IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නවසීලන්තයේ ගිනි කන්දක් පුපුරයි

ශතවර්ෂයකට ආසන්න කාලයක් අකී‍්‍රයව පැවැති නවසීලන්ත ගිනි කන්දක් හිටිහැටියේ සකී‍්‍රය වී දුම් වලා පිට කිරීමත් සමඟ එරට ගුවන් ගමන් කටයුතු නවතා දැමීමට ගුවන් ගමන් පාලන අධිකාරිය ඊයේ (7) තීරණය කළේය. සකී‍්‍රය වී දුම්වලා පිට කිරීම ඇරැඹුණේ දකුණු දිවයිනේ පිහිටි ටොන්ගාරිරෝ නමැති ගිනි කන්දෙනි. මෙම ගිනි කන්ද නැතහොත් යමහල මීට පෙර පුපුරා ගියේ 1897 වසරේදීය. ගිනි කන්දෙන් නිකුත් වන දුම් වලාව මීටර් 6,100 ක් (අඩි 20,000) දුරට විහිදී ඇතැයි යමහල් විද්‍යාඥයෝ පවසති. ගිනි කන්දෙන් නිකුත් වන දුම්වලාවේ පාෂාණ කොටස් සහ ගන අංශු ඇති අතර ඒවා ගුවන් යානා ඇන්ජින් තුළට ඇතුළු වුවහොත් ඇන්ජින් අකි‍්‍රය වීමට හේතු වන හෙයින් රට අභ්‍යන්තරයේ ගුවන් ගමන් වහා නැවැත්වීමට තමන් තීරණය කළේ යැයි එරට ගුවන් ගමන් පාලන අධිකාරිය වැඩි දුරටත් කියා සිටී. නවසීලන්ත යමහල් විද්‍යාඥයන් පවසන්නේ මේ වනවිට ගිනි කන්දෙන් කුඩා ප‍්‍රමාණයේ පිපිරීම් කිහිපයක් දකින්න ලැබෙන බවය. ගිනි කන්දේ තවත් අලූත් විවරයක් නැතහොත් පැල්මක් දකින්න ලැබෙන බවත් එයින් ද දුම්වලා පිටවන බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති. ගිනි කන්දෙන් ලාවා නිකුත් වීමක් මෙතෙක් දකින්න ලැබී නැති හෙයින් එය සම්පූර්ණ වශයෙන් පුපුරා නොයනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. ගිනි කන්දෙන් නිකුත් වන අළු ප‍්‍රදේශ රැසකට පැතිර ගොස් ඇති අතර ඇතැම් මාර්ග වසා දැමීමට ද පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ. නවසීලන්ත අගමැති ජෝන් කී පැවැසුවේ ගිනි කන්දෙන් අනතුරක් සිදුවීමේ අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීම් ලැබුණහොත් ගිනි කන්ද අවට ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කරන බවය. ඒ සඳහා සිවිල් ආරක්ෂක බළකා සීරුවෙන් තැබීමට ද අගමැතිවරයා පියවර ගෙන ඇත. ඔවුන් ගිනි කන්ද ගැන නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. දූපත් රාජ්‍යයක් වන නවසීලන්තය පිහිටා ඇත්තේ ද ‘පැසිෆික් ගිනි වළල්ල’ට ඉහළින්ය. ‘පැසිෆික් ගිනි වළල්ල’ යනුවෙන් හැඳින්වෙන්නේ පැසිෆික් සාගර කලාපයට පහළින් ඇති පෘථිවි භූ තැටියකි. එම භූ තැටියේ සිදුවන වෙනස් වීම් හේතුවෙන් ගිනි කඳු සකී‍්‍රය වන අතර භූ කම්පන ද හට ගනී. නවසීලන්තයේ ගිනිකඳු රැසක් ඇත. 1953 වසරේ රුපේහූ නමැති ගිනි කන්ද සකී‍්‍රය වී පුපුරා ගිය අවස්ථාවේදී එහි අළුවලින් ප‍්‍රදේශ කිහිපයක් මුළුමනින්ම වැසී ගියේය. එම අළු වළාවට මැදි වූ මගී දුම්රියක් පීලි පැනීමකට ලක් විය. එයින් දුම්රියේ ගමන් කළ 151 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. රුපේහූ ගිනි කන්ද පිහිටා ඇත්තේ ද උතුරු දිවයිනේය.



අදහස් (0)

නවසීලන්තයේ ගිනි කන්දක් පුපුරයි

පියල් Wednesday, 08 August 2012 03:53 PM

ඔය වගේ දෙයක් ඉන්දියාවෙත් වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

සිරිනි Thursday, 09 August 2012 05:07 PM

ටොන්ගාරිරෝ ගිනි කන්ඳ තියෙන්නේ උතුරු දූපතේ මැද. රුපේහූ ගිනි කන්ඳ 1953දී පිපුරුණාම යමහල් ආවාටයේ රැඳිලා තිබුණු වතුර ගලලා වන්ගඑහු ගඟ පිටාර ගැලූ නිසා දුම්රිය පාලම කඩා වැටුණා. ඒ ගැන දන්නේ නැතුව ගිය නිසා දුම්රිය ගඟට වැටීමෙන් අනතුර සිදුවුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 168 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 104 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site