IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නාපෝලියට අංග සම්පුර්ණ පන්සලක්

ඉතාලියේ නාපොලි බෞද්ධ විහාරය  නපොලියේ ක්යියානෝ කුඩා නගරයේ සකලාංග සපුරා පිබිදෙමින් පවතින්නේ ශ්‍රී ලාංකික අබිමන මහත් කරමිනි . නාපොලි බෞද්ධ විහාර කඨින පිංකම නොවැම්බර් 21 ,22 දෙදින සිදු කිරීමට නියමිත බව විහාරාධිපති පනංගල වජිරඥාන හිමියෝ සඳහන් කළහ.

අලංකාර විහාර මන්දිරය ,රන් වැට සහිත බෝධීන් වහන්සේ ,ගන්ඨාකාර සෑ රදුන්,වළාකුළු බැමි ,ගන්ඨා කුළුණු ආදී සකලාංග අද සපිරෙමින් පවතී .මේ වූ කලී විහාරාධිකාරි පනංගල වජිරඥාන හිමියන්ගේ අප්‍රතිහත දිරියෙන් කෙරුණු අන්තර්ජාතික මෙහෙවරකි.

නාපොලි බෞද්ධ විහාරය මෙහෙවර සිංහල බොදුණු පිරිසට පමණක් ම ඇරුණක් නොවේ. බොදුනු කිතුනු මහමදුනු සියල්ලනට ද  සිංහල දමිළ ඉතාලි ආදී නොයෙක් ජාතීනට ද පන්සල් බිමේ සෙවණ සැලසේ. නාපොලි බෞද්ධ විහාර මෙහෙවර පිළිබඳව පනංගල වජිරඥාන හිමියෝ මෙසේ අප දැනුවත් කළහ .

නාපොලි බෞද්ධ විහාර ආගමික මෙහෙවර ගැන සඳහන් කළොත් ,සීල සමාදාන ,බෝධි පූජා ,ළමයින් සඳහා දහම් පාසල්,ආදී කටයුතු ඉටු කරනවා.අපට සිටිනවා තුන් හාර දහසක පමණ බොදුනු දායක පිරිසක් කඨින පිංකම, වෙසක් උලෙළ , පොසොන් උලෙළ ,හිසතෙල් ගැමේ උලෙළ වැනි දිනෙක හාරපන් දහසක් පමණ දෙනා එක්රැස් වන වග කිවහැකිය .

දහම් පාසලේ බොදුනු සිසු දරුවන් පනස් දෙනකු පමණ ඉගෙන ගන්නවා. ගුරු මණ්ඩලයේ  සයදෙනකු පමණ සේවයේ යෙදෙති. ඉතාලි පාසල් දරුවන් එම ගුරු භවතුන් විසින් විහාරයට වරින් වර ගෙන එනු ලබනවා. ඒ සිසුන් අප විසින් භාවනාවේ හික්මවනු ලබනවා. සති අග නාපොලි විහාරයට පිය නඟන කාට වුවත් දිවා  භෝජනයෙන් සංග්‍රහ කරන්නට අප අමතක කරන්නේ නෑ .අපේ ඉරුදින හෝ පෝදින හෝ දිවා භෝජන සංග්‍රහයට දෙසිය පනහක් තුන්සියයක් පමණ අමුත්තන් හිඳ ගැනීම සමාන්‍ය දෙයක්. පන්සලේ පොත්ගුල ඉතාලි පාලි සිංහල ආදී නෙක බසින් යුතු පොත්පත් කියවන පිරිසට ද අපේ මෙහෙවර ඉටුවෙනවා.

විහාරාධිපති පනංගල වජිරඥාන හිමියන්ගේ ගුරුහිමියන් වහන්සේ පරවාහැර චන්දරතන  හිමි හා පරවාහැර නාහිමියන්ගේ ඇරයුමින්  වජිරඥාන හිමියෝ යුරෝපයට වැඩම කළහ. නාපොලියයට පැමිණ නව වසරක පමණ වෙහෙසකින් පසුව මේ තරමට පන්සල ගොඩනගන්නට හැකිවිය.

12118862_910495922364248_667736232183694069_n[1]

10924162_981282291900191_3877443899017943840_o[1] 11228542_1122744487753970_5068679028207624904_o[1] 11891875_10205350952036380_8235203186008635942_o[1] 12028693_1142062312488854_5359423212849651132_o[1] 12109072_1907514966140879_5254616926974833369_n[1]  IMG_1592[1] IMG_1595[1] IMG_1597[1]

 

 



අදහස් (0)

නාපෝලියට අංග සම්පුර්ණ පන්සලක්

ගාමිණී Monday, 16 November 2015 09:28 PM

සුබ පැතුම්! (නි)

:       0       0

කුමාර Tuesday, 17 November 2015 05:50 AM

බුදු සසුන බැබළේවා! (නි)

:       0       0

විජේසුන්දර Tuesday, 17 November 2015 04:10 PM

හරිම සන්තෝෂයි. සාදු සාදු සාදු!!! (නි)

:       0       0

විමල් Monday, 16 November 2015 02:02 PM

ඉතාම සුන්දර දසුනක්. අපේ හිමිවරු විදේශවල කරන සේවයට මගේ ගෞරවය. බෝධීන් වහන්සේ නමක් විදේශ රටක රෝපණය කිරීමට ඇති හැකියාව දැන ගැනීමට මම කැමතියි. බිජ පනත වැනි නීතිමය ගැටළු එහිදී නිරාකරණය කොටගෙන බෝධි අංකුරයක් තවත් රටකට ගෙනයන්නේ කෙසේ දැයි දන්නා කෙනෙක් පහදා දෙන්න. (ර)

:       0       0

විමල් බණ්ඩාර පැරිස් Sunday, 15 November 2015 06:00 PM

තෙරුවන් සරණයි ඔබ වහන්සේට! (නි)

:       0       0

මහන්ද Sunday, 15 November 2015 11:00 AM

නාපොලියේ ඉන්න සියලුම ලාංකිකයන්ට නාපොලි විහාරය මගින් සිදුවන මෙහෙය ඉතාම විශිෂ්ටයි පනංගල වජිරඥාන හිමියන්ට යෝධ බල වීර්ය ලැබේවා (බ)

:       0       0

ගුණසිරි Sunday, 15 November 2015 12:28 PM

සාදු ,සාදු, සාදු (බ)

:       0       0

අනුශ්ක Wednesday, 18 November 2015 02:45 AM

ඔබවහන්සේලා කරන උදාර මෙහෙය ගැන හරිම සතුටුයි (නි)

:       0       0

අමල් Monday, 16 November 2015 11:58 AM

හරිම ලස්සනයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 779 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 294 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1514 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 474 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site