IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නිව්යෝක් වැසියන්ගේ කලිසම් ගැලැවේ

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ උමං දුම්රියවල,බස් රථවල, වීදිවල පසුගියදා ගමන් කළ ඇතැමකුට ඔවුන්ගේ කලිසම් ඇඳ ගැනීමට අමතකව ඇති බවක් පෙනිණි.

ඔවුහු සියලූදෙනා යට ඇදුම් වලින් පමණක් යටි කය ආවරණය කරගෙන සිටියෝය.

ඔවුන් දෙස විස්මයෙන් බැලූම් හෙළුවද ඔවුන්ට එය ගණනක් නොවීය.

ඇතැමෙක් උඩු කයට සම්පූර්ණ කාර්යාල ඇදුමින් සැරසී යටි කය යට ඇදුමකින් පමණක් වසාගෙන සිටියහ.

මෙය නිව්යෝරක් නගරයේ මෙන්ම ලොව පුරා ප්‍රධාන නගරවල වාර්ෂිකව සැමැරෙන අවස්ථාවකි.එය හැඳීන්වෙන්නේ කලිසම් නැති ගමන ලෙසය.

2002 වසරේදී ඉම්ප්‍රොව් නම් විනෝදාස්වාද කණ්ඩායමක් මුල්ම වරට දියත් කළ මේ කලිසම් නැති ගමනට එදා සහභාගීව සිටියේ හත් දෙනෙකු පමණක් වුවත් අද දිනයේ ඊට දහස් ගණනක් දෙනා සහභාගී වෙති.

හුදෙක් හාස්‍ය දනවන වැඩසටහනක් ලෙස ඉම්ප්‍රොව් කණ්ඩායම මෙය හඳුන්වාදුන්නද අද දිනයේ එය ලෝකය පුරාම සැමරෙන්නක් තරමට වර්ධනයව තිබේ.

කලිසම් නැතිව යන්නන්ට නීති රීති කිහිපයක්ද ඇත.අන් අයට බාධා වන සේ හැසිරීම තහනම්ය.කලිසම නැති වුවත් සාමාන්‍ය දිනයකදී මහමග ගමන් කරන ආකාරයට, කාර්යාලයේ වැඩකටයුතු කරන ආකාරයට වැඩ කටයුතු වල නිරත විය යුතුය.කලිසම නැතිය කියා වුවමනාවට වඩා නැටීමද නොකළ යුත්තකි.

249ABDD500000578-2906026-image-m-58_1421028304878 249B40B100000578-0-image-a-1_1421026166606 249B095500000578-2906026-image-a-29_1421027229795 2499AB0F00000578-2906026-image-a-19_1421026952931



අදහස් (0)

නිව්යෝක් වැසියන්ගේ කලිසම් ගැලැවේ

දිසානායක Thursday, 15 January 2015 04:17 AM

අර අයිස් බාත් එක වගේ වෙයිද?(හේ)

:       0       0

තුවාන් Wednesday, 14 January 2015 07:07 AM

වහගෙන ගියොත් කතා, පෙන්නගෙන ගියොත් කතා. විකාර මිනිස්සු (නදී)

:       0       0

සම්පත් Tuesday, 13 January 2015 12:05 PM

දෙවෙනි ෆොටෝ එක (නදී)

:       0       0

සෙලන්සියුස් Tuesday, 13 January 2015 12:09 PM

මේක මහා දෙයක් හැටියට අපි කලබල උනාට එහෙ අයට මේක සුළු දෙයක්. බලන්නකෝ ඉන්න අනිත් මගීන් තමන්ගේ පාඩුවේ ඉන්න හැටි. ලංකාවේ කෙනෙක් ටිකක් කොටට ගවුමක් ඇඳන් ගියත් අනිත් අය කටවල් අැරගෙන ඉන්නේ (නදී)

:       0       0

සමන් Wednesday, 14 January 2015 01:28 PM

ඇමරිකාවේ නියම නිරුවත මෙය නොවේද? (නි)

:       0       0

චමත් Wednesday, 14 January 2015 01:46 PM

ලැජ්ජා වෙන්න ඕනෑ ඕවා බලා තෘප්තියක් ලබන අයයි (නි)

:       0       0

සංජය Tuesday, 13 January 2015 01:07 PM

බලන්න පොඩ්ඩක් අපේ අයත් ඔතන ඉන්නවද කියලා.(හේ)

:       0       0

පෙරේරා Tuesday, 13 January 2015 01:13 PM

අනේ මෙහෙමත් රටක්.මේ අයට කොහොමත් ලැජ්ජ නෑනේ.(හේ)

:       0       0

සසික Tuesday, 13 January 2015 02:06 PM

නිරුවත ප්‍රධාන අදායම් මාර්ගයක් කරගෙන තිබෙන මේ රටවල් වලට මේක සුළු දෙයක්. හොඳ මිනිස්සුත් ඉන්නවා. මේ රටවල. ලෝකයේ වැඩිම වැඩිහිටියන්ට පමණක් චිත්‍රපට හදන රට මේක. මේවා පුංචි දේවල් මේ රටවලට. (නි)

:       0       0

බන්ටි Thursday, 15 January 2015 11:31 AM

අපේ තිස්ස මහත්තයත් මෙතන ඉන්නවද බලන්න (නදී)

:       0       0

රුවන් Tuesday, 13 January 2015 08:26 AM

කොහොමත් මේ අය වෙරළේ ඉන්නේ තනිකරම නිරුවතින්නේ ඕක මොකද්ද? (ස)

:       0       0

බන්දුල Tuesday, 13 January 2015 09:34 AM

මේ මොකක්ද මේ වෙන්නේ.(හේ)

:       0       0

මගලී ‍ ෆොන්සේකා Tuesday, 13 January 2015 09:40 AM

හැම වෙරලේම ඉන්න බෑ ඉන්න පුළුවන් වෙරළවල් තියෙනවා. සීමා සහිතයි (නදී)

:       0       0

අබේරත්න Thursday, 15 January 2015 12:57 AM

කොහොම නමුත් ඇමරිකන්කාරයාගේ කලිසම ගැළවෙන දිනය වැඩි ඈතක නොවේ. (නි)

:       0       0

විජේවර්ධන Thursday, 15 January 2015 07:42 AM

මේකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. කැමැති කෙනෙක් කැමති දෙයක් අැදන් යනවා. හැබැයි අනිත් අයට වාතයක් වෙන්නේ නැතුව. ඉතින් ඕකට කෑගහන්න ඕනේ නැහැ (නදී)

:       0       0

උපුල් Tuesday, 13 January 2015 10:08 AM

ඇමරිකන් කාරයොත් ගොන් පාට් පුරුදු වෙලාද ? (බ)

:       0       0

ජයත් Tuesday, 13 January 2015 10:39 AM

අයියෝ, මෙයාලගේ කලිසම් ගැලවිලා හුඟක් කල් ! එ්ක මේ ඊයේ පෙරේදා වෙච්ච දෙයක් නෙමෙයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 52 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 49 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 44 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 15 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 283 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 125 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site