IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පුතකු නොලැබුණාට බිරියට ඇසිඩ්

පිරිමි දරුවෙකු නොදුන් වරදට තම බිරිඳට ඇසිඞ් ගැසූ ස්වාමි පුරුෂයකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වේ. ඇය රෙෂ්මා (35) නැමැති පස් දරු මවකි.

ඇයට සිටියේ දියණියන් පස් දෙනෙකි. එම නිසා ඇය ස්වාමිපුරුෂයාගෙන් ගුටි කෑ වාර අනන්තය. නමුත් ඇය සයවන වරටත් දරුවෙක් බිහි කිරීමට ආසන්නව සිටියාය. ඇයත් ගැහැණු දරුවෙකු බව දැනගත් ස්වාමිපුරුෂයා ඇයට දරුවා ගබ්සා කර ගන්නා ලෙස බල කළාය.

මෙයට රෙෂ්මා තදින්ම අකමැති වූ නිසා ඇගේ යටි බඩ ප‍්‍රදේශයට ඇසිඞ් ගැසුවාය. ඇය බොහෝ දුර්වල තත්ත්වයක පසු වන නමුත් බිළිඳියට කිසිදු හානියක් සිදු වී නැත.

පුතකු බිහි නොකිරීම ගැන ඔහු සෑම විටම ඇයට මෙසේ හිරිහැර කළ බවත් මේ ගැන පොලිසියට ගොස් පැමිණිලි නොකිරීමට හේතුව තම සැමියාට ඇති අනිසි බිය බවත් ඇය කීවාය. ඇගේ සැමියාව පොලිසිය අත්අඩංගුවට පත්වී ඇත. ඇය තම දෙමව්පියන් සමග කල් ගෙවන්නීය.

 

 

 

 



අදහස් (0)

පුතකු නොලැබුණාට බිරියට ඇසිඩ්

ලක්ෂමන් ජයවර්දන Tuesday, 22 October 2013 08:09 PM

දැන් කරන්න තියෙන්නේ පාන්දරට මෑන් ළගට වක්පිහියක් දෙන එක. හරියට අර බ්ලොක්ගල් වැඩපොළේ වන්ෂොට් මෑන් ට වූ දේම වෙන්න. (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 22 October 2013 02:19 PM

මිහිර... මට ඔබ දන්නා දේ කියන්න බලන්න...දුමින්දට බනින්නේ ... (ස)

:       0       0

දයා අලහකෝන් Tuesday, 22 October 2013 02:36 PM

තනිකරම මී හරකෙක්.... (ස)

:       0       0

මගරි Tuesday, 22 October 2013 02:37 PM

ෆස්රුල්, ඔබ හැමදාම කියනවා ස්ත්‍රී දුෂණ මංකොල්ලකෑම් මිනීමරුම් ගැන . ඕවා අපේ රටේ විතරද වෙන්නේ.?. ඕව ඕන රටක සිද්ධ වෙනවා.නමුත් සමහර රටවල ,සමහර ජාතින් අතර සමහර අපරාධ ප්‍රසිද්ධ කරන්නේ නැහැනේ. පහුගිය දවස්වල අපේ රටේත් ඔය කියන අහවල් ජාතියේ මහල්ලෙක් කුඩා දැරියක බලහත් කාරයෙන් රදවාගෙන ඉන්න කොට පොලිසියෙන් අල්ලලා නඩු දන්නා හදන කොට චුදිතයා කිව්වේ ඒ ගොල්ලන්ගේ ආගමට අනුව ඒක වරදක් නෙවේ කියලා.ඒ ගොල්ලන්ගේ නඩු අහන තැනට යොමු කරන්න කියලා.'ඉතින් නිදහස් වෙන්න ඇති. (ස)

:       0       0

මිනිපෙ Wednesday, 23 October 2013 09:18 AM

ශාරුක් ඛාන් මේක කලා නම් ...හුඟක් අය ගොළුවත රකිවී. (ස)

:       0       0

ලාල් Friday, 01 November 2013 09:58 PM

කරන්න තිබුනේ ඇසිඩ් ගහන එක නෙමෙයි, ඇසිඩ් වල ඔබාගන්න එක. (නි)

:       0       0

ආසිරි Tuesday, 22 October 2013 02:38 PM

මෙයා ඉන්දියාවේ තමිල්නාඩුවේද?? (ස)

