IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නව මැතිවරණයක් පවත්වන්න ගී‍්‍රක ජනපති පැපොලියස් සූදානම්

ගී‍්‍රසියේ ඉකුත් මැයි 6 වැනිදා පැවැති මහ මැතිවරණයෙන්, රජයක් පිහිටුවීමට කිසිදු දේශපාලන පක්ෂයකට ජන වරමක් හිමි නොවීම නිසා අභිනවයෙන් මැතිවරණයක් පැවැත්වීමට එරට ජනාධිපති කාලෝස් පැපොලියස් ඊයේ (17) තීරණය කළේය. ඒ අනුව එරට අගවිනිසුරු පැනජයෝටිස් පිකරමෙනෝස් භාරකාර අගමැති ලෙස පත් කෙරුණි. ඔහුගේ ප‍්‍රධාන කාර්යය වනු ඇත්තේ මීළඟ මැතිවරණය නීත්‍යනුකූලව පැවැත්වීමය. මැතිවරණය ජූනි 6 වැනිදා පැවැත්වීමට නියමිතය. ‘අප රටට දුෂ්කර කාලයක් උදා වී ඇතැයි’ පැවැසූ පිකරමෙනෝස්, රටේ අභිමානය ආරක්ෂා කර ගනිමින් නව රජයක් පිහිටුවිය යුතු යැයි අගමැති ධුරයේ වැඩ භාර ගනිමින් පැවැසුවේය. ගී‍්‍රසිය උග‍්‍ර මූල්‍ය අර්බුදයකට ලක් වී, ණය බරින් ද මිරිකී සිටී. යුරෝපා සංගමයට අයත් යුරෝ මුදල් කලාපයේ රටක් නිසා, යුරෝපා සංගමයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්වී ගී‍්‍රසියට යූරෝ බිලියන 240 ක ආධාර මුදල් පැකේජයක් ලබා දීමට සැරසෙයි. එම ආධාර මුදල් පැකේජය ගැනීමට නම් ගී‍්‍රක රජයට දළදඬු ලෙස, විශාල වශයෙන් ජනතා සහන කප්පාදු කිරීමට සිදුවෙයි. ගී‍්‍රක ජනතාව මෙන්ම එරට දේශපාලන පක්ෂද ඊට විරෝධය පළ කරන අතර ඉකුත් 6 වැනිදා පැවැති මහ මැතිවරණයෙන්, පසු කිසිම පක්ෂයකට රජයක් පිහිටුවීමට නොහැකි වූයේ  එහෙයිනි.ගී‍්‍රසියේ ඉකුත් මැයි 6 වැනිදා පැවැති මහ මැතිවරණයෙන්, රජයක් පිහිටුවීමට කිසිදු දේශපාලන පක්ෂයකට ජන වරමක් හිමි නොවීම නිසා අභිනවයෙන් මැතිවරණයක් පැවැත්වීමට එරට ජනාධිපති කාලෝස් පැපොලියස් ඊයේ (17) තීරණය කළේය. ඒ අනුව එරට අගවිනිසුරු පැනජයෝටිස් පිකරමෙනෝස් භාරකාර අගමැති ලෙස පත් කෙරුණි. ඔහුගේ ප‍්‍රධාන කාර්යය වනු ඇත්තේ මීළඟ මැතිවරණය නීත්‍යනුකූලව පැවැත්වීමය. මැතිවරණය ජූනි 6 වැනිදා පැවැත්වීමට නියමිතය. ‘අප රටට දුෂ්කර කාලයක් උදා වී ඇතැයි’ පැවැසූ පිකරමෙනෝස්, රටේ අභිමානය ආරක්ෂා කර ගනිමින් නව රජයක් පිහිටුවිය යුතු යැයි අගමැති ධුරයේ වැඩ භාර ගනිමින් පැවැසුවේය. ගී‍්‍රසිය උග‍්‍ර මූල්‍ය අර්බුදයකට ලක් වී, ණය බරින් ද මිරිකී සිටී. යුරෝපා සංගමයට අයත් යුරෝ මුදල් කලාපයේ රටක් නිසා, යුරෝපා සංගමයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්වී ගී‍්‍රසියට යූරෝ බිලියන 240 ක ආධාර මුදල් පැකේජයක් ලබා දීමට සැරසෙයි. එම ආධාර මුදල් පැකේජය ගැනීමට නම් ගී‍්‍රක රජයට දළදඬු ලෙස, විශාල වශයෙන් ජනතා සහන කප්පාදු කිරීමට සිදුවෙයි. ගී‍්‍රක ජනතාව මෙන්ම එරට දේශපාලන පක්ෂද ඊට විරෝධය පළ කරන අතර ඉකුත් 6 වැනිදා පැවැති මහ මැතිවරණයෙන්, පසු කිසිම පක්ෂයකට රජයක් පිහිටුවීමට නොහැකි වූයේ  එහෙයිනි. ග‍්‍රීක ජනපති (වමේ) සහ භාරකාර රජයේ අගමැති පිකරමෙනෝස්



අදහස් (0)

නව මැතිවරණයක් පවත්වන්න ගී‍්‍රක ජනපති පැපොලියස් සූදානම්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 87 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 75 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 62 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 21 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 287 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 128 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1698 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site