IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දවස් 30 කින් ඉල්ලා අස්වෙනවා: යේමන ජනපතිගෙන් පොරොන්දුවක්

වසර 33 ක තම පාලනය අවසන් කරමින් දින 30 ඇතුළතදී ධුරයෙන් ඉල්ලා අස්වන බව යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ පවසයි. ජනාධිපති සාලේ එම තීරණයට එළැඹුණේ පෙරේදා (23)  ගල්ෆ් රටවල නායකයන්ගෙන් සමන්විත ‘ගල්ෆ් සහයෝගීතා මණ්ඩලය’ සමඟ සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමෙන් අනතුරුවය. එම සාකච්ඡා පැවැත්වූයේ සෞදි අරාබියේ රියාද් නුවර සෞදි රජ මාලිගාවේදීය. ඒ, සෞදි රජු අබ්දුල්ලාගේ අනුග‍්‍රහයෙනි. ජනාධිපති සාලේ ඔහුගේ දෙවැනියා වන අබ්ද් රාබූ මන්සූර් හාඞී ට බලය පවරා දී ඉවත් වීමට එහිදී එකඟ වූයේය. කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවටත් නව ජනපතිවරයකු පත් කර ගන්නා තෙක් බලතල කිසිවක් පාවිච්චි නොකොට ධුරයේ රැඳී සිටීමටත් ජනාධිපති සාලේ එකඟ වූයේය. යේමනයට නව සන්ධාන රජයක් පිහිටුවීමට තමාගේ පූර්ණ සහාය ලබා දෙන බව ද සාලේ වැඩි දුරටත් පවසා ඇත. එල්ල වී ඇති සියලූ වැරදිවලින් සාලෙ නිදොස් කිරීමටත් ඔහුට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු නොකිරීමටත් නව පාලන තත්ත‍්‍රය ඒකඟවී ඇත. යේමනයේ විරෝධතා හට ගත්තේ ද ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ විරෝධතා රැල්ල ආරම්භ වූ අවස්ථාවේදීය. මාස 10 ක් තිස්සේ යේමන විපක්ෂ කණ්ඩායම් සහ ගෝති‍්‍රක කණ්ඩායම් එක්වී රට පුරා දැවැන්ත විරෝධතා පැවැත්වූ අතර ජනාධිපති සාලේ එම විරෝධතා මර්දනය කළේ පොලිස් සහ හමුදා බලය යොදවමින්ය. එහිදී විරෝධතාකරුවෝ යේමනයේ ආයුධ සන්නද්ධ ගෝති‍්‍රක සටන්කාමීන්ගේ සහය ලබා ගත්හ. දෙපිරිස අතර අවස්ථා ගණනාවකදී දරුණු ගැටුම් හටගත් අතර දේශපාලන විචාරකයන් පැවැසුවේ යේමනයේ සිවිල් යුද්ධයක් හටගෙන ඇති බවය. එක් අවස්ථාවකදී ගෝති‍්‍රක සටන්කාමීන් එල්ල කළ රොකට් ප‍්‍රහාරයකින් ජනාධිපති සාලේ තුවාල ලැබුවේය. යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් මර්දනය කිරීමට ඇමෙරිකාවට ජනාධිපති සාලේ ප‍්‍රමුඛ යේමන රජයේ සහාය නොඅඩුව ලැබුණි. යේමන අල් කයිඩාවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ඇමෙරිකා හමුදා අතින් ඝාතනය වීමත් සමඟ යේමන අල් කයිඩා සංවිධානය දුර්වල විය. එම අවස්ථාවේ ඇමෙරිකා රජය ජනාධිපති සාලේ ට කියා සිටියේ විරෝධතාකරුවන්ගේ ඉල්ලීමට ඉඩ දී ධුරයෙන් වහා ඉවත් ව යන ලෙසය. ලිබියාව හෝ සිරියාව හෝ මෙන් නොව යේමනය ඇමෙරිකා හිතවාදියකු වීම නිසා ජනාධිපති සාලේට ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට අත්වූ ඉරණමට මුහුණ දීමට සිදු නොවූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ජනපති සාලෙ (දකුණේ) සෞදි රජු හමු වෙමින්...  



අදහස් (0)

දවස් 30 කින් ඉල්ලා අස්වෙනවා: යේමන ජනපතිගෙන් පොරොන්දුවක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 57 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 265 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 3820 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 350 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2511 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 73 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site