:       0       0

බංඩා Tuesday, 22 October 2013 08:44 PM

මිහිරගේ බිරිදට ලැබුන පුතා කව්රු වගේද? (නදී) ,

:       0       0

ගුණේ Tuesday, 22 October 2013 08:57 PM

ඇත්තටම හය දෙනකුට දැවැද්ද හොයන එක ලේසි නැහැ. ඉන්දියන් කාරයන් කසාද බදින්නේ දැවැද්ද එක්කයි. කියපු විදියට දැවැද්ද නොලැබුනොත් කසාද බැදපු ගැනී ඉවරයි. ඔය ඉන්දියන් කාරයන්ට දෙවියන් දෙන දඩුවම තමයි ගැහැණු දරුවන් වැඩි වැඩියෙන් දීම. ඔය මිනිසුන් විදේශ රටක රැකියාවට ගියොත් අවුරුදු 10,15 ගම රට නොයා ගැහැණු දරුවන්ට දැවැද්ද සොයනවා.(නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 22 October 2013 03:15 PM

මෙවැනි මිනිසුන් ඉන්දියාවේ අනන්තයි. (ස)

:       0       0

ඉන්දු - ලන්ඩන් Tuesday, 22 October 2013 03:19 PM

දුමින්ද කිව්වා හරි. උපදින දරුවා ගැහැණුද පිරිමිද කියා තීරණය වන්නේ පියාගෙන් ලැබෙන ලිංග වර්ණදේහ වලිනි. වැඩිදුර විස්තර සඳහා අන්තර්ජාලය බලන්න. (ස)

:       0       0

නිසාර් කුවේට් Tuesday, 22 October 2013 03:23 PM

කොට්ටේ සමන් ජාතිය අවුස්සන කතා නොකියා තමන්ගෙ හරි වැරදි බලා ගන්නවා. (ස)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 22 October 2013 03:31 PM

මිහිරගෙත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. (ස)

:       0       0

මගරි Tuesday, 22 October 2013 04:15 PM

ෆස්රුල්, ලෝකයෙ මොන රටේද අපරාධ සිද්ධ වෙන්නේ නැත්තේ.?.සමහර ආගම්වල ළමා අපචාර වගේ අපරාධ ,අපරාධ විදියට සලකන්නේ නැහැ.ඒක නිසා වෙන්න ඇති ඒවා වාර්තා නොවෙන්නේ. (ස)

:       0       0

කොට්ටේ සමන් Tuesday, 22 October 2013 12:19 PM

අහවල් ජාතියෙන් කෙනෙක් වෙන්ටැ. මොකද සුද්දවූ යුද්දෙට ළමයි හදන්නෙ එයාලනේ. නැතුව දරුවන්ට බිරිඳකට ආදරේ කියල යැ. (ස)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 23 October 2013 12:52 AM

කරුණාකරලා අද ලෝකයේ පිරී පවතින මානව අයිතිවාසිකම් වල ලොකු ලොක්කන්ට දන්වන්න. (නි)

:       0       0

කුමාරි Tuesday, 22 October 2013 12:53 PM

ඉන්දිය‍ාවේ කොහොමත් කාන්තාවට තියෙන්නේ අඩු සැළකිල්ලක් (නි)

:       0       0

සිංහ Thursday, 24 October 2013 08:10 AM

පිරිමි = 1 ගැහැණු = 1/2 ? .(නදී)

:       0       0

ඉන්දික Tuesday, 22 October 2013 06:31 PM

ගෆූර්, ඔබ දක්වා ඇති කරුණු ගැන විග්‍රහයක්. 18 ට අඩු ළමයින් විවාහ කර ගැනීම ස්ත්‍රී දූෂණයක් ලෝකේ පිළිගත් නීතිය අනුව.යමෙක් අවුරුදු 8 ක දැරියක් විවාහ කර ගැනීම ඔබ අර්ථ දක්වන්නේ කෙසේද?ඊයේ පෙරෙයිදා ලංකාවට කුඩු කිලෝ ගණනක් ගෙනාවේ කවුද?මිනිමැරුම් ලෝකේ කොහෙත් වෙනවා.ඒවාට විවිධ හේතු තිබෙනවා. නමුත් ආගමක් නමින් මිනිමරන්නේ මොන හේතුවක් නිසාද? (නි)

:       0       0

දුමින්ද Tuesday, 22 October 2013 12:58 PM

දරුවන්ගේ ලිංගය නිර්ණය කරන්නේ පුරුෂ බීජ බව මෙම මිනිසා නොදන්නවා වගේ.නුගත් කමේ විපාකය, සහකරුවන්ගෙන් සිදුවන කරදර නීතියට නොදැන්වීම මෝඩකමකි. ගෙයි ගිනි පිටත නොදීම යල් පැනගිය ආකල්පයකි. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 22 October 2013 01:06 PM

මමත් හිතුවේ අහවල් ජාතියේ කෙනෙක් වෙන්න ඇති කියලා. මොකද ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, කසිප්පු පෙරීම් හා බාල අපරාධ වලට නේ එයාලා ළමයි හදන්නේ. (ස)

