මීට වසර තුනකට පෙර සෞදි අරාබියේ රියාද් නගරයේ විශාල පරිමාණයේ වෙළද ආයතනයක රැකියාවකට පැමිණ රෝගී තත්වයකින් අසාධ්‍යව රෝහල් ගතකිරීමෙන් අනතුරුව මියගිය ශ්‍රී ලාංකික තරුණයෙකු වෙනුවෙන් වෙළද ආයතනය විසින් පසුගියදා සෞදි රියාල් 50.000 ක් චෙක්පත ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් හුසේන් මහතාට බාර දුන්නේය.
මෙලෙස මරණයට පත්වුයේ අලුත්ගම දර්ගා නගරයේ පදිංචිව සිට මිට වසර තුනකට පෙර සෞදි අරාබියේ රියාද් නගරයේ නෙස්ටෝ සුපිරි වෙළද සංකීර්ණයේ රැකියාවක් සදහා පැමිණි මොහොමඩ් අර්ශාඩ් නමැති (31) හැවිරිදි එක් දරු පියෙකි .
මෙම තරුණයා මෙහි පැමිණ ඇත්තේ තම එකම දියණිය වෙනුවෙන් නිවසක් තනාදීම සදහා බවත් මොහොමඩ් අර්ෂාඩ් නම් මෙම තරුණයා හට මිට ටික කලක සිට බරපතල රෝගයකට ලක්ව රියාද් වෙසෙන ශ්‍රී ලාංකික සමාජ සේවයකු වන අබ්දුල් කාදර් මහතාගේ සම්බධිකරණය සහ සහයෝගය මත රියාද් මුබාරක් රෝහල වෙතත් අනතුරුව ඔබෙයිදා රෝහල වෙතත් වැඩි දුර ප්‍රතිකාර සදහා රියාද් ජාතික රෝහල වෙතත් මාරු අර යවා ඇති නමුත් එහිදී මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටින විටය.
තරුණයාගේ මරණය පිලිබදව කරුණු සොයා බැලූ නෙස්ටෝ සුපිරි වෙළද සංකීර්ණයේ ව්‍යපාර සංවර්ධන අධ්යක්ෂ ඉන්දීය කේරල ජාතික අබ්දුල් නාසර් මහතා සහ එහි එහි අධ්යක්ෂ මණ්ඩලයේ තීරණයකට අනුව මියගිය අර්ෂාඩ් මහතාගේ එකම දියණිය සදහාවූ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට ඔහුගේ බිරිද වන ෆාතිමා අනිසා වෙත රියාල් 50.000 (රුපියල් 17.50.000) පරික්ෂණ කළේය.
නෙස්ටෝ හිමිකරු මොහොමඩ් නිලොෆර්,සහ ශ්‍රී ලාංකික සමාජ සේවකයකු වන පානදුර ඇතුල්ගම අබ්දුල් කාදර් මහතාද මෙහි වෙති.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දුවගේ සිහින සැබෑවේ
අඔක්ස් Monday, 25 May 2015 05:01 AM
අපේ එකෙක් මලත් අපේ එකෙක් උදව් කරන්නේ නැහැ. පෙන්නේ නැද්ද මහින්ද ඉන්න කාලේ මහින්ද කරපු දේවල් (ම)
නෙලී Monday, 25 May 2015 05:13 AM
ඔක්කොම එකම ජාතියේ අය නිසා හරි. වෙන ජාතියක කෙනෙක් නම් මොකද කරන්නෙ? (නදී)
සෙනරත් Monday, 01 June 2015 01:54 AM
හොඳ වැඩක්. අසනීපයෙන්, අමාරුවෙන් ඉන්න වෙලාවට පිහිටවෙන එක දේව ගතියක්. විදේශයකදී, භාෂාව දන්නේ නැති රටක, මිනිස්සු හැටියට, අපි අනිත් උදව් අවශ්‍ය අයට පිහිටවෙන්න ඕනෑ. එහෙම පිහිටවෙලා අමාරු අවස්ථාව මඟහැරුනම, අපිට එයින් ලැබෙන සතුට මුළු ජීවිත කාලයටම මතක හිටිනවා. ඒක කොපමණ වටිනවද? (නි)
හලීම් Monday, 25 May 2015 12:32 PM
