වයඹ දිග පාකිස්තානයේ ජනාකීර්ණ වෙළෙඳපොළක් ආසන්නයේදී පෙරේදා(16) කාර් බෝම්බයක් පුපුරායාමෙන් 29 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 65 දෙනකු තුවාල ලැබූ බව එරට ආරක්ෂක අංශ නිලධාරියෙක් පැවැසීය. ඇෆ්ගන් දේශසීමාසන්නයේ පිහිටි ගෝත‍්‍රික නගරයක් වන ලන්ඩි කෝටාල්හිදී මෙම බෝම්බය පුපුරා ගොස් ඇති බවත් මෙය සති කිහිපයක් තුළ සිදු වූ දරුණුතම සිදුවීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ප‍්‍රදේශයේ ගෝත‍්‍රික නායකයකු ඉලක්ක කර ගෙන මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන් 18 දෙනකු රෝහල කරා රැගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි ද මියගිය අය අතර ළමයින් තිදෙනකු ද සිටි බව රෝහල් ආරංචිමාර්ග පවසයි. ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් බාරගෙන නොමැති අතර මෑතකාලීනව සිදුවූ ප‍්‍රහාර පිටුපස සිටි තලෙයිබාන් සටන්කාමීන් මෙම ප‍්‍රහාරය සිදු කර ඇතැයි පාකිස්තාන හමුදා ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාකිස්තානයේ වෙළෙඳපොළකට බෝම්බ ප‍්‍රහාරයක්: