නයිජීරියාවේ ඩුමාටුරූ නගරයට කඩා වැදුණු ඉස්ලාමීය සටන්කාමීහු පිරිසක් වෙඩි තබමින් සහ බෝම්බවලින් දමා ගසමින් මුස්ලිම් පල්ලි දෙකකට, කි්රස්තියානි දේවස්ථාන පහකට සහ නගරයේ පොලිස් මූලස්ථානයට ඊයේ (6) දරුණු ප්‍රහාරයක් එල්ල කළහ. එම ප්‍රහාරයෙන් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූවන්ගේ ගණන දෙසීයකට වැඩිය. ප්‍රහාරය එල්ල කළේ නයිජීරියාවේ කි‍්‍රයාත්මක ‘බොකෝ හරාම්’ ඉස්ලාමීය සටන්කාමී සංවිධානයයි. සටන්කාමීන් නගරයට පහර දීමට පැමිණි අවස්ථාවේ පොලිසිය වහා කි‍්‍රයාත්මක වූ අතර දෙපිරිස අතර පැය ගණනක් තිස්සේ වෙඩි හුවමාරු පැවැතිණි. එම වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීන් සිවු දෙනෙක් ද මියගියහ. පොලිසිය පවසන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කිහිප දෙනකු ඇතුළු සටන්කාමීන් විසි දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් ප්‍රහාරය සඳහා පැමිණි බවය. පොලිසියේ වෙඩි ප්‍රහාර හමුවේ සටන්කාමීන් කිහිප දෙනෙකු පලා ගිය බවත් ඔවුන් සෙවීමට හමුදාවේ සහාය පැතීමට සිදුවූ බවත් පොලිසිය පවසයි. තුවාල ලබා රෝහල් ගත කළ දෙසීය දෙනාගෙන් දහසයදෙනකුගේ තත්ත්වය බරපතළ අතර මියගිය ගණන තවත් ඉහළ යා හැකි යැයි ඩුමාටුරූ නගරයේ රෝහල් ආරංචි මාර්ග හෙළි කරයි. ‘බොකෝ හරාම්’ සටන්කාමී සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබු කකා ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් කියා සිටියේ මෙවැනි ප්‍රහාර ඉදිරියටත් සිදු කරන බවය. වසර ගණනාවක් තිස්සේ නයිජීරියාවේ භීතිය පතුරුවන බොකෝ හරාම් සටන්කාමීන්, අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් සමඟ ද සම්බන්ධකම් පවත්වන බව බව ඇමෙරිකාව පවසයි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නයිජීරියාවේ ඩුමාටුරූ නගරයට ඉස්ලාමීය සටන්කාමීහු පහර දෙති