හොද දෙයක් කරලා තියෙන එකේ අපි ඒ දේවල් අගයන්න ඕන. අර ඔක්කොම එකම ජාතියේ කියල ජාති වාදය ඇවිස්සපු අයට මම කියන්න කැමති දෙයක් තියෙනවා. පිට රටක වැඩ කරන අපි ළඟ ඔය වගේ ජාතිවාද නැහැ. සිංහල හෝ වේවා මුස්ලිම් හෝ වේවා දමිල හෝ වේවා. අපි හිතන්නේ මෙහෙ ඉන්න හැමෝම ශ්‍රි ලාංකිකයෝ විදිහට. එකම සහෝදර කොටසක් විදිහට. අපි කරපු හැම දේම පත්තර වල පල නොවුනට සහෝදරයන් විදිහට අපගේ සිංහල ජනතාවට අපි අපමණ උදව් කරලා තියෙනවා. ඒ හැම දේම මෙහි ලියන්න ඉඩ මදි. එක වරක් හෝ පිට රට රැකියාවට ඇවිත් ඒ අත්දැකිම විඳගන්න. (අ)
කමල් හසන් Monday, 25 May 2015 12:43 PM
පිටබැද්දර කට ඇරියොත් කියන්නේ ගඳගහන කියමනක් (නි)
ලලිත් Sunday, 24 May 2015 06:17 PM
මෙවැනි ව්‍යසනයකදී සෞදි අරාබියේ වෙසෙන කිසිවෙකුත් ජාතියක් ජම්මයක් කුලයක් මලයක් බලන්නේ නැහැ පිටබැද්දර සහෝදරයා.මේවා අපේ රටට හොද ආදර්ශයක්. (නි)
මාලි Sunday, 24 May 2015 06:17 PM
මොන ජාතියක් කලත් අනිත් ජාතිනුත් ආදර්ශයට ගත යුතු හොඳ දෙයක් නේද (නදී)
දයා අලහකෝන් Sunday, 24 May 2015 10:10 AM
හොඳ මහත්තුරු කොටසක්. මෙවැනි මරණවලදී සමහරක් ආයතන තියනවා රක්ෂණ වන්දිවත් නොගෙවන කොටසක් (බ)
ප්‍රියානි Sunday, 24 May 2015 10:11 PM
හොඳ වැඩක්. හොඳ මහත්මයෙක් (නි)
චාන්දනී Monday, 25 May 2015 01:53 PM
හොඳ වැඩකට හොඳයි කියන්න ඕනෑ. තාත්තා කෙනෙකුගේ අඩුව මකන්න බැහැ. (නි)
පිටබැද්දර ජයා Sunday, 24 May 2015 11:44 AM
මට ජාතිවාදී ලේබලේනම් ගහන්න එපා ඔන්න , මෙතන ඔක්කොම එකම ජාතියක් නිසා මේක එ් තරම් ලොකු දෙයක් නැහැ , හැබැයි වෙන ජාතියක කෙනෙකුට මේ වගේ දෙයක් කළානම් අපිට තිබුන ඇත්තටම හිතන්න (බ)
සනත් ඉන්දික Monday, 25 May 2015 03:09 PM
පිටබැද්දර, ටිකක් ඔලුවෙන් හිටගන්න. ඔයාගේ අවයව හරියට නියම තැන්වල පිහිටන්න වාඩිවෙනකොට කල්පනාවෙන් වාඩිවෙන්න (නි)
ජයන්ත Monday, 25 May 2015 04:04 PM
මොනවා වුණත් කළගුණ දන්නා මනුෂ්‍යයෙක් (නි)
අලහකෝන් Monday, 25 May 2015 03:02 AM
හොඳ දෙයක්නම් එක වුණේ ජාති දෙකක් අතරද එකම ජාතියක් අතරද කියන එක ප්‍රශ්නයක්ද. ජාතිවාදය සියලු දේට ගාගන්න එපා. (ම)
නිෂාද් Monday, 25 May 2015 03:43 AM
බොහොම සතුටුදායක පුවතක් ගොඩක් දෙනෙක් පිටරට රැකියාවකට යන්නේ තම පවුලේ අයගේ දියුණුව ගැන හිතලයි. සමහර අයට නොසිතු කරදරවලට මුහුණ දෙන්ටත් සිදුවෙනවා. එවැනි තත්වයක් යටතේ උනත් මේවගේ හොඳ ගුණ යහපත් හාම්පුතෙකු යටතේ සේවය කිරීමට ලැබීම නිසා ඒ මියගිය පියාණන්ගේ සිහිනය සබැ වුණා. මෙයට දායක වුණ සැමදෙනාටම බොහොම පින්. (ම)
දුමින්ද Sunday, 24 May 2015 01:32 PM
ඇත්තටම මෙන්න මිනිස්සු! (නි)
සෆ්රින් Sunday, 24 May 2015 02:07 PM
අර්ශාඩ් නමැති මගේ හිතවත් සහෝදරයා වෙනුවෙන් ඉදිරිපත් වී ඔහුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කිරීමේ සිට, මරණයෙන් පසු රක්ෂණ වන්දි ලබාගන්නා තෙක් සියලු වැඩකටයුතු තමන්ගේ කරටගෙන දිවා රාත්‍රී නොබලා සහයෝගය දැක්වූ රියාද් වෙසෙන ශ්‍රී ලාංකික සමාජ සේවයකු වන අබ්දුල් කාදර් මහතා ඇතුළු සියලුම ශ්‍රී ලාංකික සහෝදරයන්ට මගේ උත්තමාචාරය! (නි)