ඇමරිකා එක්සත් ජනපදයේ සින්සිනාටි සත්වෝද්‍යානයේදී සිව් හැවිරිදි දරුවකු බේරාගැනීමට ගෝරිල්ලකුට වෙඩි තබා මරා දැමීමට සිදුවූ බව විදෙස් පුවත් සේවා පවසයි.
එම දරුවා ගෝරිල්ලකු සිටි කූඩුවකට ඇද වැටීම හේතුවෙන් දරුවාගේ ආරක්ෂාව පතා ගෝරිල්ලාට වෙඩි තබා ඇතැයි කියති.
අඩි 10ක් පමණ උසැති ස්ථානයක සිට දරුවා ගෝරිල්ලා සිටි කූඩුව අසල දිය අගලකට වැටී ඇතැයිද ගෝරිල්ලා දරුවා ඇදගෙන කෙටි දුරක් ගමන් කර ඇතැයිද එරට මාධ්‍ය වාර්තා කරයි.
දරුවා ආරක්ෂා කර නොගැනීමට විරුද්ධව දරුවාගේ දෙමාපියන්ට එරෙහිව සින්සිනාටි පොලිසිය හා සත්වොද්‍යාන බලධාරීන් කටයුතු කිරීමට එරෙහිව 2000ක පමණ පිරිසක් පෙත්සමක් අත්සන් කර ඇතැයි කියති.
සින්සිනාටි පොලිසිය පැවසූයේ දරුවාගේ දෙමාපියන්ට එරෙහිව කටයුතු කර නැති බවයි.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දරුවා බේරන්න ගෝරිල්ලාට වෙඩි තබයි
අතුල Monday, 30 May 2016 12:01 PM
අසරණ සතා තමා අන්තිමට ජීවිතෙන් වන්දි ගෙව්වේ! මේ මිනිස්සුන්ට ළමයෙක් බලා ගන්නවත් බැරිද? කුඩුවක් හරියට හදාගන්න බැරිද?(ම)
කයාන් Tuesday, 31 May 2016 12:09 AM
කැලේ ඉන්න ඕන සතුන්ව ගෙනල්ලා කරන අපරාදයක්..! අර කිව්වත් වාගේ සිහි.නැති කරලා ළමයාව බේර ගන්න බැරි උනාද මොවුන්ට.?(රේ)
නිම්මි Wednesday, 01 June 2016 03:15 PM
අනේ මන්දා මොනවා කියන්නද කියලා? දෙමාපියන්ගේ වරද. එ්ත් ඉතින් බැරිවීමුත් වෙනවනේ. පව් ගෝරිල්ලා. (නි)
සම්පත් Tuesday, 31 May 2016 11:08 AM
නිවැරදි තීරණයක් (ම)
දිලූ Tuesday, 31 May 2016 02:01 AM
තමන්ගේ ළමයව බලාගන්න බැරි දෙමාපියන්ටයි වෙඩි තියන්න තිබුනේ. මේ සතා කරදරයක් කරලා නැහැනේ. අනික ඇයි නිර්වින්දනය කරලා බේරගන්න බැරි වුණේ? එහෙනම් දෙන්නම බේරෙනවනේ. කැලේ ඉන්න අහිංසක සත්තු කූඩු වල දාලා හිර කරලා මොකක්ද ලබන සතුට? දෙමාපියනුත් දැනගන්න ඕනෑ ඔයවගේ තැනකට දරුවෝ ගෙනියද්දි කල්පනාවෙන් ඉන්න. (නි)
අයේශ් Tuesday, 31 May 2016 02:27 AM
විජය හා කයාන්ට පිස්සුද? බෙහෙත් විදලා සිහි නැතිවෙනකොට වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි. (නි)
විජය Monday, 30 May 2016 01:44 PM
මීට කලිනුත් වෙන රටක මිනිහෙකුව බේරන්න සිංහයෝ දෙන්නෙකුට වෙඩි තියලා මරලා තිබුනා නේද.සත්තුන්ව මරන්නේ නැතුව සිහි නැතිවෙනන්න විතරක් දුර ඉදලා විදින්න පුළුවන් බෙහෙත් ඔය සත්වෝද්‍යාන වල නැත්ද අපේ රටේ තුවාල වුනු අලින්ට එහෙම බෙහෙත් දාලා වෙඩි තියලා අල්ලලා තුවාල වලට බෙහෙත් කරනවා කියල මම අහලා තියෙනවා. (බ)
ශාන් Tuesday, 31 May 2016 05:22 AM
මේක ළමයාගේ වෙලාවට පිට රටක උනේ අපේ රටේ උනානම් වෙන්නේ ගෝරිල්ල බෙර ගන්න ළමයට වෙඩි තියන එක උගත් දෙශපාලකයෝ ඉන්න එකම රට අපේ රට (කෞ)
ශාන් සෞදි Tuesday, 31 May 2016 05:34 AM
මේ සතාට මිනිසාට මෙන් යමක් අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙන නිසා නිර්විදන එන්නත් කළොත් ඒකෙන් දැනෙන වේදනාව නිසා දරුවාව මරණය පත් කරන්න ඉඩ තිබුන ක්ෂණිකව සතා අඩපන කරන්න නිර්වින්දන වලට බෑ ඒකයි නමුත් මෙවන් අවස්ථාවක මේ සත්ව කුඩුවට ඇතුල් කර ගන්න ක්‍රමවේදයක් තිබීම වැදගත් මොකද මේ දරුවා වැටුණු අවස්ථාවේ දරුවා ගැන සිතා මවත් පැන්න නම් මොකද වෙන්නේ එවන් අවස්ථා වලදී සත්ව අනෙක් පැත්තට ගැනීම හා කුඩුව කොටස් දෙකකට වෙන් කර ගැනීමට හා කොටස් දෙකටම වෙන වෙනම ඇතුල් විය හැකි පහසුකම් සහිත යාන්ත්‍රික ක්‍රම වේදයක් නිර්මාණය කල යුතුය (බ)
යසන්ත Wednesday, 01 June 2016 08:02 AM
පවු අහිංසක සතා!
උපාලි Tuesday, 31 May 2016 06:31 AM
මිනිස්සුන්ගේ වැරදි වලට අහිංසක සත්තු වන්දි ගෙවනවා. ඇමෙරිකාවෙත් එහෙමයි, මෙහෙත් එහෙමයි. (ම)
ඉන්දු Tuesday, 31 May 2016 07:05 AM
ගහ කොළ සතා සීපාවා අපේ බූදලය කියල හිතන අශිෂ්ඨාචාර ලෝකයට දැනටමත් ස්වභාවධර්මය පාඩම් උගන්වලා තියෙනවා, තේරුම් නොගත්තාට..(ම)
විජය Monday, 30 May 2016 04:12 PM
මම අදහස් දැම්මත් වැඩක් නැහැ. (බ)
කමනි Tuesday, 31 May 2016 07:45 AM
අනේ මෙහෙමත් කතා! දරුවකුගේ ජීවිතයට වඩා ගෝරිල්ලකුගේ ජීවිතය වටින්නේ කොහොමද? (ම)