IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පකිස්තාන සරසවියකට තුවක්කුකරුවෝ පනිති

වයඹ දිග පකිස්තානයේ චාර්සදා ප්‍රදේශයේ ‘බචා ඛාන්‘ විශ්ව විද්‍යාලයට තුවක්කුකරුවන් තිදෙනකු ඇතුළුවී වෙඩි තබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

එහි දේශන ශාලාවල සිටි සිසුන්ට හා ගුරුවරුන්ට මෙන්ම නේවාසිකාගාරවල සිටි පිරිසටද වෙඩි තැබූ බව එරට රූපවාහිනී නාලිකා වාර්තා කරයි.

වෙඩි තැබීම්වලින් මහාචාර්යවරයකු මියගොස් ඇතැයි නවතම විදෙස් වාර්තා පෙන්වා දෙයි. සිසුන් කිහිප දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇත.

මීට වසරකට පෙර තලේබාන් තුවක්කුකරුවකු පෙෂාවර්හි පාසලකට පැන වෙඩි තැබීමකින් පාසල් ළමුන් 134 දෙනකු ජීවිතක්ෂයට පත්විය.

බචා ඛාන් සරසවියේ සිසුන් 3000ක් පමණ ඉගෙනුම ලබන බව කියති. පකිස්තාන හමුදා වහා ප්‍රතිචාර දක්වමින් තුවක්කුකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ලකිරීම ආරම්භ කර ඇතැයි පකිස්තානයේ නවතම වාර්තා කියයි.

 



අදහස් (0)

පකිස්තාන සරසවියකට තුවක්කුකරුවෝ පනිති

පිටබැද්දර ජයා Wednesday, 20 January 2016 12:47 PM

උගතුන්ට පහරදෙන මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)

:       0       0

සංජීව Wednesday, 20 January 2016 08:55 AM

මෙවැනිම අවදානම් තත්වයක අපිත් හිටිය මිට අවරුදු 6 කට කලින්, නමුත් රටේ අවාසනාවට දැන් මිනිස්සුන්ට එ්ක අමතක වෙලා, අපේ රට බේරාගත් ඉහළම නායකත්වයේ සිට පහළම සෙබලා දක්වා අප සැමදා සිහිපත් කළ යුතුයි. (බ)

:       0       0

රොකී Wednesday, 20 January 2016 02:29 PM

ඇත්ත සංජීව. එහෙත් අපේ ලොක්කන්ටත් එකපාරටම සරත් ෆොන්සේකා මහත්තයව අමතක වුනානේ. කොබ්බැකඩුව මහතය වගේ අයව කාටවත් මතක නැහැ. හැබැයි පහුකාලෙක හමුදාවේ කවුරු හරි අපරාධයක් කරලා අල්ල ගත්තාම මෙන්න රණවිරුවන්ට අරියාදු කරනවෝ කියල බෙරිහන් දෙන්න නම් දේශප්‍රේමියෝ ඕන තරම් ඉන්නවා! (බ)

:       0       0

මනෝජ් Wednesday, 20 January 2016 02:32 PM

සංජීව. එතකොට පොලිසිය මොකුත් කරලා නෑනේ. ඕක තමයි මහින්දත් වරද්ද ගත්තේ. (බ)

:       0       0

චන්න බුවනක Wednesday, 20 January 2016 02:46 PM

සංජීව ඔබ හරි. අපිට අමතක නැහැ. (බ)

:       0       0

චමල් Thursday, 21 January 2016 05:39 AM

නූතන භෞතික විද්‍යාව එක්ක ඔවුන් ගේ ආගම ගැලපෙන්නෙ නැහැ. ඒ නිසා විද්‍යාව ඉගැන්වීම නවත්තන්නයි ඔය කරන්නෙ. අරාබි රටවල වැඩිය ඉගෙන ගන්නෙ නැත්තෙ ඒකයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 765 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 293 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1513 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 473 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site