IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නිළියකගෙන් ට්‍රම්ප්ට වාග් ප්‍රහාරයක්

හොලිවුඩයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී යාවජීව සම්මානයෙන් පිදුම් ලද මෙරිල් ස්ට්‍රීප් සිය කතාව අතරතුරදී ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දැඩිලෙස විවේචනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඇය විනාඩි 6ක් පමණ එහිදී කතා කළ අතර මැතිවරණ වේදිකාවේදී ට්‍රම්ප් ආබාධිත මාධ්‍යවේදියකුගේ හැසිරීම රඟ දක්වා පෙන්වීම සම්බන්ධයෙන් ඇය දැඩි දෝෂාරෝපණයක් එල්ල කළාය.

උත්සවය නැරඹීමට පැමිණ සිටි හොලිවුඩ් තරු හා විධායක නිලධාරීහු ඒ මොහොතේ දැඩි නිශ්ශබ්දතාවයකින් සිටියහ.

 



අදහස් (0)

නිළියකගෙන් ට්‍රම්ප්ට වාග් ප්‍රහාරයක්

මැටිපහන Wednesday, 11 January 2017 05:10 AM

බමුණු ආරච්චි, ඔයා කියන දේ පැහැදිලි නැත. දවසට එක ගානේ ඇමරිකන් ෆිල්ම් බලන කෙනෙක් කියන්නේ ඉතින් වැඩිපුර බලනවා ඇත්තේ වාණිජ මට්ටමේ ඒවා විය යුතුයි. මොකද හොඳ චිත්‍රපටි එන්නේ මාසෙකට 2-3 වගේ තමයි. (අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 10 January 2017 08:33 AM

මේ අයට මොන දේශපාලනයක්ද? (නි)

:       0       0

හේමන්ත Tuesday, 10 January 2017 09:25 AM

ඔය නිළියෝ කියන ජාතිය කොහෙත් එකයි, තැන නොතැන, කළ යුතු, නොකළ යුතු දේ ගැන අබමල් රේණුවකවත් නුවණක් නැහැ. බාගෙට ඇඳගෙන අඟ පසඟ පෙන්වමින් කොමල පාන එක තමයි වැඩේ. මෙහෙත් එහෙම අය සුලබයි. (බ)

:       0       0

සාමා Tuesday, 10 January 2017 11:02 PM

මැටිපහන, ඔයා හරියටම හරි. ලියන්නන් වාලේ ලියන මිනිස්සු ඔය නිළිය ගැන නොදන්නා බව හොඳටම පේනවා. (නි)

:       0       0

බමුණුසේන Thursday, 12 January 2017 01:31 AM

මැටිපහන, මම ඇමරිකන් ෆිල්ම් කව්බෝයි ෆිල්ම් බලන්න පටන්ගත්තේ වයස 8 දී. ඒ කාලේ ඇමරිකන් ගොපලු කතා පොත්, කොමික් බුක්ස් අපි කා අතෙත් තිබුනා (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 12 January 2017 01:38 AM

නිලූ, ජැකී කොලින්ස්ගේ හොලිවුඩ් කිඩ්ස් කියන පොත කියෙව්වා නම් ඔය නළු නිලියන් ගැන හොඳට දැනගන්න පුළුවන්. නවක ඇමරිකන් සමාජය තමන්ගේ කොඩිය තමන් පුච්චන තත්වයට පත්වුණා (නි)

:       0       0

මැටිපහන Tuesday, 10 January 2017 11:03 AM

මෙරිල් ස්ට්‍රිප් කියන්නේ මොන වගේ නිළියක්ද කියල උඩ අදහස් දාපු අය කොහෙත්ම නොදන්නා බව පෙනේ. (නි)

:       0       0

නිලූ Wednesday, 11 January 2017 10:53 AM

මෙරිල් ස්ට්‍රිප් අගය කළ යුතු නිලියක් තමයි. නමුත් ගෝල්ඩන් ග්ලෝබ් එකට දේශපාලනේ ගෙනල්ල එකේ තත්වය බාල කළා කියලයි මට නම් හිතෙන්නේ.එතනත් බෙදීම් ඇති කළා පරාජය බාර ගැනීමට ඇති නොහැකියාව. හරියට අපේ පරණ මහත්තයාගේ අනුගාමිකයෝ වගේ. (අ)

:       0       0

සාගර Wednesday, 11 January 2017 02:18 AM

වැඩේ කියන්නේ එයාලා දැන් ඔය කතා කරන්නේ එයාල ආඩම්බර කතා කියන ප්‍රජාතන්ත්‍රවාදී සිස්ටම් එකකින්ම ජනාධිපති වුණ කෙනෙකුට. ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ සමාජයේ උඩ මට්ටමේ නොවෙයි කියන්න ට්‍රම්ප් දිනුම හොඳ ආදර්ශයක්. (නි)

:       0       0

මැටිපහන Thursday, 12 January 2017 05:01 AM

බමුණු, ඔයා ගැන මම හිතපු දේ හරි. ඔය ගොපලු කතා ඇමරිකාව හැදුවෙම එයාලගේ ආක්‍රමණශීලි බව ලොවට පෙන්වන්න. ජේම්ස් බොන්ඩ් හැදුවේ එයාලගේ ලොව පුරා අපරාධ සාධාරණීකරණය කරගන්න. බලන්න ඕනෑ ඕව නෙමෙයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 11 January 2017 03:21 AM

මෙය වෙනත් සුදුසුකමකින් කතාව කළා නම් අවධානය යොමුකරගන්න තිබුනා. නමුත් මෙයා නිලියක්. දවසට එක ඇමරිකන් චිත්‍රපටියක් බලන මට ඇමරිකන් නිලියන් ගැන අමුතුවෙන් දැනගන්න ඕනෑ නැත. (නි)

:       0       0

ජනහිත Tuesday, 10 January 2017 05:51 AM

බලමුකෝ නිළියන්ටත් නිකන් ඉන්න බැරි හැටියක්.(ම)

:       0       0

බමුණු Thursday, 12 January 2017 06:09 AM

මැටිපහන ඕව ව්තරක් නොවෙයි දැන් මම බලන්නේ හවුස් ඔෆ් කාඩ්ස් සී ඩී 12ක ෆිල්ම් එකක්. ඇමරිකන් ගුණ්ඩු ගැන මම නොදන්නවා නොවෙයි එකටයි මම කීවේ එම නළුවන් කියන කතා ගණන්ගත යුතු නැහැ කියල. (අ)

:       0       0

සුකිරි Wednesday, 11 January 2017 12:59 PM

ඔබ අසහාය ප්‍රතිභාපුර්ණ නිළියක් එ්ත් ඔබේ දේශපාලනේට නම් මා එකඟ නැත. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 75 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 317 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 3856 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 351 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2521 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 73 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site