IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නව පාප්තුමන්ට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්

ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වන ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර අගරදගුරු 76 හැවිරිදි ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ පෙරේදා (13) පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ලෙස තේරී පත් වීමත් සමඟ ලෝක නායකයන්ගෙන් එතුමන්ට සුබ පැතුම් ගලා ඒමට පටන් ගෙන තිබේ.
නොබෝ දිනකින් පැවැත්වෙන එතුමන්ගේ පදවි ප‍්‍රාප්තිය කතෝලික ලොවේ සන්ධිස්ථානයක් වනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පළමු වැනි ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ට පළමුවෙන්ම සුබ පැතුම් එක් කළේ ආජන්ටිනා ජනපතිනී කි‍්‍රස්ටීනා ෆර්නෑනැඬේස් ය. 
ආජන්ටිනා රජය සමඟ නිරන්තරයෙන් මත ගැටුම් ඇති කර ගන්නා සහ නොසැලී තීරණ ගන්නා අයකු ලෙස ප‍්‍රකට බර්ගොග්ලියෝ ‘පෙරැළිකාරී චරිතයක්’ යැයි ආජන්ටිනා ජනපතිනිය පැවැසුවාය. 
නොබෝ දිනකින් පැවැත්වෙන එතුමන්ගේ පදවි ප‍්‍රාප්ති උත්සවයට ද තමා ද සහභාගී වීමට සූදානමින් සිටින බව සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනපතිනිය වැඩි දුරටත් කියා ඇත.
කිතුනු බැතිමතකු වන ඇමෙරිකා උප ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ද පවසා ඇත්තේ ලෝක සාමය වෙනුවෙන් සහ දිළිඳුකම නැති කිරීම වෙනුවෙන් පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමා කටයුතු කරනු ඇති බවය. 
ජනපති බැරැක් ඔබාමා ද නව පාප්තුමන්ට සුබ පතා ඇත.
බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ද ආජන්ටිනාවෙන් බිහිවූ නව පාප්තුමන්ට සුබ පැතුම් එක් කළේය. බි‍්‍රතාන්‍ය විසින් යටත් කරගෙන සිටින ආජන්ටිනාවට අයත් ෆෝක්ලන්ත දුපත් සම්බන්ධයෙන් පසුගියදා ජනමත විචාරයක් 
පැවැත්විණි. 
ෆෝක්ලන්ත දුපත් වාසීන්ගෙන් අතිබහුතරය බි‍්‍රතාන්‍ය ජාතිකයන් වන අතර පැවැති ජනමත විදාරයෙන් බි‍්‍රතාන්‍ය පාලනය තව දුරටත් අවශ්‍ය බව ඔවුහු පැවැසූහ. 
එය ආජන්ටිනා රජයේ විරෝධයට හේතුවක් ද විය. 
 ඕස්ටේ‍්‍රලියානු අගමැතිනී ජුලියා ගිලාඞ් කියා සිටියේ යුරෝපා රටකින් බැහැර පාප්තුමකු පත්වීම මෙන්ම පළමු වරට ලතින් ඇමෙරිකා රටකින් පාප්තුමකු පත් වීම ඓතිහාසික සිදුවීමක් කියාය.

අලූතින් පත්වූ පළමු වැනි ෆ‍්‍රැන්සිස් පාප්තුමන් (මැද) ජ්‍යෙෂ්ඨ කාදිනල්හිමිවරුන් ද සමඟ රෝමයේ ශාන්ත පීතර බැසිලිකාවෙන් පිටවී යද්දී බැතිමතුන්ට ආසිරි පැතූ අවස්ථාව (ඡායාරූපය: රොයිටර්)

 



අදහස් (0)

නව පාප්තුමන්ට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්

අකිල Friday, 15 March 2013 12:22 PM

අපෙනුත් සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 164 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 101 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 92 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site