මහ වැසි හේතුවෙන් පාකිස්තානයේ පළාත් රැසක් මුළුමනින්ම ජලයෙන් යටවූ අතර හදිසියේ හටගත් එම ජල ගැලීම්වලට 98 දෙනෙක් බිලිවූහ.
ජල ගැලීම්වලට හසුවීමෙන් අතුරුදන් වූ ගණන 54 ක් බව ද පැවැසෙයි. අතුරුදන් වූවන් සෙවීමේ කටයුතුවලට අධික වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත. නායයෑම් සිදුවී මාර්ග රැසක් අවහිර වී ඇති බව ද වාර්තා වෙයි.
ජල ගැලීම් නිසා ලක්ෂයකට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇත. ජල ගැලීම් වාර්තා වී ඇත්තේ පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ, පන්ජාබයේ, බලූකිස්තානයේ සහ දකුණු සින්ද් ප්‍රාන්තයෙනි. කඳුකර පළාත්වල පිහිටි ගම්මාන රැුසක් මුළුමනින්ම ජලයෙන් ගසා ගෙන ගොස් ඇතැයි ද මාධ්‍ය වාර්තා කර ඇත.
මේ වනවිට රාවල්පිණ්ඩි සහ ලාහෝර් යන නගරවලට ද මහ වැසි ඇදහැළීම් ආරම්භ වී ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ. එම හේතුව නිසා ප්‍රධාන මාර්ග රැුසක් අවහිර වී ගමනා ගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබේ.
විදුලි බල සැපැයුම්වලට බාධා එල්ල වී ඇති අතර දහස් ගණනක් විදුලි බලය නොමැතිව පීඩා විඳින බව ද වාර්තා වේ. සහන සේවා කටයුතු සඳහා හමුදාව යොදවා ඇති බව පාකිස්තා රජය පවසා ඇත.
පාකිස්තානය දරුණු ලෙස ගංවතුරින් බැටකෑවේ 2010 වසරේදීය. වසර 66 කට පසු හටගත් දරුණුතම ගංවතුර තත්ත්වය වූයේ එයයි. එයින් 1,700 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. උන්හිටිතැන් අහිමි වූ ගණන ලක්ෂ පහකට වැඩිය.
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාකිස්තානයට ගංවතුර
වීර Tuesday, 20 August 2013 10:59 PM
මේකේ අදහස් දාන අපේම නිවට මෝඩයන්ට දකින්න පුළුවන් වෙයි කවදාහරි (නි)
වීර Tuesday, 20 August 2013 11:02 PM
හරුන් අන්සාර්, මේ රටේ ඉන්න සුළු පිරිසක් තමයි හොඳ අර "ෆාතිමා අබ්දුල්ලා" වගේ. (නි)
වීර Tuesday, 20 August 2013 11:05 PM
ඇයි රීසා,තරහ ගියාද? සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ කැමත්තට නම් මෙයත් අල්ලාහ්ගේ කැමැත්තටම සිදුවී ඇත.එයට මං පළි නැහැ.දැන්වත් පිළිගන්න ඇත්ත මොකක්ද කියලා.ඔබ ඒක මිත්‍යාවක් පිළිගන්නා නිසා වෙන්න ඇති මගේ පිටින් වරද පටවන්නේ. (නි)
වජිර Thursday, 22 August 2013 09:56 AM
අර්ෂා වැඩ නැද්ද ඔයාට
රසික Tuesday, 20 August 2013 08:10 AM
මං ඒත් බැලුවා කව්ද හොරා වගේ මේවා කරන්නේ කියලා. උඩට වෙලා ඉදලා දෙන්නේ ගිනි ගෙඩියක් තමා. (නි)
වීර Monday, 19 August 2013 11:41 AM
මාෂා අල්ලාහ්!අල්ලාහ් දෙවියන් මුස්ලිම් අයත් එක්ක කෝප වෙලා වගේ ලොව පුරාම ඔවුන් කරන ජරා වැඩ නිසා.එකනේ ඔවුන්ට හැමදාම යුද්ධ,විපත් සිදුවෙන්නේ.සිංහල අපේ රට අල්ලන්න වැඩ කරන අපේ රටේ මුස්ලිම් අයත් එක්කත් අල්ලාහ් දෙවියන් ළඟදීම කෝපවෙයි.(ස)
අමිල Tuesday, 20 August 2013 09:11 AM
ලෝක විනාශය ළග එනකොට මුලින්ම හොද අයව දෙවියන් ළගට ගන්නවා. (නි)
මංජුල Tuesday, 20 August 2013 09:26 AM
ලංකා,ඔයා තමයි බොලඳ. ඔයා මේ ලෝකෙ වෙන්නෙ මොනවද කියලා දන්නෙ නැහැ.ගිය අවුරුද්දෙ මියන්මාරයට මහා ගංවතුරක් ආපු වෙලාවෙ ෆේස්බුක් එකේ ලෝකෙ පුරාම මුස්ලිම් අය (මගේ මුස්ලිම් යාළුවො පවා) මාෂා අල්ලාහ්, අල්ලාහු අක්බර් කියමින් සතුටු වුණා. ඒ වගේ අදහස් දහස් ගානක් මම ෆේස්බුක් පිටු ගනනාවකම දැක්කා.... (නි)
අර්ෂා Monday, 19 August 2013 07:22 PM
වීරට, මාෂා අල්ලාහ්! අරාබි වචනය විතරද දන්නේ, ඉන්ෂා අල්ලාහ්! අල්ලාහ් ගේ කැමැත්ත පරිදි සියල්ල සිදු වෙමින් පවතිනවා අනාගතෙදීත් එසේ සිදුවේවි.... (ස)
අමල් Monday, 19 August 2013 08:34 PM
වීර ඔයා කියපු දේ සමහරු කියාවී ජාතිවාදී කියලා.එත් මට ඔයත් එක්ක එකඟ වෙන්න වෙනවා. මේ අයගේ වැඩ දිහා බැලුවම.(ස)
හාරූන් අන්සාර් Tuesday, 20 August 2013 11:32 AM
මේ රටේ ඉන්න බහුතර අය (සිංහල) ගොඩක් හොදයි.ඉතාම සුළු පිරිසක් තමයි ජාතිවාදය අවුස්සන්නේ. (නි)
ලාංකා Monday, 19 August 2013 09:41 PM
කණගාටුදායක පුවතක්. බලන්න "වීර" කියන එක්කෙනාගේ අදහස. හරිම බොලදයි මිනිස්සුන්ට කරදයක් ආවොත් මෙහෙමද අදහස් දක්වන්නේ ? සන්තෝස වෙන්න එපා අනුන්ගේ දුකේදී. ඔබටත් මෙවැනි දේවලට මුහුණ දෙන්න වෙන්න පුලුවන් (නි)
රීසා Tuesday, 20 August 2013 12:19 PM
වීර, වැඩිය නුබේ මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා...(අ)
ධර්මපාල Tuesday, 20 August 2013 12:20 PM
අනතුරට පත් හැමොටම අප උදව් කරන්න ඕනේ වචනයෙන් හරි (අ)
නිමල් Monday, 19 August 2013 11:45 PM
ඒක තමයි දෙයියන්ගේ කැමැත්ත. අපි ඒකට මොනවත් කියන්න හොද නැහැ.(නදී)