:       0       0

චමත් Wednesday, 23 October 2013 07:05 PM

දැන් හොයාගෙන තිබෙනවා උපදින දරුවාගේ ගැහැණු පිරිමි බව තීරණය කළ හැක්කේ පියාගේ ජානයකට කියලා. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් -කටාර් Tuesday, 22 October 2013 06:54 PM

මගේ රටට මගේ මවට මෙන් මම ආදරෙයි. මගේ රටේ වැරදි දේවල් සිදුවෙනවා කියලා මම මෙහි අදහස් දාලා තිබෙනවාද? කිසිම ආගමක් කිසිම ජාතියක් ගැන මම ලියලා තිබෙනවාද? මෝඩ මිනිසුනේ,පළවෙන හැම පුවතකටම මුස්ලිම් ජාතියත් ඉස්ලාම් ධර්මයත් සම්බන්ධ කරලා මඩ ගහනකොට අපිට මොනතරම් වේදනාවක් ඇති වේවිද? අපි බෞද්ධයන්ට අපහාස කරලා නැහැ සිංහලයාට අපහාස කරලා නැහැ. මට එහෙම කරන්නත් බැහැ. මොකද මම ඉගෙනගත්තේ සිංහල මාධ්‍යය. උදේට පන්සිල් පද කියලා පාසලේ වැඩ පටන් ගත්තේ අපි. 5 වන ශ්‍රේණිය දක්වාම මම බුද්ධ ධර්මය ඉගෙන ගත්තේ. ඊටපස්සේ තමා ඉස්ලාම් ධර්මය ඉගෙනගත්තේ. ඒ නිසා හැම දෙයකටම ජාතිවාදී අදහස් දාන මෝඩයින්ට තමා මේ වගේ පිළිතුරු දෙන්නේ. නිහතමානි ලෙස සාධාරණව මේ ලෝකය දෙස බලා සිංහල සහෝදරයන්ව රිදවන්න නොවේ. (නි)

:       0       0

මිහිර Tuesday, 22 October 2013 01:24 PM

දුමින්ද නොදන්න දේවල් නොකියා ඉන්න. (ස)

:       0       0

කුසුම් Tuesday, 22 October 2013 07:08 PM

යහපත් ආකල්ප වලින් පිරිපුන් ජනතාවක් සිටින සමාජයක්, උසස් අධ්‍යාපන මට්ටමක් ඇති සමාජයකටත් වඩා ශිෂ්ඨ සම්පන්න කම අතින් උතුම් වේ. වර්තමාන යුරෝපය අද තිබෙන උසස් සමාජීය මට්ටම තෙක් පරිවර්තනය වුයේ, දෙවැනි ලෝක යුධයෙන් පසුව ඇතිවූ චින්තන විප්ලවයෙන් පසුවයි. ආර්ථික ගැටළු ලොව ඕනෑම රටකට පොදු ප්‍රශ්නයක් වුවත්, සමාජයක පවතින ආකල්ප, එම සමාජය හෝ රට ගමන් කරන්නේ කුමන දිශාවකට දැයි තීරණය කෙරෙනු ඇත. අද අප විසින් සමාජයට වපුරන යහපත් හෝ අයහපත් ආකල්ප මත, අනාගත ශ්‍රී ලංකික සමාජය ද, හොඳ හෝ නරක පල නෙලා ගනු ඇත.(නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 23 October 2013 07:08 AM

අනේ මෙහෙම මෝඩයෙක්? ගැහැනියෙකුට පුලුවන්ද ඉපදෙන්න සිටින දරුවාගේ ගැහැණු පිරිමි බව පාලනය කරන්න? අපේ රටෙත් මේ වගේ අය නැතුවම නොවේ. (නි)

:       0       0

මාධවී Wednesday, 23 October 2013 07:17 AM

අපේ රටෙත් සමහර පිරිමි හිතාගෙන ඉන්නේ දරුවා ගැහැණුද පිරිමිද තීරණය වෙන්නේ ගැහැණිය මත කියාය. පිරිමියාගේ වාසියට හා නොදැනුවත්කම මත අතරමං වුණ කාන්තාවෝ බොහෝය.මේ ගැන සත්‍ය සමාජයට හෙළිකිරීම වෛද්‍යවරුන්ගේ යුතුකමකි. (නි)

:       0       0

සිංහ Wednesday, 23 October 2013 07:49 AM

එහෙනම් අර 1 සහ 1/2 ?

:       0       0

ගයාන් Tuesday, 22 October 2013 02:10 PM

දුමින්ද කියලා තිබෙන දේ හරි. (නි)

:       0       0

උඩුමලගල ගමගේ Wednesday, 23 October 2013 08:16 AM

මෙහෙව් අය තමයි අපට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන්න හදන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 76 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 171 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 133 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1444 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 432 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 709 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site