IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ද්විපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට ඉන්දීය අගමැති රුසියාවේ සංචාරයක

ඉන්දීය අගමැති මන්මෝහන් සිං පෙරේදා රුසියාවේ සංචාරයක් ආරම්භ කළේය. ඒ දෙරට අතර මේ වසරේ හමුවීම් වල පළමු අවස්ථාව වශයෙනි.මෙම හමුවේදි ඉන්දීය අගමැතිවරයා රුසියානු ජනපති වැලැඩිමීර් පුටින් හමුවීමට නියමිත අතර එහිදි දෙරටේ ද්විපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට නියමිතය.

මොස්කව් බලා පිටත් වීමට පෙර ඉන්දීය අගමැති මන්මෝහන් සිං පැවසුවේ රුසියාවත් ඉන්දියාවත් අතර සම්බන්ධතාව ඉතා ශක්තිමත් එකක් වන බවය. ආරක්ෂාව,න්‍යෂ්ටික ශක්තීන්,විද්‍යාව හා තාක්ෂණය, හයිඩ්‍රෝ කාබන්,වෙළදාම හා ආයෝජන සහ ශ‍්‍රම සම්පත් හුවමාරු කර ගැනීම ආදි සෑම අංශයකින්ම ඉන්දියාවත් රුසියාවත් අතර ඇති සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට හේතු වන බවද ඔහු පැවසීය.

2000 වසරේ සිට ඉන්දියාවත් රුසියාවත් අතර මෙම හමුව වාර්ෂිකව සිදුවන අතර එය දෙරටෙහි සම්බන්ධතා වර්ධනය කරගැනීමට හැකි වූ බවත් එමගින් දෙරටටම විශේෂ වරප‍්‍රසාද හිමි වූ බවත් ඉන්දීය අගමැතිවරයා තවදුරටත් පවසා සිටියේය.

මෙම වාර්ෂික හමුව 14 වැනි වරට පැවත්වෙන අතර ඊයේ ඉන්දීය අගමැතිවරයා රුසියා ජනපති පූටින් හමුවීමට නියමිතව තිබුණි.එය ඉන්දීය අගමැතිවරයා මොස්කව්හිදි රුසියා ජනපති හමුවන පස්වන අවස්ථාව බවද පැවසේ.

මෙහිදි තවදුරටත් ඉන්දීය අගමැතිවරයා පැවසුවේ මෙම ද්විපාර්ශවික හමුවීමේ වැදගත්කම පිළිබදව තමන් රුසියානු ජනපතිවරයාට දන්වන බවත් මෙම අවස්ථාව සෑම අතින් දෙරටේ සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට යොදගන්නා බවය.

එසේම ඉන්දියාවත් රුසියාවත්, ලෝක අර්බුද වලදි මෙන්ම කලාපීය අර්බුද වලදි සහයෝගයෙන් කටයුතු කළ බවත් ඉන්දියාව සෑම විටම රුසියාව ලෝකයේ සහයෝගීතාව, සංවර්ධනය සහ අන්‍යෝන්‍ය සම්බන්ධය වර්ධනය කරගැනීමට ගන්නා කි‍්‍රයාමාර්ගයන් අගය කරන බවද ඉන්දීය අගමැතිවරයා පවසා සිටියේය.

රුසියාව සමග ලෝක සංවර්ධනය ගැන පුළුල්ව සාකාච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් එසේම ඉන්දියාව ආසන්නයේ පිහිටි බටහිර ආසියානු කලාපයේ හා ඇෆ්ගනිස්තානයේ අර්බුදකාරී තත්වයන් පිළිබදවද සාකාච්ඡා කරන බව ඉන්දීය අගමැතිවරයා තවදුරටත් පවසා සිටියේය.

මෙම සාකච්ඡුා වලින් පසුව ඊයේ (21) රුසියා ජනපති හා ඉන්දීය අගමැතිවරයා දිවා ආහාරයකට සහභාගී වීමට නියමිතව තිබූ අතර  අනතුරුව ජාත්‍යන්තර සබදතා පිළිබද මොස්කව් රාජ්‍ය ආයතනය විසින් ඉන්දීය අගමැතිවරයාට ගෞරව ආචාර්ය ය උපාධියක් පිරිනැමීමටද නියමිතව තිබුණි.


 

රුසියානු නියෝජිතයන් ඉන්දීය අගමැති පිළිගනිමින්

 



අදහස් (0)

ද්විපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට ඉන්දීය අගමැති රුසියාවේ සංචාරයක

ගුණේ Tuesday, 22 October 2013 08:43 PM

ඔබාමා ඇවිත් ගියාට පසු ඇමරිකන් පන්දම අරගෙන රුසියාවට වැඩියා. හේතුව සිරියාවට ඇමරිකාවෙන් ආපු තර්ජනය පුස් කරපු රුසියාවේ ශයක්තිය දැකපු නිසා. (නදී)

:       0       0

දයා අලහකෝන් Tuesday, 22 October 2013 03:14 PM

ඔය ගමන්ම යමින් ගමන ලංකාවට ඇවිත් යන්න.ලලිතාට කින්න ඕන නැහැ. (ස)

:       0       0

නන්ද Tuesday, 22 October 2013 11:21 AM

අපේ රට ගැන රුසියාවෙන් අහගන්න .. ජයලලිතාට නැමෙන්නේ නැතුව. (ස)

:       0       0

කුමාර් Tuesday, 22 October 2013 04:37 PM

දැන් නැවත රුසියාව පසුපස්සේ යනවා. මුලදී රුසියාව පසුව ඇමෙරිකාව. ආර්ථිකය ගොඩ එනකොට නැවතත් රුසියාව. (නි)

:       0       0

ලෝලි Tuesday, 22 October 2013 10:51 PM

ඉන්දියාව අපට ලංගම සිටින සතුරෙකි . එහෙත් අපට ඔහුගෙන් ගැලවිමක් නොමැත . ලංකාවේ සියයට 99 කම ඉන්දියානු ආක්‍රමණයට ගොදුරුවී හමාරය . අද බොහෝ සිංහලයන් අඳින්නේ පලදින්නේ කන්නේ බොන්නේ නටන්නේ ඇඳුම පැලදුම ඔවුන් අනුකරණය . වාහන මෝටර් සයිකල හෝටෙල්ස් පෙට්රෝල් ගබඩා සියල්ල ඔවුන්ගේය .(ස)

:       0       0

කාමෙල් Tuesday, 22 October 2013 12:20 PM

එහෙත් වඩේ පොසිල තියනවද බලනවද ඇති නිජබිම් හොයන්න. බලාගෙන රුසියාවෝ... (ස)

:       0       0

රණා Tuesday, 22 October 2013 05:35 PM

ලංකාව ගැන ඇමරිකාවේ පණිවුඩයක්වත් අරගෙන ගියාද? (නි)

:       0       0

යු. එස්. ඒ Tuesday, 22 October 2013 06:42 PM

ඉස්සර නේරු සහ ඉන්දිරා ගාන්ධි සිටිනා කාලයේ ඉන්දියාවේ පළමු හිතවතා වුයේ රුසියාව (සෝවියට් දේශය ) පසුව ඉන්දියාව එය අතහැර ඇමරිකාව දෙසට රට ගෙන ගියා. දැන් ඉන්දියාව නටන්නේ ඇමරිකාව කියනා ආකාරයට. දැන් නැවත රුසියාව පැත්තට යන්නට සැරසෙන්නේ මොකක් හෝ අලුත් අදහසක් ඇතිවයි. එහෙත් එය ඉන්දියාවට වාසිදායක ලෙස දෙයක් වනවා නොඅනුමානය (නි)

:       0       0

ලාල් Tuesday, 22 October 2013 02:09 PM

ජයලලිතාගෙන් අහලද ගියේ? අවසර දුන්නද? (නි)

:       0       0

වේලුසාමි Tuesday, 22 October 2013 10:08 AM

වඩේ වඩේ වඩේ... (නදී)

:       0       0

වේලුසාමි Tuesday, 22 October 2013 10:11 AM

තවද මෙම සංචාරයේ අරමුණක් වනුයේ බීබීසී‘ය මගින් පෙන්වා දුන් සෑම පාරේ මලපහ කරන ඉන්දියානුවන්ට වැසිකිලියක් සාදා ගැනීමට ආධාර ගැනීමටයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 274 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 603 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4107 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 453 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2603 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 79 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site