න්‍යෂ්ටික අවි නිපදවීමට ඉරානයට කිසිම අවශ්‍යතාවක් නැති බවත් එසේ කිරීමට අවශ්‍ය වූවා නම්, කිසිම රටකට ඊට හරස් විය නොහැකි බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කොමේනී පවසයි.
කොමේනී මේ බව කියා සිටියේ පෙරේදා (16) ඉරාන මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අවස්ථාවකදීය. ඉරානය මීට පෙර ද අවස්ථා ගණනාවකදී පවසා ඇත්තේ ඔවුන් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යටතේ න්‍යෂ්ටික අවි නිපදන්නේ නැති බවය.
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් සහ ඊශ්‍රායලය තරයේ කියා සිටින්නේ ඉරානය ඔවුන්ගේ ‘හිතුවක්කාරී’ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී ලොවට වින කරන න්‍යෂ්ටික අවි නිපදවන බවටය.
ඉරානයට එරෙහිව වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පැනවීමට බටහිර ප්‍රජාව කටයුතු කර ඇත්තේ ද එහෙයිනි. කෙසේ නමුත් සම්බාධක යොදා ලොවෙන් හුදෙකලා වී සිටියත් ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනින් පමණක් නොව අභ්‍යවකාශ වැඩසටහනින් ද විශාල ප්‍රගතියක් ලබා සිටී.
"න්‍යෂ්ටික අවි ලෝකයාට තර්ජනයක් බව අපත් විශ්වාස කරනවා. න්‍යෂ්ටික අවි තැනීමේ කිසිදු අවශ්‍යතාවක් අපට නැහැ. අපට න්‍යෂ්ටික අවි තනන්න අවශ්‍ය වුණා නම් අප ඒක කරනවා. කිසිම කෙනකුට බෑ ඊට හරස් වෙන්න” යැයි කොමේනි අවධාරණය කළේය.
ඉස්ලාම් දහම පාදක කොට ගත් දේශපාලන වටපිටාවකින් හෙබි ඉරානයේ, කොමේනී සහ ඔහුගේ නායකත්වයෙන් යුත් උත්තරීතර පාලක මණ්ඩලය ජනපති ධුරය ඉක්මවා ගිය සුපිරි බලතල හිමිවේ.
මේ අතර න්‍යෂ්ටික වැඩසටහන යටතේ බලගැන්වූ යුරේනියම් න්‍යෂ්ටික බලාගාරවල ප‍්‍රතිකි‍්‍රයාකාරක බල ගැන්වීමට ඉන්ධන ලෙස යොදා ගැනීමට ද ඉරානය තීරණය කර ඇත.
ඉරානය ඔවුන් ගත් එම තීරණය ලොවට අනාවරණය කළේ ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරිය හරහාය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ කටයුතු ගැන සොයා බලන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් එම පරමාණු බලශක්ති අධිකාරියයි.
ඉරානය ගත් එම තීරණයත් සමඟ බටහිර රටවලින් එල්ල වන චෝදනා පහවී යනු ඇතැයි බටහිර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන පියවර කිහිපයකින් ඉදිරියට ගෙන යෑමට තීරණය කළේ මේ මස මුලදීය.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
න්‍යෂ්ටික අවි නිපදවන්න ඉරානයට අවශ්‍යතාවක් නෑ
මාලක Monday, 18 February 2013 06:13 PM
කොහොමත් නෑම කියලා තමයි කියන්නේ. (නි)
දමිත් Monday, 18 February 2013 10:45 AM
ලෝකේ හැම රටකම මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා (දී)
ලාල් Monday, 18 February 2013 02:36 PM
තවත් ත්‍රස්තවාදියෙක්.(නදී)