IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නේටෝ ප‍්‍රහාරයෙන් ඇෆ්ගන් සිවිල් වැසියෝ 18 ක් මියයති

ඇෆ්ගනිස්තානයේ ලොගාර් පළාතේ ගම්මානයක සැගවී සිටි තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් නේටෝ හමුදා පෙරේදා (6) එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු සිවිල් වැසියෝ 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. නේටෝ ප‍්‍රහාරය එල්ල වූයේ කාබුල් නුවරට දකුණු දෙසින් පිහිටි ලෝගාර් ප‍්‍රාන්තයේ ගම්මනයකටය. ප‍්‍රහාරයෙන් කාන්තාවන් පස් දෙනකු සහ කුඩා දරුවන් හත් දෙනකු මියගිය බවත් ප‍්‍රාන්ත පොලිස්පති රේමස් ඛාන් සදීක් පවසයි. ප‍්‍රහාරය එල්ල වූයේ ලෝගාර් ප‍්‍රාන්තයේ සෝදිසි මෙහෙයුම්වල නියැළි නේටෝ හමුදා සෙබළුන් කණ්ඩායමකට සටන්කාමීන් අත් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව යැයි නේටෝ හමුදාව පවසයි. ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ ප‍්‍රහාරයෙන් තලේබාන් සටන්කාමීන් හත් දෙනකු ද ජීවිතක්ෂයට පත් වූ බවය. සිවිල් වැසියන් ඝාතනය වූ බව නේටෝව පිළිගෙන නැත. ජෙට් යානා යොදා ගනිමින් නිවැරදි ඉලක්කයට ගුවන් ප‍්‍රහාරය එල්ල කළ බවටත් තලේබාන් සටන්කාමීන් පමණක් එයින් ජීවිතක්ෂයට පත් වූ බවටත් නේටෝ හමුදාව සහතික වෙයි. සිවිල් වැසියන් ඝාතනයට විරෝධය පළ කරමින් ඊයේ (7) කාබුල් නුවර විරෝධතා රැළියක් පැවැත්වුණු අතර ඇෆ්ගන් වැසියෝ දහස් ගණනක් ඊට සහභාගී වූහ. ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සයි නේටෝ සහ ඇමෙරිකා හමුදා ‘හුරතල් කරනවා’ යැයි විරෝධතාකරුවෝ චෝදනා කරන්න වූහ. මීට පෙර කිහිපයකදී ද නේටෝ ගුවන් ප‍්‍රහාරවලින් ඇෆ්ගන් සිවිල් වැසියන් ඝාතනය වී ඇති අතර, ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගෙන් ඇමෙරිකාවට දෝෂාරෝපණ එල්ල වී ඇත. ලෝගාර් ප‍්‍රාන්තයේ ගම්මානයට එල්ල වූ ගුවන් ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් ද ජනපති කර්සායි ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝවට දොස් පවරා තිබේ. ඉන්දීය සංචාරය අවසන් කර ඊයේ ඇෆ්ගනිස්තානයට පැමිණි ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පැවැසුවේ සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට තමන් ද කටයුතු කරන බවය. ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිට වීමට සූදානමින් සිටින්නේ 2014 වසරේදීය. ඔවුන් එසේ කරන්නේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව ඇෆ්ගන් ආරක්ෂක අංශ වෙත පැවැරීමෙන් පසුවය.



අදහස් (0)

නේටෝ ප‍්‍රහාරයෙන් ඇෆ්ගන් සිවිල් වැසියෝ 18 ක් මියයති

කෝලිත Saturday, 09 June 2012 12:02 PM

නේටෝ වල කිසි ප්‍රශ්නයක් නෑ

:       0       0

ලක්ෂාන් Saturday, 09 June 2012 12:22 PM

හෙණ ගහන අපරාධ.මේවා කිසි කෙනෙකුට පේන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 263 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 99 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 227 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 151 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1497 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 444 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site