නවසීලන්ත අගමැති ජෝන් කී සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. තමාට තනතුරින් ඉවත්වීමට සුදුසුම වේලාව මෙය බව කියමින් අගමැතිවරයා ඉල්ලා අස්වී ඇති අතර නවකයකුට අවස්ථාවක් දීම සඳහා තමා එවැන්නක් සිදුකළ බවත් ඔහු සඳහන් කර ඇත.
ඔහු අගමැති ධූරයෙන් මෙන්ම එරට ජාතික පක්ෂයේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉල්ලා අස්වීම ප්‍රකාශ කරමින් ජෝන් කී කියා ඇත්තේ තම ඡන්ද කොට්ඨාසයට සේවය කිරීමට විශේෂ වරප්‍රසාදයක් ලැබුණු බවයි. තමා ඡන්දයකින් ප්‍රතික්ෂේප වනතුරු පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කර ඇත. විශේෂයෙන්ම තම බිරිඳගේ ඉල්ලීම වූයේ ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීම බව ඔහු කියා සිටී.
අලුතින් දක්ෂයකුට අවස්ථාව සැලසීම තමාගේ අරමුණ බවද ජෝන් කී ප්‍රකාශ කරයි. 2008 වසරේ සිට නවසීලන්තයේ අගමැති ධූරය හෙබවූ ජෝන් කී එළැඹෙන මැතිවරණයේ දී සිය පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට නව නායකයකුට අවස්ථාව ලබාදුන් බව පවසා සිටී.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නවසීලන්ත අගමැති ඉල්ලා අස්වෙයි
දොන් Monday, 05 December 2016 11:35 PM
මෙතුමා අපේ අගමැතිතුමාගේ හොඳ මිත්‍රයෙක් නේද? (නි)
ලංකා Monday, 05 December 2016 07:21 AM
ආදර්ශමත් නායකයන් රටකට වාසනාවන්. (ම)
නිරු Monday, 05 December 2016 07:22 AM
මෙතුමා බෞද්ධයකු නොවුනත් අත්හැරීම ප්‍රගුණ කරලා තියෙනවා.(ම)
රොෂාන් Monday, 05 December 2016 08:52 AM
ආදර්ශමත් නායකයෙක් (ර)
රූපවතී Monday, 05 December 2016 09:43 AM
අපේ ලංකාවේ කල්පයකටවත් අපිට මෙහෙම දෙයක් අහන්න නොලැබේවි ..? අපේ රටේ ඉන්නේ ..අපහාසෙට නඩුදමමින්..බලයේ රැදී ඉදල මහජන දේපල ටිකත් හොරා කාල ..ඉතුරුටික බලෙන්ම ගෙදරට අරන් යන ජාතියේ පාලකයෝ ..මෙන්න ආදර්ශවත් මිනිස්සු ..? (බ)
කසුන් Tuesday, 06 December 2016 04:14 AM
නවසීලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. අපි කවදත් බිමින් යන්නේ නැහැ (නි)
දිලිප් Monday, 05 December 2016 11:47 AM
ලංකා පුවත් - ලංකාවේ අගමැති ඉල්ලා අස්වෙයි හෙට සිට ඉර බස්නාහිරින් පායන බව නාසා ආයතනය පැවසීය (බ)