ස්වභාවධර්මය, ඉතිහාසය සහ මරණය තේමා කොට ගනිමින් කවි ලියූ ස්වීඩන ජාතික කවියකු වන තොමාස් ට්රාන්ස්ට්රෝමර් මෙම වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේය. අසූ හැවිරිදි වියෙහි පසුවන මනෝවිද්‍යාඥයකු ද වන ට්රාන්ස්ට්රෝමර් උපන්නේ 1931 වසරේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදීය. 1954 වසරේදී පළ කෙරුණු ‘සෙවන්ටීන් පොයම්ස්’ ට්රාන්ස්ට්රෝමර්ගේ ප්‍රථම පද්‍ය සංග්‍රහය වේ. ඊට අමතරව 1962 දී හාෆ් ෆිනිෂ්ඞ් හෙවන්, 1966 වසෙර් දී වින්ඩෝස් ඇන්ඞ් ස්ටෝන්ස්, 1970 වසරේදී ටුවෙන්ටි පොයම්ස් සහ 2010 වසරේදී සොරෝ ගොන්ඩෝලා නමැති පද්‍ය සංග්‍රහ හරහා ට්රාන්ස්ට්රෝමර් විචාරකයන්ගේ පැසැසුමට ලක් විය. ස්වීඩන බසින් පළ කෙරුණු ඔහුගේ නිර්මාණ නොයෙක් ලේඛකයන් ඉංග්‍රිසියට පරිවර්තනය කර ඇත. මනස සහ බාහිර ලෝකය අතර ඇති සබඳතාවෙහි ස්වරූපය කෙරෙහි අවදානය යොමු කරමින් චිත්ත රූප මැවෙන ආකාරයෙට කාව්‍යමය කෘතීන් රචනා කරන කවියකු ලෙසද ට්රාන්ස්ට්රෝමර් ප්රකටය. ආබාධිත පුද්ගලයින්, අපරාධවලට සම්බන්ධ වී සිරදඬුවම් විඳින්නන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමට ද ට්රාන්ස්ට්රෝමර්, මනෝ විද්‍යාඥයකු ලෙස දායක වී ඇතැයිද පැවසේ.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ස්වීඩන ජාතික කිවියකුට