IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නයිජීරියාව ප්ලාස්ටික් හාල් රාජසන්තක කරයි

නයිජීරියාවට ව්‍යාපාරකයකු වංචනික ලෙස ආනයනය කළ ප්ලාස්ටික් සහල් ටොන් දෙක හමාරක් එරට රේගුව රාජසන්තක කළ බව වාර්තා වෙයි.

මේ තොගය උත්සව සමයේ වෙළඳපොළට බෙදාහැරීමට ගෙනවිත් ඇති බව ප්‍රධාන රේගු නිලධාරී හරුනා මමුදු පැවසීය.

“මේ සහල් පරිභෝජනය කළානම් සිදුවෙන දෑ දන්නේ දෙවියන් පමණි.“යැයි ඔහු කීවේය.

මෙම තොගය ආනයනය කළ රට සොයාගැනීමට නොහැකි වී ඇති අතර මීට පෙර මෙවන් තොගයක් හසුවුයේ චිනයෙන් බව බලධාරීහු කියති.

“මේවා ඇත්තද බොරුද කියලා සොයාගැනිම අපහසුයි.ඒ තරම් දක්ෂ විදියට මේවා නිෂ්පාදනය කර තියෙනවා.සුවඳින් පමණක් අමුත්තක් දැනෙනවා“යැයිද එහි ප්‍රධාන නිලධාරියකු පැවසීය.

සැක සහිත සහල් පරිභෝජනයට නොගන්නා ලෙස එරට ජනතාවට දැනම් දී ඇත.

Untitled-2 Untitled-3

(ඡායාරූප-බීබීසි)



අදහස් (0)

නයිජීරියාව ප්ලාස්ටික් හාල් රාජසන්තක කරයි

සංජීව Thursday, 22 December 2016 06:32 AM

ඔබ මිලදීගන්නා සහල් පරික්ෂාකර බලා ආහාරයට ගතයුතුයි. සහල් ඇට ටිකක් පුළුස්සා බලන්න පුළුවන් ඒවා ගිනිගන්නේ කොහොමද, ඉතිරි වෙන්නේ මොනවද කියලා (නි)

:       0       0

චරිත කරුණානායක Thursday, 22 December 2016 07:56 AM

ප්ලාස්ටික් හාල් වතුරට දැම්මම පාවෙනවා. (බ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 22 December 2016 08:30 AM

මේක ලංකාවේ කොපමණ කාලයක ඉඳලා වෙනවද කවුද දන්නේ? (නි)

:       0       0

බන්දුල Friday, 23 December 2016 01:05 AM

මෙවැනි දේ නිෂ්පාදනය කරන්න හිතපු කෙනා තිරිසනෙකුටත් අන්තයි. කන බොනදේට අවහිර කරන එකෙන් ලාබ හොයන්න හදන අය මේ ජීවිතේදිම අපා දුක් විඳලා තමයි මැරෙන්නේ (නි)

:       0       0

දේවසුරේන්ද්‍ර Wednesday, 21 December 2016 04:49 PM

ලංකා වෙළඳපොළේ ප්ලාස්ටික් සහල් නැතැයි සහතික වෙන්න පුළුවන් නම් පාරිභෝගික සේවා අධිකාරියට ලොකු කීර්තියක් ලබන්න පුළුවන්. (නි)

:       0       0

ගුණසිරි Wednesday, 21 December 2016 06:10 PM

විෂම ලෝභය කොතරම් බලවත්ද පින්වතුනි? අපරාධ මවනවා. කුමක්ද දියයුතු දඬුවම? (නි)

:       0       0

අබය Wednesday, 21 December 2016 09:36 PM

මේ නත්තල් සමයට ආනයනය කරන සහල් ගැන විමසිල්ලෙන් හිටියොත් හොඳයි. අපේ දේශපාලකයාගේ පටන් කිසි කෙනෙක් විශ්වාස කරන්න අමාරුයි (නි)

:       0       0

අන්තෝනි Friday, 23 December 2016 06:02 PM

ගෙනාපු එකාගේ බෙල්ලෙන් අල්ලලා මැරෙනකම්ම කවන්නයි තියෙන්නේ (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 21 December 2016 11:48 PM

මේවා හදන්නේ චීනයේ විනා වෙන කොහෙද? (නි)

:       0       0

සෙනරත් Thursday, 22 December 2016 01:52 AM

මෙම සහල් ඉන්දියාවේ නිෂ්පාදනය කරනවා විය හැකියි. (නි)

:       0       0

ශාන්ත Thursday, 22 December 2016 02:26 PM

ඇයි කාලයක් ලංකාවේ නාඩු හාල් ඇටේ දෙකට කඩලා සම්බා හැදුවේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 292 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 635 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4130 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 462 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2611 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 80 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1646 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site