අගමැති ධුරය සඳහා පාකිස්තාන ජනතා පක්ෂය නම් කළ රාජා පර්වේස් අෂ්රාෆ් පෙරේදා (23) සිය රාජකාරි ආරම්භ කළේය. අගමැති ධුරය භාර ගැනීමට පෙර අෂ්රාෆ් තොරතුරු තාක්ෂණ ඇමැතිවරයා ලෙස කටයුතු කළේය. අෂ්රාෆ් අගමැති ධුරයට පත් කෙරුණේ යූසොෆ් රාසා ගිලානී අගමැති ධුරයෙන් ඉවත් වීමත් සමඟය. ගිලානිට අගමැති ධුරය අහිමි වූයේ ඔහු එම ධුරයට නුදුසුදු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම නිසාය. ඊට හේතු වූයේ පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව ඇති දුෂණ නඩු විභාග යළි ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පැහැර හැරීමෙන් ගිලානි අධිකරණයට අපහාස කළැයි යන චෝදනාවට වරදකරු වීමය. නව අගමැති ලෙස අෂ්රාෆ් පෙරේදා හමුදා උත්තමාචාර මැද ඉස්ලාමාබාද් නුවර අගමැති නිල නිවසට පැමිණියේය. අගමැති ධුරයේ වැඩ බාර ගත් අෂ්රාෆ්ගේ ප‍්‍රමුඛ කාර්යය විය යුත්තේ ජනපති සර්දාරිට එරෙහිව නඩු විභාග ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දීමය. එසේ නොකළහොත් ඔහුට එරෙහිව ද නීති මගින් කටයුතු කෙරෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාකිස්තාන නව අගමැති අෂ්රාෆ් වැඩ බාරගනී
නිහාල් Monday, 25 June 2012 03:45 PM
පකිස්ථානයට හොද කාලයක් උදා වේද
කිරිමාටින් Monday, 25 June 2012 04:14 PM
මෙයාලටත් ස්විස්ටර්ලන්තයෙන්ම කන්න ඕනද?
සුදුමාටින් Monday, 25 June 2012 04:15 PM
ලංකාවේ ඉන්න පකිස්තාන් කට්ටියක් යැව්වනම් හරි