශිෂ්ටයි.(නදී)

:       0       0

අප්පුහාමි Thursday, 09 May 2013 07:31 PM

වැඩේනම් හොදා අපේ අත්තලා කටින් බතල හිටවනවා මිස්ස රෝද දෙකේ බ්ය්සිකලයක් හදන්න වත් උවමනාවක් නැහැ? මොනා උනත් සුද්දා රේල් පාර හැදුවේ නැත්නම් ලංකාවේ මිනුස්සු කෝච්චියක් තවම දැකල නැහැ මාරු නේ ?(නදී)

:       0       0

ආනන්ද ආර් Thursday, 09 May 2013 08:28 PM

ඒ රටවල තාම නැද්ද? මෙහෙ නම් මොටෝර් රථ පියාඹනවා.(නදී)

:       0       0

රනිල් Thursday, 09 May 2013 10:43 PM

ලොවේ කවුරුත් නොකරන දේ අද අපේ රටේ සොයා ගන්නවා. කාටද ආඩම්බර? (නි)

:       0       0

චූලා Thursday, 09 May 2013 04:30 PM

මේ දිහා මෙහෙම බලද්දී නම් විහිළුවක් වගේ. ඒත් ඉදිරියේදී මේකත් සාමාන්‍ය දෙයක් වෙයි (නි)

:       0       0

මුරුගන් Thursday, 09 May 2013 04:31 PM

සුද්දගේ වැඩ නම් වැඩ.... සුද්ද වගේ කියන්නේ නිකන්ද...(ස)

:       0       0

මුරුගන් Thursday, 09 May 2013 11:56 PM

සිල්වා,මට ඇතුළු අනෙකුත් ලාංකිකයන්ට උඩ බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ ඔහේ ඇතුළු අනෙකුත් "උතුම්"ජනතාව ඡන්දෙ දීලා පත්කරන අයගේ මහිමෙන්.මොකෝ මේ රට පැන්සලක්,පාපැදියක් වත් හදා ගන්ට බැරි අධම තත්වෙට පත්කළේ ඔහෙලගෙ ඡන්දෙන් ආපු අය. (නි)

:       0       0

සේරම් Friday, 10 May 2013 05:50 PM

මේ වාහනය හොඳ අපේ ලංකාවේ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට. මොකද පාරේ යන අය යට කරන කට්ටියනේ. මේ වගේ එකක් දුන්නොත් උඩින් යන නිසා අහිංසක පාරේ යන දුප්පත් අපිට නිදහසේ නොමැරි යන්න පුළුවන්. කොහොමත් අපේ මැති ඇමතිලා යන්නේ උඩින්නේ (නි)

:       0       0

සෙනරත් Friday, 10 May 2013 04:30 AM

වාහන තද බද අස්සේ කොහොමද තටු දිගහැර ගන්නේ.(නදී)

:       0       0

රසිකා Friday, 10 May 2013 06:01 AM

තාක්ෂණයේ තවත් මිනිසාගේ දියුණුවට යොදා ගැනීමක්. අගය කල යුතුයි. අපිද මෙවැනි නිර්මාණ කරන්න ඕනේ. අපගේ හැකියාවන්ද ඉතාමත් ඉහල මට්ටමක ඇත.(නදී)

:       0       0

දර්ශන Friday, 10 May 2013 07:50 AM

මේවා බලලා විතරක් මදි.අපිත් බලන්න ඕනෑ මොනවද අපිට කරන්න පුළුවන් කියලා.අඩු ගණනේ ඉදිකටුවක් වත් හදාගන්න පුලුවන්ද අපිට? මේ රටේ කයිවාරු විතරයි.තමන්ගේ කුස පිරෙනවා නම් එච්චරයි.දේශපාලකයෝ බණ කියනවා. අනෙක් අය වලිගෙ වන වනා පස්සෙන් යනවා. (නි)

:       0       0

දර්ශන Friday, 10 May 2013 08:17 AM

ගාන සැරයිනේ? ලම්බෝර්ග්හිනි වලට අඩු කරා වගේ මේකටත් බදු අඩු කරන්න වෙයි. නැත්තම් උත්තමයෝ ටික යන්නේ කොහොමද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 265 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 111 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 8405 15

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 97 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 411 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 729 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site