අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ සිටින පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානිට එරෙහි නඩු තීන්දුව අද (26) ප‍්‍රකාශයට පත් කෙරෙන අතර එම චෝදනාවලට අගමැතිවරයා වරදකරු වුවහොත් ඔහුට මාස හයක සිරදඬුවම් හිමිවනු ඇති අතර අගමැති ධුරය ද අහිමි වනු ඇත. පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්ට එරෙහිව එල්ල වී ඇති දූෂණ වංචා චෝදනාවලට නිසි ලෙස නීතිමය කි‍්‍රයාමාර්ග නොගැනීම මගින් අගමැතිවරයා ගිලානිගේ අක‍්‍රියවත්භාවය පෙන්නුම් කළ බවත් ඒ හරහා අධිකරණයට අපහාසයක් සිදුවූ බවත් අගමැතිවරයාට චෝදනා එල්ල විය. ඒ අනුව අගමැතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවුණේ පසුගිය පෙබරවාරි මාසයේදීය. අගමැතිවරයාට එරෙහි නඩු නීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම ගැන මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ ඔහු වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ නීතීඥ අටිසාස් අෂාන් පැවැසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කරන අවස්ථාවේදී අගමැති ගිලානි ද අධිකරණයට පැමිණ සිටිනු ඇත යන්නය. වරදකරු වුණොත් චෝදනා ලැබ ධුරයෙන් ඉවත් වන සහ සිරදඬුවම් විඳීමට සිදුවන පළමු වැනි පාකිස්තාන අගමැතිවරයා වනු ඇත්තේ ගිලානිය.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාකිස්තාන අගමැති ගිලානිට එරෙහි නඩුවේ තීන්දුව අද