2009 වසරේ පකිස්තානයේ තරග සංචාරයක නියැළී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉලක්ක කළ ඝාතන තැත පසුපස සිටි පකිස්තාන හමුදා වෛද්‍යවරයෙකු හා තවත් ත්‍රස්තයින් දෙදෙනෙකු එල්ලා මරා දැමූ බවට එරට බන්ධනාගාර දෙපාර්තමෙන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
වෛද්‍ය උස්මාන් යනුවෙන් තමන් හදුන්වාගෙන ඇති බව කියන මේ වෛද්‍යවරයා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරය සැළසුම් කළ මහ මොළකරු ලෙස සැළකුණි.
පකිස්තානය කලක සිට අපරාධකරුවන්ට මරණ දඬුවම ලබාදීම අත්හිටුවා තිබුණුද පසුගියදා පෙෂාවර් ප්‍රදේශයේ පාසලකට කඩාවැදුණු ත්‍රස්තයින් පිරිසක් පාසැල් දරුවන් ඇතුළු 149 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසු මරණ දඩුවම නැවත වරක් බලාත්මක කිරීමට එරට බළධාරීන් කටයුතු කර ඇත.
මේ හා සමගම පකිස්තානයේ ප්‍රධාන සිරගෙවල් වලට නිවේදනයක්ද නිකුත් කර තිබෙන ඔවුන් එහි සඳහන් කර තිබෙන්නේ මරණ දඩුවම නියමවී තිබෙන ත්‍රස්ත නායකයින් ගලවාගැනීමට ඔවුන්ගේ අනුගාමිකයින් ප්‍රහාර එල්ල කළ හැකි නිසා ආරක්ෂාව තර කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි.
පෙෂාවාර් ප්‍රහාරයෙන් පසු කිසිදු අනුකම්පාවක් නොදක්වා පකිස්තානයේ ඔඩුදුවා ඇති ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දමන බව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් හා ආරක්ෂක අංශ ශපථ කර ඇත.
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පකිස්ථාන හමුදා වෙදත් පෝරකේ