නයිජීරියාවේ කිතුනු දේවස්ථාන තුනක් ඉලක්ක කර ගනිමින් නත්තල් දා (25 වැනිදා) බෝම්බ පුපුරා ගිය අතර පුද්ගලයෝ 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බෝම්බ ප‍්‍රහාරයන්ගේ වගකීම භාරගෙන ඇත්තේ නයිජීරියාවේ කි‍්‍රයාත්මක බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන්ය. නත්තල් දින දේව මෙහෙයන්ට සහභාගී වූ බැතිමතුන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කළ බව බොකෝ හරාම් සටන්කාමීහු පවසති. බෝම්බ ප‍්‍රහාරවලින් තුවාල ලබා රෝහල් ගත කළ ගණන 50 කට ආසන්න යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. ජීවිත හානි රැුසක් සිදුවී ඇත්තේ අබූජා අගනුවර සිට කිලෝ මීටර් 40 ක් දුරින් පිහිටි මඩාලා කිතුනු දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙනි. එම ප‍්‍රහාරයෙන් මියගිය ගණන 18 කි. බෝම්බය පුපුරා ගිය අවස්ථාවේදී දේවස්ථානය බැතිමතුන්ගෙන් පිරී තිබුණු බව ද ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටියි. පළමු බෝම්බය පිපිරී මිනිත්තු කිහිපයක් ඇතුළතදී ජොස් සහ ගඩාකා නැමැති නගරවල පිහිටි කිතුනු දේවස්ථානවල බෝම්බ පුපුරා ගොස් ඇත. බෝම්බ ප‍්‍රහාරයන්ගෙන් පසු නයිජීරියාවේ ආගමික ගැටුම් යළිත් වරක් වර්ධනය වීමේ අවධානමක් ඇතැයි නයිජීරියානු බලධාරීහු බිය පළ කරති. පසුගිය වසරේදී ද මේ අයුරින්ම නත්තල් දා නයිජීරියාවේ කිතුනු බැතිමතුන් ඉලක්ක කර ගනිමින් බෝම්බ පිපිරීම් සිදුවිය.
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නයිජීරියාවේ කිතුනු දේවස්ථාන තුනක බෝම්බ පිපිරී 27 ක් මරුට