පාකිස්තානය හරහා ඇෆ්ගනිස්තානයේ සිටින නේටෝ හමුදා සෙබළුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන යන ට්‍රක් රථ ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවට තලේබාන් සටන්කාමීහු ඊයේ (5) අනතුරු ඇඟවීමක් කළහ. තලේබාන් සටන්කාමීන් එම අනතුරු ඇඟවීම කළේ පාකිස්තානය හරහා දේශසීමාව ඔස්සේ ඇෆ්ගනිස්තානයට දිවෙන නේටෝ සැපැයුම් මාර්ග යළි විවෘත කිරීමට පාකිස්තාන රජය පෙරේදා (4) කැමැත්ත පළ කිරීමත් සමඟය. ”පාකිස්තානයේ කොතැනකින් හෝ ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදාවලට භාණ්ඩ ප්‍රවාහනය කරනවා නම් අප එම ට්‍රක් රථවලට පහර දෙනවා. ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකාව ප්රමුඛ නේටෝවට පාකිස්තානය හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන්න අප කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ” යැයි තලේබාන් සටන්කාමීන් රොයිටර්ස් පුවත් සේවයට ඊ මේල් පණිවුඩයක් එවමින් එම අනතුරු අගවා තිබේ සැපැයුම් මාර්ග වසා දැමීමට පාකිස්තාන රජය තීරණය කිරීමට පෙරත් අවස්ථා ගණනාවකදී තලේබාන් සටන්කාමීහු භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථවලට පහර දී විනාශ කළහ. සැපැයුම් මාර්ග වසා දැමීමට පාකිස්තාන රජය තීරණය කළේ මීට මාස 8 කට පමණ පෙර සිදුවූ සිදුවීමක් මුල්කොට ගනිමිනි. එම සිදුවීම වන්නේ ඉකුත් නොවැම්බර් මාසයේදී ඇමෙරිකා සහ නේටෝ හමුදා ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ මුරපොළක සිටි පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු ඝාතනය වීමයි. ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව ගෙන යන සටනේදී ඇමෙරිකන් සෙබළුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය ඇෆ්ගනිස්තානයට ගෙන යන්නේ පාකිස්තානයේ කරච්චි නුවර සිට පාකිස්තාන දේශසීමා හරහාය. එම නිසා එම සැපැයුම් මාර්ග විවෘත කිරීම ඉතා වැදගත් වේ. එම සැපැයුම් මාර්ග පවත්වාගෙන යෑම වෙනුවෙන් ඇමෙරිකා රජය පාකිස්තාන රජයට මුදල් ආධාර ලබා දෙයි. එහෙත් සැපැයුම් මාර්ග වසා දැමීමෙන් පසු එම ආධාර සීමා කිරීමට ද ඇමෙරිකා රජය පියවර ගත්තේය. ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර ඇයිහොඳයිකම් දිනෙන් දින පළුඳු වීමත් සමඟ පාකිස්තානයේ සිටින ඇමෙරිකා තානාපති නිලධාරීන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් නිරන්තරයෙන් පාකිස්තාන ජනතාවගේත් රාජ්‍ය නිලධාරීන්ගේත් කෙණෙහිලිකම්වලට ලක් වූ බවය පැමිණිලි එල්ල වන්නට විය.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නේටෝ භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථවලට පහර දෙනවා
නිෂාඩ් Monday, 09 July 2012 09:48 AM
ඇමරිකාව කාගෙන් හරි කොහෙන් හරි පාඩමක් ඉගෙන ගනී ඔහොම ගිහින්