IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දුව පණ පිටින් වළදමන්න බැරිවේ

තම දියණිය පණ පිටින් වළ දැමීමට උත්සාහ කරමින් සිටි පියෙකු අත්අඩංගුවට ගැනීමට උතුරු ඉන්දියාවේ ත්‍රිපුර ප‍්‍රදේශයේ පොලිසිය කටයුතු කළේය.

ඔත්තුවක් අනුව අදාළ පුද්ගලයාගේ නිවස වෙත පොලිසිය පැමිණි අවස්ථාවේ ඔහු තම දියණිය කරවටක් දක්වාම පොළවේ වළ දමා තිබුණි.අසල්වාසීන්ද ඒ වන විට එතැනට රැස්ව සිටි අතර ඔවුහු සැකකාර පියාට හොඳ හැටි ගුටි ඇන තිබුණහ.

දැරියගේ මව නිවසේ නොමැති අවස්ථාවක් බලා මොහු ඇයව වළදැමිමට පටන්ගෙන තිබෙන බවත් නොසිතූ පරිදි මව නිවසට පැමිණීම නිසා කරවටක් දක්වා වළදමා තිබූ තම දියණියගේ හිස කුල්ලකින් ආවරණය කර තැබීමට කටයුතු කර ඇති බවත් පොලිසිය කියයි.

දැරියගේ මව පවසන ආකාරයට පුතෙකු පතා සිටි තම සැමියා දියණියක ලැබීම නිසා සිට ඇත්තේ අසතුටිනි.තමන්ට නම් පුතෙකු හෝ දියණියක ය කියා ගණනක් නැති වුවත් ඔහුට නම් කිසිසේත්ම එය එසේ නොවුණ බව ඇය කියයි.

තුවාල ලබා සිටි දැරිය රෝහල් ගත කෙරුණු අතර ඇය දැන් සිටින්නේ තම මව හා මවගේ ඥාතීන් සමගය.

සිරගත කර සිටින සැකකාර පියා ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන්දියාවේ බොහෝ අඩු ආදායම්ලාභි පවුල් ගැහැණු දරුවන් පවුලට තවත් බරක් ලෙස සළකයි.ඔවුන් විවාහ කර දීමේදී දායාද දීමට සිදුවීමද , ඔවුන්ගෙන් පසු පවුලේ නම ගෙනයන්නට කෙනෙක් ඉතිරි නොවීමද මේ පසුපස ඇති ප‍්‍රධාන හේතූන්ය.

මෙනිසාවෙන්ම බොහෝ පවුල් තමන්ට ගැහැණු දරුවෙකු ලැබෙන්නට සිටී යැයි ගර්භණී අවස්ථාවේම දැනගතහොත් දරු ගැබ විනාශ කර ගනී.

මේ තත්ත්වය ඉන්දියාවේ ගැහැණු පිරිමි අනුපාතය ගැහැණු 943 කට පිරිමි 1000 ක් දක්වා පහත හෙළීමට සමත්ව තිබේ.

ඉන්දියා රජය තත්ත්වය සමනය කිරීමට පියවර ගනිමින් සිටින අතර බේටි බාචෝ,බේටි පාදා ඕ (දැරියන් රැකගන්න,දැරියන් හට අධ්‍යාපනය ලබාදෙන්න)  යැයි විශේෂ වැඩසටහනක්ද දියත් කර ඇත.

 

252B0BD100000578-0-An_Indian_father_has_been_arrested_for_attempted_murder_after_tr-a-3_1422547366176 252B0BDC00000578-0-image-a-6_1422547396839

 



අදහස් (0)

දුව පණ පිටින් වළදමන්න බැරිවේ

සාමා Friday, 30 January 2015 09:39 AM

ඉන්දියාවේ අය තාමත් ඉන්නේ ගල් යුගයේ .ඉන්දියාවේ සමහර පැති වලින් දියුණු වුණත් මේ වගේ ඒවා හරියට තියෙනවා. (දිල්)

:       0       0

පැතුම් Sunday, 01 February 2015 03:20 AM

ඉන්දියන් අය කියන්නේ මහ මෝඩ මත (නදී)

:       0       0

ජයනි Friday, 30 January 2015 10:21 AM

මගේ ඥාති නංගි කෙනෙක් ඉන්නවා දරුවන් නැති නිසා මානසිකව හොඳටම වැටිලා. අන්තිමේ රැකියාවෙනුත් අයින් වුනා . උත්සවයකට තියා වැඩිය මිනිස්සු ගැවසෙන තැන් වලට වත් යන්නේ නැහැ හැමෝම දරුවන් ගැන අහනවා කියලා. ඒකට මේ මිනිස්සු ලැබෙන දරුවන් වළලනවා. (බ)

:       0       0

ජයත් Friday, 30 January 2015 10:35 AM

ඉන්දියාව මොනතරම් දියුණු උනත්, මේ වගේ පටු ආකල්ප, දෑවැදි,කුල ආදී දේවල් තවමත් මිනිස්සුන්ගේ හිත් වල තියනවා. කවදා ඕවා නැතිවේද මන්දා. මොනවා උනත් මේ දියණිය වාසනා වන්තයි. අපේ සුබ පැතුම් දියණියනි ඔබට (නදී)

:       0       0

හර්ෂණ Saturday, 31 January 2015 12:05 PM

මේ වගේ අසරණ මල් වගේ දරුවන්ගේ වටිනාකම දන්නේ නැති මිනිසුන්ට නම් හොඳක් වෙන්න එපා (නි)

:       0       0

තිලක් Friday, 30 January 2015 11:06 AM

සාමා ඉන්දියාව භෞතික සම්පත් වලින් දියුණු උනාට සංස්කෘතික වශයෙන් ඉතා පසුගාමී ජනතාවක් ඉන්න රටක්. එරට දියුණුම නගරයක් ලෙස සැලකෙන බැංගලෝරයේ පාර අයිනේ හිටගෙන මුත්‍රා කරන කාන්තාවෝ මම දැක්කා. එළුවෝ කුකුලෝ වගේ සත්තු තුරුල් කරන් කෝච්චි වල හිරවෙලා යනවා මම දැක්කා. (නදී)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Saturday, 31 January 2015 05:53 PM

ඉන්දියාව දියුණු රටක් කියල සමහරුන් කියනවා. ම මනම් කියන්නේ ඉන්දියාව තමයි ලෝකයේ නොදියුණුම රට කියා. අපේ රටට දියණු වෙන්න වල කපපු කුලමල භේදය, උස් පහත් භේදය, අන්ධ භක්තිය වැපුරුවේ ඉන්දියාවයි. කොටින්ම කියනවා නම් ලොවම පිළිගන්න මහත්මා ඝාන්ධි තුමා පවා හරිජනයන් වෙනුවෙන් හඬ නැගු ශ්‍රීමත් අම්බෙට්කාර් තුමාගේ දර්ශනයට විරුද්ධ කම් පාමින් ඒවා ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්න නොහෙකිය කීවා. නමුත් කෙසේ හෝ අවසානයේ එතුමාගේ දර්ශනය ඝාන්දිට පිළිගන්න සිද්ද වුනා. ඒ උනත් තවමත් හරිජනයින් තලා පෙලා දමන ගතිය එරටින් තුරන් වෙලා නැහැ (නදී)

:       0       0

හේවාවිතාරණ Saturday, 31 January 2015 06:49 PM

ඔය එකක්, මෙවැනි දේවල් ඉන්දියාවේ දහස් ගණනින් සිදු වෙන්නේ. (ර)

:       0       0

හේවාවිතාරණ Saturday, 31 January 2015 07:08 PM

සැම්ගේ, අදහස මම අනුමත කරමි. (ර)

:       0       0

අසෝකා Saturday, 31 January 2015 07:09 PM

අපි ඉන්දියාව ගැන කතාකරනවා, පහුගිය දවස්වල ලංකාවේ දරුවන්ට සිදුවුණු දේවල් අමතක උනාද? (ර)

:       0       0

අසෝක Monday, 02 February 2015 10:23 AM

අපේ රටේ හිටපු ආරක්ෂක ලේකම් කෙනෙකුත් මිනිස්සුන්ට ඔහොම වැඩ කළා (නදී)

:       0       0

මොනිකා Sunday, 01 February 2015 09:38 AM

මේ වගේ දේවල් අහන්න දකින්න අපිත් පව් කරලා (නදී)

:       0       0

රාලහාමි Friday, 30 January 2015 02:03 PM

අනේ දුවේ ඔය වගේ දෙමාපියන් ළඟ ඉපදෙන්න ඔයත් ගිය ආත්මේ ලොකු පවක් කරන්න ඇති. නමුත් යම් පිනක් කර ඇති නිසා ජීවත්වෙන්න වාසනාව ලබන්නත් ඇති. ඔබේ අනාගතය දුකින් තොර වාසනාවන්ත එකක් වේවායි පතමි. (නදී)

:       0       0

සලීත් Sunday, 01 February 2015 10:17 AM

රාලහාමි ගේ අදහසට මමත් එකඟයි (නදී)

:       0       0

භානු Friday, 30 January 2015 06:08 AM

දරුවන් නැති උදවිය දහස් ගණනක් ඒ වෙනුවෙන් දුක් වෙද්දී . මෙහෙම අයවලුන්ට දරුවන් වලලන්නත් එක්ක හම්බ වෙනවා. පුදුම ලෝකයක් තමයි. (දිල්)

:       0       0

සෆ්රන් Friday, 30 January 2015 07:19 AM

පිස්සන් කොටුවට යවන්න ඕනි මේවා මානසික ලෙඩ (නදී)

:       0       0

සෆ්රන් Friday, 30 January 2015 07:20 AM

පිස්සන් කොටුවට යවන්න ඕනි මේවා මානසික ලෙඩක් (නදී)

:       0       0

සෆ්රන් Friday, 30 January 2015 07:20 AM

තමන්ගේ දරුවන්ට මෙවැනි දේ කරනන් පුළුවන් පියවරු ඉන්නවද (දිල්)

:       0       0

සෆ්රන් Friday, 30 January 2015 07:20 AM

පිස්සන් කොටුවට යවන්න ඕනි මේවා මානසික ලෙඩ(දිල්)

:       0       0

ටැරන්ස් Saturday, 31 January 2015 08:04 AM

අනේ මෙහෙමත් තාත්තා කෙනෙක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 235 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 558 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4072 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 426 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2586 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 76 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site