උතුරු පාකිස්තානයේ ගමන් කරමින් තිබූ බස් රථ කිහිපයක් නැවතූ යුද සෙබළුන් ලෙස වෙස්වලාගත් අන්තවාදී ආගමික අදහස් දරන පිරිසක් පෙරේදා(28) එම බස් රථවල සිටි ෂියා මුස්ලිම් ජාතිකයන් 18 දෙනකු අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි වාර්තා වේ. තලෙයිබාන්වරුන්ගේ කඳවුරු පිහිටා තිබූ ස්වාට් නිම්නයට ආසන්නයේ පිහිටි කොහිස්තාන් දිස්ති‍්‍රක්කයේදී මෙම ඝාතනය සිදු කර ඇති බවත් එම සිදුවීමට වගකිවයුත්තෝ කවුරුද යන්න නොදන්නා බවත් ප‍්‍රාදේශීය පොලිස් ප‍්‍රකාශකයෙක් පැවසීය. පොලීසිය පැවසුවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථ නැවතූ අන්තවාදීන් එහි ගමන් ගත් පිරිස් එයින් බස්වා ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් වෙන වෙනම හඳුනා ගෙන අනතුරුව ෂියා මුස්ලිම්වරුන් ඝාතනය කළ බවයි. මෙම ප‍්‍රචණ්ඩකාරී සිදුවීමෙන් අනතුරුව පුද්ගලයන් අට දෙනෙක් තුවාල ලබා ඇත. රාවල්පිණ්ඩි නගරයේ සිට ගිල්ගිට් නගරය දක්වා ගමන් කරමින් තිබූ බස් රථ තුනක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත. මෙම සිදුවීමත් සමඟ පාකිස්තානය තුළ වෙසෙන බහුතරයක් වන සුන්නි ජාතිකයින් සහ සුළුතරයක් වන ෂියා ජාතිකයන් අතර නිතර ඇතිවන අන්තවාදී ගැටුම් උත්සන්න වීම සම්බන්ධයෙන් එරට රජයට මානව හිමිකම් කි‍්‍රයාකාරීහු චෝදනා කරති.
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාකිස්තාන ආගමික අන්තවාදීහු බස් මගීන් 18ක් ඝාතනය කරති